- රනිල්ගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්
- පාකිස්තානය සහ බංග්ලාදේශය චැම්පියන්ස් කුසලානයෙන් ඉවතට
- දැඩි නියගයෙන් පවුල් 2278ක් පානීය ජල අර්බුදයක
- ගිනි පාලන සතියක් ප්‍රකාශයට පත් කරයි
- දකුණු ආසියානු රට හරහා දිවීමේ පදක්කම්ලාභීන් කටුනායකට
- රක්ෂිතයකට ගිනි තැබූ 07ක් අත්අඩංගුවට
- කෙහෙළියගේ සහ පවුලේ අයගේ වත්කම් ගැන අධිකරණයෙන් තීරණයක්
- කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක දී අත් අඩංගුවට
Author: Kesara Athipola
පොසොන් පොහොය වෙනුවෙන් අනුරාධපුරය පූජා නගරය වන්දනාමාන කිරීමට පැමිණෙන සැදැහැවතුන් සඳහා අද සිට විශේෂ බස්රථ සහ දුම්රිය සේවා ක්‍රියාත්මක කර තිබෙනවා. දුම්රියෙන් පැමිණෙන ජනතාව වෙනුවෙන් මහව දුම්රිය ස්ථානය දක්වා විශේෂ දුම්රිය වාර කිහිපයක් අද සිට ක්‍රියාත්මක කෙරෙන බවයි නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී එන්. ජේ. ඉදිපොලගේ මහතා සඳහන් කළේ. මේ අතර අනුරාධපුරයට පැමිණෙන ජනතාව සඳහා අතිරේක බස් රථ යෙදවීමට කටයුතු කර ඇති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් මහතා සඳහන් කළා.
වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරත වන නිලධාරීන්ට එරෙහිව දැඩි විනය පියවර ගන්නා බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. බන්ධනාගාර නිලධාරීන්ට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරතවීමට කිසිදු නීත්‍යානුකූල අයිතියක් නොමැති බවයි බන්ධනාගාර කොමසාරිස් සහ මාධ්‍ය ප්‍රකාශක ගාමිණි බී දිසානායක මහතා සඳහන් කළේ. එවැනි ක්‍රියාමාර්ග ගන්නා නිලධාරීන් සම්බන්ධයෙන් දැඩි නීත්‍යානුකුල පියවර ගන්නා බව ද බන්ධනාගාර කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කළා.
දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (19) දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තුවේ. බස්නාහිර, සබරගමුවසහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසි ඇතිවේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතරදිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක. නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්ක වලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැක.
ලංකා සීනි සමාගම ඇතුළු ගල් ඔය, ඇතිමලේ යන සමාගම්වල නිලධාරීන් සහ ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා අතර සාකච්ඡාවක් පසුගියදා (13) පැවැත්විණ. ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශයේ දී පැවති මෙම සාකච්ඡාවේ දී වර්තමානය වනවිට පවතින ගැටලු පිළිබඳ සාකච්ඡා කර තිබේ. මෙහි දී ඔවුන්ගේ ඉල්ලීම වී ඇත්තේ දැනට පවතින බදු සංශෝධනය කර හෝ මෙරට සිදු කරගෙන යනු ලබන බඩඉරිඟු සහ සහල් මගින් නිෂ්පාදනය කරනු ලබන එතනෝල්වල බලපෑම නවත්වාගැනීමට කටයුතු කර දෙන ලෙසයි.
බිත්තර රැක්කවීමේ යන්ත්‍ර බෙදා දීමේ වැඩසටහනක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පසුගියදා පැවැත්විණි. චීන රජයෙන් ලද, මෙම එක් යන්ත්‍රයක් මඟින් පවුල් කිහිපයකට සෘජු ආදායම් මාර්ග විවෘත වන අතර එකී පවුල් ආශ්‍රීත ගම්මානවල පවුල් රැසකට මෙමගින් වක්‍ර ප්‍රතිලාභ හිමිවේ. ආදායම් උපයන මාර්ග වැඩිදියුණු කිරීම, පවුල්වල පෝෂණය වැඩි දියුණු කිරීම, රටේ පොදු බිත්තර නිෂ්පාදනය වැඩි දියුණු කිරීම, ගෘහ මට්ටමින් ස්වයංපෝෂිත ගෙවත්තක් නිර්මාණය කිරීම, ග්‍රාමීය ව්‍යවසායකයන් බිහි කිරීම මෙම වැඩසටහන මගින් අපේක්ෂිත අරමුණ වේ.
අනුරාධපුරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන මෙවර පොසොන් උත්සවය වෙනුවෙන් පැමිණෙන බැතිමතුන්ට පහසුකම් සැලසීම සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව අනුරාධපුරය, තන්තිරිමලය , මිහින්තලය පූජනීය නගර කේන්ද්‍ර කර ගනිමින් ද ඊට අමතරව සිතුල් පව්ව හා කතරගම ඇතුළු අනෙකුත් පූජා නගර ඉලක්ක කර ගනිමින්ද බස් රථ ධාවනය කිරීමට නියමිතය. මෙම විශේෂ විශේෂ බස් රථ සේවාව ජූනි මස 20 සිට 24 දක්වා ක්‍රියාත්මක වන අතර 1958, 011-2328081 මධ්‍යම බස් රථ කාර්යාලය, 077-1056032 නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී(ධාවන) යන දුරකතන අංක ඔස්සේ බස් රථ පිළිබඳ විස්තර ලබා ගත හැකිය.
ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයක ඇතිවී තිබෙන පුරප්පාඩුව පිරවීම සඳහා අයදුම්පත්‍ර කැඳවනු ලැබේ. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 155අ ව්‍යවස්ථාවේ සඳහන් කර ඇති පරිදි යම් තැනැත්තකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු, පළාත් සභා මන්ත්‍රීවරයකු හෝ පළාත් පාලන ආයතනයක සභිකයකු නම් එවැනි තැනැත්‍තකු ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජිකයකු ලෙස පත්වීම සඳහා සුදුසුකම් නොලබනු ඇත. එමෙන්ම කොමිෂන් සභාවේ සාමාජිකයකු ලෙස පත් කරනු ලැබීමට පෙරාතුව රජයේ නිලධරයකු හෝ අධිකරණ නිලධාරියකු හෝ වශයෙන් රජයේ සේවයේ නිරතව සිටි සෑම තැනැත්තකුම එකී පත්කිරීම බලාත්මක වූ විට තමා දරමින් සිටි ධුරය අත්හැරිය යුතු අතර රජයේ නිලධරයකු හෝ අධිකරණ නිලධාරියකු හෝ වශයෙන් තවදුරටත් පත් කරනු ලැබීමට නුසුදුස්සකු වනු…
2024 ජූනි 19 සහ 20 සැම්බියාවේ ලිවින්ග්ස්ටන් හි පැවැත්වීමට නියමිත 14 වැනි ණය කළමනාකරණ පහසුකම (ඩීඑම්එෆ්) පාර්ශ්වකරුවන්ගේ සංසදයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තමන් සහභාගි වන අතර එහි දී අදහස් දැක්වීමට බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පෙන්වා දෙයි. මෙම සමුළුවේ දී ස්වෛරී ණය කළමනාකරණයේ අනාගතය, ණය විනිවිදභාවයේ මුලපිරීම් ප්‍රවර්ධනය කිරීම, දේශීය වෙළඳපල සංවර්ධනයේ ප්‍රයත්නයන් ඉදිරියට ගෙන යාම සහ හොඳ ණය කළමනාකරණ පිළිවෙත් වෙනුවෙන් පෙනී සිටීම යන කරුණු පිළිබදව සාකච්ජා කිරීමට නියමිතය. ණය කළමනාකරණ පහසුකම (DMF) 2008 වසරේ දී ලෝක බැංකුව විසින් දියත් කරන ලද අතර 2014 වසරේ සිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඒකාබද්ධව පරිපාලනය කෙරේ. බහු පරිත්‍යාගශීලීන්ගේ…
ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ 20 වන මහා සංඝ සම්මේලනය සහ ලෝක බෞද්ධ පෙරමුණෙහි 5 වන වාර්ෂික සම්මේලනය යාපනය නාගදීප විහාරස්ථානය කේන්ද්‍රව ජුනි 22 ආරම්භ වේ. දින දෙකක් පුරා පැවැත්වෙන මෙම සම්මේලනය සඳහා රටවල් 24ක් නියෝජනය කරමින් දූතයින් 350ක් සහභාගී වීමට නියමිතය. ඒ පිළිබඳ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැත්විණ. මෙහි දී අදහස් දැක් වූ සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී, ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ මහලේකම් පූජ්‍ය මුගුණුවෙල අනුරුද්ධ නායක හිමියන් පැවසුවේ බුදුදහමට එල්ල වන අභියෝග හා එයට මුහුණ දෙන ආකාරය සහ නිවැරැදි බුදු දහම අවබෝධ කර ගැනීම, පැතිරවීම සම්මේලනයේ අරමුණ බවයි. මෙවර සම්මේලනය යාපනය කේන්ද්‍ර…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222