Author: Kesara Athipola

ඔස්ට්‍රියාවේ වියානා හි පැවති ඔපෙක් අරමුදල් සංවර්ධන සංසදයේ දී, පුළුල් ප්‍රතිසංස්කරණ වැඩසටහනක් තුළින් අභියෝග වලට සාර්ථකව මුහුණ දීමට ශ්‍රී ලංකාව ගන්නා ක්‍රියාමාර්ග පෙන්වා දුන් බව ඊට සහභාගී වූ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කරයි. තිරසාර සංවර්ධනය සඳහා අත්‍යවශ්‍ය වන ආර්ථික වර්ධනය ප්‍රවර්ධනය කිරීම සහ ආයතනික ධාරිතාව ප්‍රතිෂ්ඨාපනය කිරීම අරමුණු කරගත් ආයතනික සහ නීතිමය ප්‍රතිසංස්කරණ මෙම වැඩසටහනට ඇතුළත් බවත්, 2023 හදුන්වා දුන් දූෂණ විරෝධී පනත බලාත්මක කිරීම හරහා අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) ශක්තිමත් කිරීම මෙම ප්‍රයත්නයේ වැදගත් පියවරක් බව ද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දී තිබේ. මෙමගින් පොදු සුබසාධනය සහතික කිරීම සඳහා අල්ලස හා දූෂණය තුරන්…

තව කියවන්​න

කම්කරු හා විදේශ රැකියා අමත්‍යංශයේ දීපව්‍යප්ත ජංගම සේවාවේ මඩකළපු දිස්ත්‍රික් වැඩසහන ජූනි 28 – 29 දෙදින තුළ මඩකළපුව හින්දු විද්‍යාලීය ක්‍රීඩාංගනයේදී පැවැත්වෙයි. දින දෙකක් පුරා පැවැත්වෙන මෙම වැඩ සටහනේ සමාරාම්භක අංගය ලෙස විගමණික ශ්‍රමිකයන් ඇගයීමට ලක් කරනා ” විගමණික හරසර” වැඩ සටහන පැවැත්වීමට නියමිතය. ඊට අමතරව විදෙස්ගත ශ්‍රමිකයන්ගෙ දරුවන්ට ශිෂ්‍යත්ව ලබාදීම, පාසැල් උපකරණ සහිත බෑග් ප්‍රධානය කිරීම, ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් තෝරදෙන ස්මාර්ට් පාසල් පන්තිකාමර සඳහා ස්මාර්ට් බෝර්ඩ් ලබදීම සිදු කෙරෙයි. ඊට අමතරව ස්වැයං රැකියා ආරම්භ කිරීම සඳහා මූල්‍ය අධාර ලබාදීම, රෝද පුටු සහ ඇස් කණ්නාඩි ලබාදීම, රැකියා සඳහා විදෙශගතවීමේදී වැඩිම අවස්ථ ගණනක් විදේශ සේවා නියුක්ති කාර්‍යංශයේ ලියාපදිංචිවූ ශ්‍රමිකයන්ට වවුචර් පත්…

තව කියවන්​න

සඳෙහි මෙතෙක් ගවේෂණය නොකළ අඳුරු ප්‍රදේශයෙන් පස් සාම්පල කිලෝග්‍රෑම් 2ක් රැගෙන ඒම සඳහා චීනය විසින් සඳ වෙත යවනු ලැබූ චැංග් ඊ – 6 රොකට්ටුවේ රොබෝ ගවේෂණ යානය ඊයේ සාර්ථකව යළි පෘථිවියට පැමිණි බව වාර්තා කර තිබේ. චැංග් ඊ- 6 මාස දෙකකට ආසන්න කාලයක් සඳ මත මෙහෙයුම් කටයුතුවල නිරත වී ඊයේ‍ මොංගෝලියාවේ කාන්තාරයකට පතිත වී තිබේ. සඳ මත ඇති සම්පත් සහ ඒවා මිනිස් වාසයට කෙතරම් දුරට සුදුසු වන්නේ දැයි මේ පස් සාම්පල පරීක්ෂණ මගින් සොයා ගැනීමට ජාත්‍යන්තර විද්‍යාඥයන් නොඉවසිල්ලෙන් යුතුව බලා සිටින බව ද වැඩිදුරටත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

තව කියවන්​න

ආන්දෝලනාත්මක මූල්‍ය පනත් කෙටුම්පතකට විරෝධය පළ කරමින් කෙන්යාවේ විරෝධතාකරුවන් පිරිසක් එරට පාර්ලිමේන්තුවට ගිනි තබා තිබේ එමෙන්ම පාර්ලිමේන්තු සෙංකෝලය ද සොරකම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. එරට සෑම ප්‍රදේශයකම විරෝධතා ක්‍රියාත්මක වී ඇති අතර නයිරෝබි අගනගරයේදී ආරක්ෂක අංශ සහ විරෝධතාකරුවන් අතර ඇති වූ ගැටුම්වලින් පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් තිබේ.

තව කියවන්​න