Author: Kesara Athipola

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය මගින් රාජ්‍ය භාෂා සතියට සමගාමීව චිත්‍ර තරගයක් සංවිධානය කර ඇත. ” විවිධත්වය අපේ ශක්තියයි” යන තේමාව යටතේ මෙම තරගය සඳහා සිංහල, මුස්ලිම්, දෙමළ, කතෝලික අවුරුදු 25ට අඩු පාසල් හැරගිය දරුවන්ට ඉදිරිපත් විය හැකිය. බ්‍රිසිල් බෝඩ් ප්‍රමාණයේ පැස්ටල් මාධ්‍ය සිතුවමක් මේ සඳහා ඉදිරිපත් කළ හැකි අතර පළමු ස්ථානයට රු 10,000ක්, දෙවන ස්ථානයට රු 5000ක් හා තෙවන ස්ථානය සදහා රු 3000ක් වශයෙන් මුදල් ත්‍යාග හා 1 සිට 10වන ස්ථාන දක්වා සහතික පතක් හිමි වේ. සිතුවම් භාර දීම 2024.07.04ට පෙර කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේ ජාතික ඒකාබද්ධතා ප්‍රවර්ධන සහකාර වෙත භාර දිය හැකි අතර…

තව කියවන්​න

පළාත් පාලන ආයතන තුළ තාවකාලික, අනියම්, ආදේශක, කොන්ත්‍රාත් සහ සහන පදනම මත සිටින සේවකයන්ට ස්ථිර විශ්‍රාම වැටුප් සහිත පත්වීම් ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. ඒ, අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයටකට අනුවය. මෙමගින් දිවයින පුරා ප්‍රාදේශීය සභා, නගර සභා, මහ නගරසභා වල සේවය කරන තාවකාලික, අනියම්, ආදේශක, කොන්ත්‍රාත් සහ සහන පදනම මත සිටින 8435 දෙනෙකුට ස්ථිර පත්වීම් ලබෙනු ඇත. එම පත්වීම් ලිපි කඩිනමින් ලබා දීම සඳහා විශේෂ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගියදා පැවැත්විණි. පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක…

තව කියවන්​න

කොළඹ දිස්ත්‍රික්කය තුළ ගංවතුර තත්ත්වයක් ඇතිවීමට හේතු වූ කරුණු සොයා බලා සියලු ග්‍රාම නිලධාරී කොට්ඨාස ආවරණය වන පරිදි වාර්තා කැඳවන ලෙසත්, එම වාර්තා අනුව මූලික වාර්තාවක් සකස් කර සති දෙකක් තුළ ජනාධිපති කාර්යාලය වෙත ලබා දෙන ලෙසත් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේම්වරුන්ට උපදෙස් ලබා දුන්නේය. ඒ අනුව මෙම ගැටළු විසඳීම සඳහා අදාළ ආයතන ප්‍රධානීන් සමඟ සාකච්ඡා කර අවශ්‍ය සැලසුම් සකස් කිරීමට කඩිනමින් පියවර ගන්නා බව ද ඒ මහතා සඳහන් කළේය. සාගල රත්නායක මහතා මෙම අදහස් පළ කළේ පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ කොළඹ දිස්ත්‍රික්කය තුළ…

තව කියවන්​න

මතභේදයට තුඩු දුන් කෙන්යානු රජය විසින් ඉදිරිපත් කළ මූල්‍ය පනත් කෙටුම්පත හකුළා ගැනීමට එරට ජනාධිපති විලියම් රූටෝ තීරණය කර තිබේ. එරට බදු ක්‍රමවේදය සංශෝධනය කිරීමට එම පනත් කෙටුම්පත මගින් යෝජනා කර තිබූ අතර ඊට එරෙහිව රට පුරා විරෝධතා පැතිරගිය අතර එරට පාර්ලිමේන්තුවේ කොටසක් ගිනි තැබීමටද උද්ඝෝෂකයින් පසුගියදා පියවර ගෙන තිබුණා.

තව කියවන්​න

පවතින අධික වර්ෂාපතනයත් හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක් අද (27) විවෘත කර තිබෙනවා. එමෙන්ම ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් වැසි පතිත වුවහොත් ජලාශයේ සෙසු වාන් දොරටු ස්වයංක්‍රීයව විවෘත වීමක් සිදු වන අතර ඒ පිළිබඳව සැළකිලිමත් වන ලෙස නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය ජනතාවට දැනුම් දී තිබෙනවා.

තව කියවන්​න