- කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් රැඳවියන් 4 ක් පැනයයි
- ඇමති විජිත හේරත් අද ජිනීවා සැසිවාරය අමතයි
- මාස 06ක් තුල සිදු කළ මත්ද්‍රව්‍ය වැටලීම්වලදී රුපියල් මිලියන 318ක් පොලිස් භාරයට ගැනේ
- දැඩි නියගයෙන් රත්නපුරට සහ කළුතරට පානීය ජල අර්බුදයක
- දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ වැසි
- ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ අක්‍රමිකතා ගැන හර්ෂණ සූරියප්පෙරුමගෙන් ප්‍රකාශයක්
- යූ එස් ඒඩ් ආධාර නවතා දැමීමෙන් ජනතාව පීඩාවට
- භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අද
Author: Kesara Athipola
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ඉදිරිපත් වන බවත්, එහිදී නියත වශයෙන්ම ජයග්‍රහණය කරන බවත් එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. මේ අතර රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපතිවරණයට තරඟ කිරීම සඳහා පොහොට්ටුවේ ආශිර්වාදය නොලැබෙන තත්ත්වයක් මතුව ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පවසනවා. මේ අතර වර්තමාන ජනාධිපතිවරයාට පක්ෂය සහය නොදැක්වීමක කටයුතු කළහොත් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීම සඳහා සාර්තක අපේක්ෂකයන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ සිටින බව රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පවසනවා.
ජපානයේ පැතිර යමින් පවතින බැක්ටීරියා විශේෂයෙන් මෙරටට බලපෑමක් ඇති වේ යැයි අනියත බියක් ඇති කර නොගත යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.
කාන්තාවන්ට පිරිමින්ට හා සමාන අයිතිවාසිකම් ලබා දීමට කටයුතු කිරීම සඳහා බාධා කිරීමට අධිකරණයට, විධායකයට, ව්‍යවස්ථාදායකයට හෝ කිසිඳු ආයතනයකට නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මෙරට කාන්තාවන්ට පිරිමින්ට හා සමාන අයිතිවාසිකම් ලබාදීම රජයේ අරමුණ වන අතර ඒ සඳහා තමා කැපවී සිටින බවයි ඊයේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති වැඩසටහනකට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.
ස්පාඤ්ඤයේ පැවැත්වෙන ආරාධිත මලල ක්‍රීඩා තරගාවලියෙන් තරුෂි කරුණාරත්න හා කාලිංග කුමාර ජයග්‍රාහණ ලබා ගැනීමට සමත් වී තිබෙනවා. එහිදී කාන්තා මීටර් 600 ඉසව්වෙන් තරුෂි කරුණාරත්න දෙවන ස්ථානය හිමි කර ගැනීමටයි සමත්ව ඇත්තේ. එමෙන්ම, ආරාධිත මලල ක්‍රීඩා තරගාවලියේ දී කාලිංග කුමාරගේ පිරිමි මිටර් 400 ඉසව්වේ තෙවැනි ස්ථානය හිමිකර ගැනීමට සමත් වුණා.
2015 වසරේ සිට 2020 වසර දක්වා කාලය තුළ පුද්ගලයන් 58,304 දෙනෙකුට ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය ලබා දී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා. එමෙන්ම මෙම කාලය තුළ මෙරට ද්විත්ව පුරවැසිභාවය ලබා ගැනීම සඳහා පුද්ගලයන් 63,917 දෙනෙකු ඉදිරිපත්ව ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222