Author: Kesara Athipola

මෙවර මහ මැතිවරණයට අදාළ මැතිවරණ ප්‍රචාරණ කටයුතු ලබන සඳුදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව තිබෙනවා. මේ අතර මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අද සහ හෙට යන දෙදින තුළ සිදුකිරීමට නියමිතව ඇති අතර ඔක්තෝබර් 30 සහ නොවැම්බර් 01 සහ 04 යන දිනවල තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වු ත්‍රිවිධ හමුදා කඳවුරුවල සහ සෙසු සියලුම රාජ්‍ය ආයතනවල ඡන්ද දායකයින්ට අද දිනයේදී තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා අවස්ථාව ලබාදී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කලේ.

තව කියවන්​න

ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති බලපත්‍ර සහිත ගිනිඅවි නැවත භාරදීම සඳහා ලබා දී තිබු කාලය දීර්ඝ කර තිබෙනවා. ඒ අනුව එම ගිනිඅවි නොවැම්බර් මස 21 දාට ප්‍රථම භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ. ගිනිඅවි යළි භාරදීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය විසින් මාසයක කාලයක් ලබාදුන් අතර එම කාලය අදින් අවසන් වීමට නියමිතව තිබුණද ඉදිරිපත්ව ඇති කරුණු සලකා බැලීමෙන් අනතුරුව එම කාලය දීර්ඝ කිරීමට පියවර ගෙන ඇති බවයි ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කලේ.

තව කියවන්​න

මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු , උතුරු-මැද පළාත්වලත් පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි.

තව කියවන්​න

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සදහා ක්‍රීඩකයින් 1,574 දෙනෙකු ලියාපදිංචි වී තිබෙනවා . මේ බව තරගාවලියේ සංවිධායකයින් විසින් නිවේදනය කලේ ඊයේ රාත්‍රියේ දීයි . නොවැම්බර් 4 වැනිදා ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීමේ කටයුතු අවසන් වූ බවයි අයි.පී.එල් සංවිධායකයින් සදහන් කළේ. ඒ අනුව ඉන්දීය ක්‍රීඩකයින් 1,165 දෙනෙකු හා විදෙස් ක්‍රීඩකයින් 409 දෙනෙකු වෙන්දේසිය සදහා ලියාපදිංචි වී තිබෙනවා. ක්‍රීඩක වෙන්දේසිය නොවැම්බර් 24 හා 25 යන දිනවලදී සෞදි අරාබියේ ජේදාහ් හී දී පැවැත්වීමට නියමිතයි. වෙන්දේසිය සදහා වැඩිම විදෙස් ක්‍රීඩකයින් සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇත්තේ දකුණු අප්‍රිකාවෙන්. එම සංඛ්‍යාව 91 ක්. ශ්‍රී ලංකාවෙන් ද ක්‍රීඩකයින් 29 දෙනෙකු වෙන්දේසියට ලියාපදිංචි වී තිබෙනවා.

තව කියවන්​න

2024 පළමු ආසියානු බෞද්ධ සමුළුව ඊයේ උත්සවශ්‍රීයෙන් ආරම්භ කෙරුණා. මෙම සමුළුව සංවිධානය කර ඇත්තේ අන්තර්ජාතික බෞද්ධ මහා සම්මේලනය සහ ඉන්දියානු සංස්කෘතික අමාත්‍යාංශය ඒකාබද්ධවයි. ඉන්දියාවේ නවදිල්ලි නුවර දී මෙම බෞද්ධ සමුළුව ආරම්භ කරනු ලැබුවා . 2024 පළමු ආසියානු බෞද්ධ සමුළුව ඊයේ සහ අද යන දෙදින තුළ පැවැත්වෙනු ඇති. ”ආසියාව ශක්තිමත් කිරීමෙට බුද්ධ දර්ශනයේ කාර්යභාරය” යන්න මෙම ආසියානු බෞද්ධ සමුළුවේ තේමාවයි. පසුගිය වසරේ අතිසාර්ථකව සංවිධානය කළ ගෝලීය බෞද්ධ සමුළුවට පසු අන්තර්ජාතික බෞද්ධ මහා සම්මේලනය සහ ඉන්දියානු සංස්කෘතික අමාත්‍යාංශය ඒකාබද්ධව සංවිධානය කරන ලද දෙවන බෞද්ධ සමුළුව මෙය වනවා. මෙම සමුළුව සඳහා ඉන්දියාව, ශ්‍රී ලංකාව, මියන්මාර, ඇමෙරිකා එක්සත් ජනපදය, නේපාලය, වියට්නාමය, තායිලන්තය, ජර්මනිය, භූතානය,…

