Author: Kesara Athipola

පිලිපීන තානාපති ලියෝ ටිටෝ එල් ඕසන් මහතා සහ සංචාරක, ඉඩම්, ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අතර නිල හමුවක් පසුගියදා (21) සංචාරක අමාත්‍යංශයේ දී සිදු විය. මෙහි දී දෙරට අතර විදේශ සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳව කරුණු ගණනාවක් සාකච්ඡාවට බඳුන් විය. විශේෂයෙන් ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර සෘජු සංචාරක ගුවන් ගමන් වැඩි කිරීම, මෙරට තුළ දියුණු වෙමින් පවතින සංචාරක වෙළඳපොළ තුළ ආයෝජන අවස්ථා ඇති කිරීම මෙන්ම ක්‍රිකට්, රග්බි සහ බොක්සිං ක්‍රීඩා තරඟාවලි කිහිපයක් දෙරට අතර පැවැත්වීම පිළිබඳ ද මෙහි දී සාකච්ඡාවන් සිදුකරන ලදී. විශේෂයෙන් නැගී එන ක්‍රිකට් කණ්ඩායමක් වූ පිලිපීනය සහ ශ්‍රි ලංකා සංවර්ධිත කණ්ඩායම් අතර ක්‍රිකට් සංවර්ධනය…

තව කියවන්​න

මඩකලපුව දිස්ත්‍රික්කයේ නිවාස අහිමි ජනතාව වෙනුවෙන් නව නිවාස ව්‍යාපෘති ආරම්භ කිරීම ඇතුළු ඔවුන්ගේ ජීවනෝපාය සංවර්ධනය වෙනුවෙන් නව වැඩසටහන් රැසක් ඉදිරි වසර කිහිපයේ දී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. මේ අතර පෙර පාසල් ගුරුවරුන්ගේ දීමනාව රුපියල් 2500 කින් වැඩි කිරීමට රජය පියවර ගෙන තිබෙන බවත්, එම වැඩිකළ දීමනාව මේ සතියේ සිට ක්‍රියාත්මක වන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ පාසල් හැරගිය සහ රැකියා විරහිත තරුණ තරුණියන් සමඟ ඊයේ (23) මඩකලපුව චෙන්කලඩි ප්‍රදේශයේ පැවති හමුවකදීය. ප්‍රදේශයේ තරුණ තරුණියන් විශාල පිරිසක් මෙම හමුවට එක්ව සිටි අතර ඔවුන් නැඟු ප්‍රශ්නවලට ජනාධිපතිවරයා…

තව කියවන්​න

රාජ්‍ය ආයතනවලින් අයකර ගත යුතු හිඟ බදු ප්‍රමාණයක් තවදුරටත් පවතින බවත් එම හිඟ බදු අයකර ගැනීමට අවශ්‍ය සෑම පියවරක්ම ඉදිරියේ දී ගන්නා බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. “ලෝකයේ අඩුම රාජ්‍ය ආදායම තිබිලත් දැන් යම් තැනකට ඇවිල්ලා රට කරගෙන යනවා. විපක්ෂය දැන් කියන්න උත්සාහ කරනවා මේ අයකර ගන්න තියෙන දේවල් අයකර ගන්නේ නැතුව අලුත් දේවල් කරන්න හදනවා අපි හිටියා නම් ඔහොම නෑ කියන්නනේ ඔය උත්සාහය. ඕක සරල තර්කයක්. රජය හැටියට පැහැදිලිවම කියන්න ඕනේ ඔව් හිඟ බදු ප්‍රමාණයක් තියෙනවා. පළවෙනි එක අපේ රටේ බදු නීතියේ තියෙන අභියාචන අයිතිය. ඒක ලෝකයේම තියෙනවා. රජය විසින් බද්දක් ගෙවන්න කිව්වහම නීතිය ඉදිරියේ ගිහින්…

තව කියවන්​න

සංචාරක අකර්ශනයට සහ ප්‍රවර්ධනයට ප්‍රකට ස්ථානයක් වන දෙමෝදර ආරක්කු නවය පාලමේ බඹර කූඩ ආරක්ෂිතව ඉවත් කිරීම පසුගියදා සිදු කෙරිණි. මෙම බඹර කූඩ ආරක්ෂිතව ඉවත් කිරීම සහ මධ්‍ය කාලීන විසඳුමක් ලෙස ආරක්ෂිත ආලේපන ගැල්වීම මහනුවර බිඟු මිතුරෝ සුරැකීමේ සංවිධානයේ ස්වේච්ඡා නිලධාරීහු පිරිසක් විසින් සිදු කළහ. මධ්‍යම සංස්කෘතික අරමුදලේ මොණරාගල ව්‍යාපෘතිය යටතේ පුරාවිද්‍යා සහ දුම්රිය දෙපාර්තමේන්තුවල අධීක්ෂණයට අනුව ඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය හා ඇල්ල පොලීසිය එක්ව මෙම කටයුත්ත සිදු කෙරිණි.

තව කියවන්​න