Author: Kesara Athipola

අ.පො.ස සාමාන්‍ය පෙළ හා පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගවල උත්තර පත්‍ර සමීක්ෂණය සඳහා ගෙවනු ලබන දීමනා ප්‍රතිශතයාත්මකව ඉහළ දැමීමට අනුකමිටු නිර්දේශය ලැබී ඇති අතර එම නිර්දේශ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමට කටයුතු කරනු ලබන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. තව ද ගුරු සේවයේ ගුරුවරුන් සඳහා මෙතෙක් ක්‍රියාත්මක වු මොඩ්‍යුලර් ක්‍රමය වෙනුවට ගුරු වෘත්තීය සමිති දැනුම්වත් කර රාජ්‍ය සේවා කොමිෂන් සභාවට යොමු කරන ලද යෝජනාව කොමිසම විසින් සලකා බලා අධ්‍යාපන අමාත්‍යාංශයට යොමු කිරීමට නියමිත බව ද එහි සඳහන් වේ. එහි වැඩිදුරටත් දැක්වෙන්නේ 2022 වර්ෂයට වඩා 2024 වර්ෂය වන විට අධ්‍යාපන කටයුතු සඳහා අත්‍යවශ්‍ය අභ්‍යාස පොත් හා උපකරණ…

තව කියවන්​න

ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත බෝරා ප්‍රජාවගේ වාර්ෂික සම්මේලනය සාර්ථක කර ගැනීමට අවශ්‍ය උපරිම සහාය ලබා දෙන ලෙස ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. සාගල රත්නායක මහතා මෙම උපදෙස් ලබා දෙනු ලැබුවේ වාර්ෂික බෝරා සම්මේලනය පිළිබඳ ඊයේ (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡාවේදීය. පාකිස්තානයේ කරච්චි නගරයේ මෙවර පැවැත්වීමට නියමිත බෝරා ප්‍රජාවගේ අධ්‍යාත්මික සමුළුවට සමගාමීව ජූලි මස 7 වනදා සිට 16 වනදා දක්වා බම්බලපිටිය බෝරා දේවස්ථානය සහ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානය කේන්ද්‍ර කර ගනිමින් මෙම බෝරා සම්මේලනය පැවැත්වේ. මෙම සම්මේලනය සඳහා ඉන්දියාව ඇතුළු රටවල් රැසකින් බෝරා ප්‍රජාවේ සාමාජිකයන් පහළොස්…

තව කියවන්​න

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවල ගුණාත්මකභාවය සහ ප්‍රයෝජනය ඉහළ නැංවීම සඳහා ලෝක බැංකුව ඇමෙරිකානු ඩොලර් මිලියන 150ක මූල්‍ය පහසුකම අනුමත කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කරයි. සියලුම පුරවැසියන් සඳහා වඩා හොඳ සෞඛ්‍ය සේවාවක් සහතික කරමින් රටේ සෞඛ්‍ය සේවා යටිතල පහසුකම් ශක්තිමත් කිරීමට රජයේ ඇති කැපවීම මෙම ආයෝජනයෙන් පෙන්නුම් කරන බව රාජ්‍ය අමාත්‍යවරයාගේ අදහසයි.

තව කියවන්​න

ඉරානයේ ටෙහෙරාන් නුවර පැවැත්වෙන Asia Cooperation Dialogue (ACD) සමුළුවෙහි 19 වැනි අමාත්‍යවරුන්ගේ රැස්වීමට විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා සහභාගී වී සිටී. මෙවර සමුළුවෙහි තේමාව වන්නේ, “පොදු ඓතිහාසික හා සංස්කෘතික සම්බන්ධතා තුළින් කලාපීය එකමුතුව මෙන්ම ආර්ථික, තාක්ෂණික සහ තිරසාර සංවර්ධන ක්ෂේත්‍රයන්හි සහයෝගීතාවයේ වැදගත්කම කෙරෙහි අවධානය යොමු කිරීම” යන්නයි. සාමය, ආරක්ෂාව සහ සහයෝගීතාවය හා අන්‍යෝන්‍ය ගෞරවය තුළින් එක්සත් ආසියානු ප්‍රජාවක් පෝෂණය කිරීම සඳහා ශ්‍රී ලංකාව කැපවී සිටින අතර ඒ සඳහා මෙම ජාත්‍යන්තර වැඩසටහන සුවිශේෂ වේ.

තව කියවන්​න

පාසල් අනධ්‍යයන සේවක ගැටලු‍ ගණනාවකට ම පසුගිය වර්ෂ දෙක තුළ බොහෝ විසඳුම් ලබා දී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. මෙම අනධ්‍යයන සේවක පිරිස , රජයේ ඒකාබද්ධ සේවා හා ඒකාබද්ධ නොවන සේවා (පළාත් පාසල් හා ජාතික පාසල්)කොටස් දෙකක් වන බවත් මෙම සේවක පිරිස් සඳහා ජාතික ප්‍රතිපත්තියක් සැකසීම ක්ෂණිකව කළ නොහැකි බවත් එම අමාත්‍යාංශය සඳහන් කරයි. එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ මෙවන් පසුබිමක් තුළ වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීම හුදු දේශපාලන ප්‍රවේශයක් වන බවයි. පාසල් අනධ්‍යයන සේවා වෘත්තීය සමිති ක්‍රියාමාර්ග නිසා සාමාන්‍ය අධ්‍යාපනය අඩාළ වීමට ඉඩ දිය නොහැකි බවත් මේ සම්බන්ධයෙන් පළාත් බලධාරීන්, විදුහල්පතිවරුන් මෙන්ම පාසල් ප්‍රජාව ද දැනුම්වත් කර ඇති බව අධ්‍යාපන…

තව කියවන්​න

දකුණු ආසියාවේ දියුණුතම, අනාගත කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයක් නිර්මාණය කිරීමේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙළ ශක්තිමත් කරමින් ශ්‍රී ලාංකික සිසුන් සඳහා “කේම්බ්‍රිජ් දේශගුණික ගවේෂණය” (Cambridge Climate Quest) ස්වයං අධ්‍යයන පාඨමාලාව නොමිලේ හැදෑරීමට අවස්ථාව උදා වී ඇති අතර, ඕස්ට්‍රේලියාවේ ෆ්ලින්ඩර්ස් විශ්වවිද්‍යාලයේ මණ්ඩපයක් ශ්‍රී ලංකාවට ලබාදීමට ද කටයුතු කර තිබේ. මේ අනුව 8 ශ්‍රේණියේ සිට 12 වන ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකික සිසුන් සඳහා “කේම්බ්‍රිජ් දේශගුණික ගවේෂණය” (Cambridge Climate Quest) ස්වයං අධ්‍යයන පාඨමාලාව භාෂා 3න්ම නොමිලේ හැදෑරීමට අවස්ථාව උදා කර දී ඇති අතර දේශගුණය සහ තිරසරභාවය පිළිබඳ අත්‍යවශ්‍ය දැනුමෙන් ශ්‍රි ලාංකික තරුණ පරපුර සන්නද්ධ කිරීම එහි අරමුණයි. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලීය මුද්‍රණාලය සහ ඇගයීම්…

තව කියවන්​න