- දකුණු ආසියානු රට හරහා දිවීමේ පදක්කම්ලාභීන් කටුනායකට
- රක්ෂිතයකට ගිනි තැබූ 07ක් අත්අඩංගුවට
- කෙහෙළියගේ සහ පවුලේ අයගේ වත්කම් ගැන අධිකරණයෙන් තීරණයක්
- කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක දී අත් අඩංගුවට
- විදෙස් ජාතික කාන්තාවක් දියේ ගිලී මරුට
- ජර්මනියේ මැතිවරණයෙන් කන්සවේටිව් පක්ෂයට ජය
- 16 හැවිරිදි දැරියක් අතුරුදන්
- ගුවන් හමුදා පාපැදි සවාරිය ලබන 28 වනදා සිට
Author: Kesara Athipola
උප්පැන්න, විවාහ, මරණ රෙජිස්ටාර්වරුන් පිරිසක් සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා අතර සාකච්ඡාවක් පැවැත්විණ. සමස්ත දිවයිනේම මිනිසුන්ගේ අවශ්‍යතාවල දී සුවිශාල සේවාවක් කරන පිරිසක් ලෙස සැලකෙන උප්පැන්න, විවාහ, මරණ රෙජිස්ටාර්වරුන්ගේ නියෝජිත පිරිසක් සහ භාණ්ඩාගාර අයවැය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඇතුළු ආයතන නිලධාරීන් ද මෙම සාකච්ඡාවට එක්ව තිබේ. සේවය සැපයීමේ දී ඔවුන් දිගින් දිගටම මුහුණ දෙන ආර්ථික ගැටලු සඳහා විසඳුම් සොයන්නේ කෙසේ ද යන්න මෙහි දී අවධානයට ලක් විය.
ඔස්ට්‍රියාවේ වියානා හි පැවති ඔපෙක් අරමුදල් සංවර්ධන සංසදය අතරතුර, සංවර්ධනය සඳහා වූ සෞදි අරමුදලේ ප්‍රධාන විධායක නිලධාරී අබ්දුල් රහ්මාන් අල්-මර්ෂාඩ් මහතා සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අතර හමුවක් පැවැත්විණ. ශ්‍රී ලංතාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ආර්ථික සහය සහ නව සංවර්ධන මුලපිරීම් කෙරෙහි අවධානය යොමු කර හවුල්කාරිත්වය ශක්තිමත් කිරීම පිළිබඳ මෙහි දී සාකච්ඡා කර තිබේ.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනට අදාළව සාකච්ඡාවක් පසුගියදා (25) පැවැත්විණ. ඒ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙනි. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් තෙල් පිරිපහදුව රජයට අයත් වෙනමම ආයතනයක් ලෙස ස්ථාපිත කර ඉන්ධන ප්‍රමිතිය වැඩි කිරීමට, කාර්යක්ෂමතාවය වැඩි කිරීමට, ධාරිතාව වැඩි කිරීමට සහ පිරිවැය අඩු කිරීමට අවශ්‍ය මුල්‍ය ආයෝජන ලබා ගැනීමට කටයුතු කරනු ලැබේ. එමෙන්ම ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වත්මන් අනුමත සේවකයන් සංඛ්‍යාව අවශ්‍යතාව අනුව සංශෝධනය කිරීමට සහ නව වැටුප් තලයන් සකස් කිරීමත් සේවාවන් සහ කාර්යයන් ඩිජිටල්කරණයට ලක්කිරීමත් සිදු වේ. මෙම වැඩපිලිවෙලේ කාලරාමුව සහ ක්‍රියාත්මක කිරීමේ වැඩකටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඛනිජ තෙල් සංස්ථාවේ හා…
කොට්ටාව ආනන්ද විද්‍යාලයේ නව තෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත්කිරීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (23) සිදු කෙරිණි. වර්තමාන සිසු පරම්පරාව මුහුණ දෙන නව දැනුම හා නව තාක්ෂණය උපයෝගී කර ගැනීමෙ අභියෝග වෙත පිවිසිම හරහා දරුවන්ට අනාගතයට ගමන් කළ හැකි මාර්ගය ශක්තිමත් කර දීම අවශ්‍ය බවත්, විදේශ රටවලින් ලැබෙන ආධාර, තාක්ෂණික දැනුම, විවිධාකාර පුහුණු පාඨමාලා උපයෝගී කරගත් ගුරු පරම්පරාවක් ඉදිරියට සකස් කිරීමේ අවශ්‍යතාවයට ආණ්ඩුව කැපවී සිටින බවත් අවධාරණය කළේ ය. වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා, “පවතින පාසල් සංඛ්‍යාව හොඳින් ගොඩ නැගෙනවා. හොඳින් මෙහෙය වෙනවා. නමුත් අවසාන පන්ති කාමරය දක්වා ඒ හා සමානව අපේ දරුවන් සම්පත් වලින් යුතුව ගමන් කරවීමේ ඕනෑකමට අපේ…
රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ කටයුතු සිදු කරන මත් ද්‍රව්‍ය රසායනාගාරය හා වස විෂ රසායනාගාරය නව තාක්ෂණික මෙවලම් සහිතව වැඩි දියුණු කර විවෘත කිරීම අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ලේ පිහිටි රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී පසුගියදා (25) සිදු විණි. කොරියානු රජයේ සහ කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ ( KOICA) මුල්‍ය ආධාර යටතේ ඇමෙරිකානු ඩොලර් මිලියන 4.5 ක මුදලක් වැය කරමින් 2022–2024 දෙසැම්බර් දක්වා කාලය තුළ ක්‍රියාත්මක රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ධාරිතාවය වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ රසායනාගර පද්ධතිය වැඩි දියුණු කිරීම සිදු කර තිබේ. දැනට පවතින පරීක්ෂණාගාරවල ඉඩකඩ පහසුකම් වැඩි කරමින්…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222