තව කියවන්​න

නව ජනාධිපතිවරයාට අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සදහා සියලු දෙනා පුර්ණ සහයෝගය ලබා දියයුතු බව හිටපු අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. එළඹෙන මහ මැතිවරණය තුලින් බහුතරය සහිත ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට ජාතික ජන බලවේගයට හැකි වනු ඇති බවද ඔහු සදහන් කළා. හිටපු අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව පැවසුවේ ඊයේ පැවති ජන හමුවකට එක් වෙමින්.

තව කියවන්​න

තම පක්ෂය ජනාධිපතිවරණයට ඉදිරිපත් කල වැඩපිළිවෙල වසර පහක් ඉලක්ක කර ගනිමින් ඉදිරිපත් කල බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා. ඔහු සදහන් කලේ සති පහක් තුල කිසිදු ක්‍රියාවක් සිදු නොකළ බවට විපක්ෂය නගන චෝදනා පදනම් විරහිත බවයි. අමාත්‍ය විජිත හේරත් මහතා මේ බව පැවසුවේ ජා ඇළ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින්.

තව කියවන්​න

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයාගේ හා ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම් කර තිබෙනවා. අදාළ පුද්ගලයින් දෙදෙනා එම බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන්ට රහසිගත ලෙස ජංගම දුරකථන රැගෙනවිත් දී ඇති බවයි වාර්තා වන්නේ . බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක මහතා පැවසුවේ ජීවිතාන්තය දක්වා සිරඳඩුවමක් විඳින සිරකරුවකු සමග මෙම නිලධාරින් දෙදෙනා අනිසි සම්බන්ධතා පවත්වා ඇති බව මූලික විමර්ශනයේදී අනාවරණය වී ඇති බවයි. දූෂණ ක්‍රියාවන්වලට සම්බන්ධ බන්ධනාගාර නිලධාරීන් සම්බන්ධයෙන් දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔවුන්ට විරුද්ධව නීති මගින් කටයුතු කර නඩු පැවරීමටද ඉදිරියේදී පියවර ගන්නා බවද ගාමිණී බී. දිසානායක මහතා පැවසුවා

තව කියවන්​න

ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන මිල නියම කිරීමේදී වෙනත් තරඟකාරී පාර්ශ්වවල කිසිදු සම්බන්ධයක් නැතැයි හිටපු අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. ඔහු සිය එක්ස් ගිණුමේ සටහනක් තබමිනුයි මේ බව සදහන් කර ඇත්තේ. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යනු එක් ක්‍රියාකරුවෙක් මිස කර්මාන්තයේ නියාමනය කරන්නා නොවන බවද එහි දැක්වෙනවා. තෙල් සංස්ථාවේ පිරිවැය පිළිබිඹු කිරීම සඳහා මිල සූත්‍රයක් ක්‍රියාත්මක කර තිබෙන බව ද හිටපු අමාත්‍යවරයා පෙන්වා දෙනවා. ඔවුන්ගේ මාසික මිල සූත්‍රයට අනුව ස්වාධීනව මිල තීරණය කරන බවයි එහි දැක්වෙන්නේ. ඒ අනූව තෙල් සංස්ථාවේ කළමනාකරණය යටතේ වන මාසික මිල සූත්‍රයට අනුව ලාභ සහ පාඩු දැක්විය යුතු බවද හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරනවා. මේ හේතුවෙන්…

තව කියවන්​න

හාලිඇල, වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ නායයෑමේ අවදානමක් හටගෙන තිබෙනවා. මේ පිලිබදව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජිනේරු කාර්යාලය දැනුම් දී ඇත්තේ ඊයේ පස්වරුවේදීයි. බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය සදහන් කලේ නායයෑමේ තත්ත්වය බරපතළ වියහැකි බවයි. ඒ බැවින් මාර්ගයේ ගමන්ගන්නා රියදුරන් සහ පදිකයින් තම ආරක්ෂාව පිළිබඳ විමසිලිමත් විය යුතු බවද එම ඒකකය පැවසුවා. එමෙන්ම මේ පිළිබදව අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමණාකරණ සහකාර අධ්‍යක්ෂ ඊ. එල්. එම්. උදය කුමාර මහතා කියා සිටියේ .

තව කියවන්​න