Author: Kesara Athipola

වසර 24කට පසු රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් උතුරු කොරියාවේ සංචාරයක් සඳහා පැමිණ තිබෙනවා. ඔහු පිළිගැනීම සඳහා උතුරු කොරියානු නායක කිම් ජොන් උන් පැමිණ සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අවසන් වරට 2000 වසරේදී උතුරු කොරියාවට පැමිණ තිබූ අතර, එම කාලය තුළ වර්තමනා උතුරු කොරියානු නායක කිම් ජොන් උන් ගේ පියා වන කිම් ජොන් ඉල් උතුරු කොරියානු නායකයාව සිට තිබෙනවා. මෙම සංචාරය අතරතුර නායකයන් දෙදෙනා පුළුල් උපායමාර්ගික හවුල්කාරිත්ව ගිවිසුමක් අත්සන් කිරීමටද නියමිත බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

තව කියවන්​න

පාර්ලිමේන්තුව අදත් පෙරවරු 09.30ට රැස් වුණා. ඒ අනුව පෙරවරු 09.30 සිට පෙරවරු 10.30 දක්වා කාලය මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කිරීමටයි කටයුතු කර ඇත්තේ. අනතුරුව පෙරවරු 10.30 සිට පස්වරු 05 දක්වා කැසිනෝ ව්‍යාපාර නියාමනය කිරීම පනත යටතේ ඇති රෙගුලාසි, කොළඹ වරාය ආර්ථික කොමිෂන් සභා පනත යටතේ ඇති නියෝග ඇතුළු නියෝග සහ නියමයන් කිහිපයක් පිළිබඳ විවාදය පැවත්වීමට නියමිතයි. මීට අමතරව 2024 අංක 01 දරන පරිපුරක ඇස්තමේන්තුව යටතේ යෝජනා සම්මතය අද දිනයේදී විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව ඊයේ තීරණය කළා.

තව කියවන්​න

2024 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුපිරි 08 දෙනාගේ වටයේ තරඟ අදින් ආරම්භ වනවා. ඒ අනුව පළමු තරඟය ලෙස අද සත්කාරක අමෙරිකානු කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම තරඟවැදීමට නියමිතයි. මෙම තරඟය මෙරට වේලාවෙන් අද රාත්‍රී 08 ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා. සුපිරි 8 දෙනාගේ වටයේදී කණ්ඩායම් හතර බැගින් වූ කාණ්ඩ දෙකක් යටතේ තරග පැවැත්වීමට නියමිතයි. මෙහිදී පළමු කාණ්ඩයට ඉන්දියාව, ඕස්ටේ‍රලියාව, ඇෆ්ඝනිස්ථානය සහ බංග්ලාදේශයද, දෙවැනි කාණ්ඩයට දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව්, එංගලන්තය සහ අමරිකාවද ඇතුළත්ව සිටිනවා. සුපිරි 8 දෙනාගේ වටයේදී සෑම කණ්ඩායමක්ම තමන් නියෝජනය කරන කාණ්ඩයේ සෙසු කණ්ඩායම්වලට එරෙහිව එක් වරක් බැගින් තරග වැදීමට නියමිතයි. සුපිරි 8 දෙනාගේ වටය අවසානයේ…

තව කියවන්​න

රටේ පැවති අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ආයුර්වේද උපාධිධාරීන්ගේ ඇනහිට තිබූ සීමාවාසික පුහුණුවීම් යළි ආරම්භ කළ බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසනවා. ඒ අනුව මාසයකට රුපියල් 67,500ක ගෙවීමක් සහිතව ආයුර්වේද උපාධිධාරීන් සඳහා වන සීමාවාසීක පුහුණුව ආරම්භ කර ඇති අතර, ඊට රජය රුපියල් මිලියන 320ක් වැය කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා මේ බව සඳහන් කළා.

තව කියවන්​න

පොසොන් උත්සව සමයේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා තිබෙනවා. විශේෂ රථ වාහන සැලැස්මක් ද ක්‍රියාවට නැංවීමටයි පොලිසිය පියවර ගෙන ඇත්තේ. මෙවර පොසොන් උත්සවය වෙනුවෙන් ආගමික හා සංස්කෘතික වැඩසටහන් රැසක් සංවිධාන කර තිබෙන අතර, ඒ වෙනුවෙන් විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවන ලෙස පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා උපදෙස් ලබා දී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ඊයේ පැවති විශේෂ සාකච්ඡාවකදී ආරක්ෂක රාජකාරී සදහා පොලිස් නිලධාරීන් 19,062 දෙනෙකු යෙදවීමට පියවර ගෙන ඇති අතර පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 370 දෙනෙකු ද ආරක්ෂාවට යොදවා තිබෙනවා. ත්‍රිවිධ හමුදා සාමාජිකයන් 607 දෙනෙකු මෙන්ම ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයින් 26,013 දෙනෙකු ආරක්ෂක කටයුතු සදහා එක්වන බවයි ආරක්ෂක අංශ සඳහන් කළේ.…

තව කියවන්​න