Author: Kesara Athipola

2024 ජුනි මස 20 වන දින නිල සංචාරයක් සඳහා ත්‍රිකුණාමලය වරායෙන් දිවයිනට පැමිණි ඉන්දීය නාවික හමුදාවට අයත් INS ‘KAMORTA’ නෞකාව, එම නිල සංචාරය සාර්ථකව අවසන් කරමින්, ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාව සමඟ පැවති ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් පසුව පසුගියදා (23) දිවයිනෙන් පිටත්ව ගියේය. එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම ත්‍රිකුණාමලය වරායේදී සිදු කෙරිණි. INS ‘KAMORTA’ නෞකාව දිවයිනේ රැඳී සිටි කාලසීමාවේදී, නෞකාවේ අණදෙන නිලධාරී කොමාණ්ඩර් Prashant Kumar Mishra සහ නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් කාංචන බානගොඩ අතර නිල හමුවක් 2024 ජුනි මස 20 වන දින නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී සිදුකෙරිණි. එමෙන්ම, INS ‘KAMORTA’ නෞකාවේ…

තව කියවන්​න

කුරුළු උණ රෝගය වාර්තා වන කිසිදු රටකින් සතුන් හෝ සත්ව නිෂ්පාදන මෙරටට ආනයනය කිරීමට අවසර නොදෙන බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කරයි. දැනට රටවල් කිහිපයක යළිත් හිස ඔසවා ඇති Avian Influenza හෙවත් කුරුළු උණ රෝග කාරක වෛරසය වන A(H5N1) වෛරසය මෙරටට ඇතුළුවීම වැළැක්වීම සඳහා ගෙන ඇති පියවර මෙන්ම ක්‍රියාමාර්ග තවදුරටත් පැවැති පරිදිම ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය පැවසුවාය. මෙම කාරණය සම්බන්ධව නිතරම මාධ්‍ය ආයතන විසින් තමන්ගෙන් විමසන බව සඳහන් කළ ඒ මහත්මිය කුරුළු උණ රෝගය වාර්තාවන කිසිදු රටකින් මෙරටට සත්ව නිෂ්පාදන හෝ සතුන් ආනයනය කිරීමට අවසර…

තව කියවන්​න

සීතාවක සංචාරක කලාපය තිරසර සංචාරක කලාපයක් ලෙස ඉකුත් 21දා ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ සහභාගිත්වයෙන් පැවති උත්සවයකදී නම් කෙරුණි. අප්‍රකට සංචාරක සංධිස්ථාන සඳහා දෙස් විදෙස් සංචාරකයින්ගේ අවධානය යොමු කරවීම මෙහි අරමුණයි. එයට අමතරව සීතාවක ප්‍රදේශයේ කිතුල් කර්මාන්තය ඇතුළු අනෙකුත් කර්මාන්තයන් සංචාරක ක්ෂේත්‍රය සමගම වැඩි දියුණු කිරීමටද බලාපොරොත්තු වන අතර ආයුර්වේදමය වශයෙන් වැදගත් වන පරිසර පද්ධතියක් පවතින සීතාවක කලාපයේ වටිනාකම හඳුනාගනිමින් ඖෂධ නිෂ්පාදනය සහ ප්‍රතිකාර ක්‍රම සඳහා මධ්‍යස්ථාන ඇති කිරීමටද අපේක්ෂිතය. පළමු අන්තර්ජාතික තෙත්බිම් එකමුතුවේ ඕස්ට්‍රේලියානු නවසීලන්ත සහ ආසියානු සබැදි සමුළුවට සහභාගී වූ තෙත්බිම් නියෝජිතයන් සීතාවක ඔඩිසි දුම්රියෙන් සීතාවක ප්‍රදේශයේ සංචාරයකට පසුගියදා එක්වූ අතර එහිදී කලටුවාව ජල පිරිපහදු…

තව කියවන්​න

හවුල්කාර රටවල් 125 ක්, බහුපාර්ශ්වික සංවර්ධන බැංකු, ගෝලීය සංවර්ධන ආයතන සහ ප්‍රමුඛ පෙළේ පෞද්ගලික අංශයේ නියෝජිතයින් සහභාගි වන ඔපෙක් අරමුදල් සංවර්ධන සංසදයට මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සහභාගී වීමට නියමිතය. “ඔරොත්තු දීමේ හැකියාව සහ සමානාත්මතාවය” යන තේමාව යටතේ ජුනි 25 වෙනිදා ඔස්ට්‍රියාවේ වියානාහි දී ජුනි 25 සංසදය පැවැත්වේ.

තව කියවන්​න

ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ 20 වන මහා සම්මේලනය යාපනය නාගදීප විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පසුගිය 22 වන දින නාගදීප විහාරස්ථානයේ දී පැවැත්වුණි. මෙම උත්සව අවස්ථාව සඳහා කාම්බෝජය, මැලේසියාව, ඉන්දියාව, නේපාලය, නවසීලන්තය, කැනඩාවථ තායිලන්තය, පාකිස්ථානය ඇතුළු ථෙරවාදී බෞද්ධ රටවල් 24ක ගිහි පැවිදි නියෝජිතයින් 300කට ආසන්න පිරිසක් සහභාගීවී සිටියහ. බුදුන්වහන්සේගේ දෙවන ලංකා ගමනාගමනය සිදු වුණු මෙම පූජනීය පින් බිමේ මෙවැනි ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනයක් පැවැත්වීමට හැකිවීම සුවිශේෂි අවස්ථාවක් ලෙස තමන් දකින බව නාගදීප විහාරස්ථානාධිපති පූජ්‍ය නවදගල පදුම කිත්ති ස්වාමීන් වහන්සේ පැවසීය. එමෙන්ම අවුරුදු 30 ක යුද්ධයෙන් පසුව යාපනය කේන්ද්‍රව පවත්වන පළමු ජාත්‍යන්තර සංඝ සමුළුව මෙය බවත් උන්වහන්සේ ප්‍රකාශ කළහ. උතුරු පළාත විදේශීය සංචාරකයින්…

තව කියවන්​න