- ගනේමුල්ල සංජීවගේ දේහය බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවකට
- විදුලිබල මණ්ඩලයෙන් ප්‍රථම වරට ජලබැටරි ව්‍යාපෘතියක්
- ඔන් මැක්ස් ඩීටී මූල්‍ය වංචාවේ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට
- ඉන්දු – රුසියානු විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
- සෑම වතු කම්කරු පවුලකටම පෞද්ගලික ලිපිනයක්
- කොළඹ වරායේ බටහිර පර්යන්තයේ මෙහෙයුම් ලබන 26 වනදා සිට
- මහ ශිව රාත්‍රියට නැගෙනහිර පාසල් වසා දැමේ
- උස්වැටකෙයියාව වෙරළ තීරයෙන් මළසිරුරක් සොයා ගැනේ
Author: Kesara Athipola
මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහනේ ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡාවක් ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ ඔපෙක් අරමුදලේ (OPEC Fund for International Development) ආසියා පැසිෆික් කලාපීය කළමනාකරු යූසෆ් අල්-මුලහ්ම් මහතා සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අතර මුදල් අමාත්‍යාංශයේ දී පැවැත්විණ. අදාළ වැඩසටහන දැනට ආසියානු සංවර්ධන බැංකුවේ අමෙරිකානු ඩොලර් මිලියන 300කට අධික ආධාර යටතේ සිදු කෙරෙන අතර ඔපෙක් අරමුදල මගින් ඒ සඳහා තවත් අමෙරිකානු ඩොලර් මිලියන 100ක දායකත්වයක් දැක්වීම සඳහා මෙහි දී එකඟත්වය පළ කර තිබේ. ඒ අනුව මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන යටතේ මොරගහෙකන්ද ජලාශයේ සිට හුරුලු වැව සහ මහ කනදරාව වැව දක්වා මෙම ව්‍යාපෘතිය මගින් ජලය ලැබෙනු ඇත. මේ සඳහා ණය…
වසර 2030 වන විට තිරසර සහ පූර්ණ සංවර්ධනයක් කරා ශ්‍රී ලංකාව මෙහෙයවීම සඳහා වන පුළුල් ප්‍රතිපත්ති ඇතුළත් කරමින් ලංකා වාණිජ මණ්ඩලය විසින් සකස් කරන ලද ලේඛනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත බාර දීම ඊයේ (09) ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරිණ. ‘විෂන් 2030’ මඟින් මීළඟ වසර පහ තුළ ශ්‍රී ලංකාව ආර්ථිකමය වශයෙන් කුමන දිශාවට ගමන් කළ යුතුද යන්න විග්‍රහ කර ඇති අතර ඒ වෙනුවෙන් සියලු ක්ෂේත්‍රයන්හි ප්‍රතිපත්තිමය වෙනස්කම් සිදුවිය යුතු ආකාරය මෙන්ම එමඟින් ආර්ථිකයට ලැබෙන ප්‍රතිලාභ පෙන්වා දී තිබේ. දළ දේශීය නිෂ්පාදිතයේ 6.5% ක වර්ධන වේගයක් අත්කර ගැනීම, උද්ධමනය සහ විරැකියා අනුපාතය 5%ක් දක්වා අඩු කරලීම අරමුණු කර ගනිමින්, අධ්‍යාපනය සහ…
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවේ. ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
රටේ පවතින ආර්ථික තත්ත්වය නිසියාකාරව අවබෝධ කරගෙන ජනතාව අපහසුතාවට පත් නොවන ආකාරයට කටයුතු කරමින් 2024 ජූලි 08, 09 දෙදිනම සේවයට වාර්තා කළ විධායක සේවා ගණයට අයත් නොවන සියලු රාජ්‍ය නිලධාරීන්ට විශේෂ වැටුප් වර්ධකයක් ලබා දීමටත්, ඔවුන් සියලුම දෙනා වෙත ඉදිරි උසස්වීම් සඳහා යොදාගත හැකි වන පරිදි විශේෂ ප්‍රශංසා සහතිකයක් නිකුත් කිරීමටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. මේ සම්බන්ධව සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් හා පළාත් ප්‍රධාන ලේකම්වරුන් දැනුවත් කිරීමටත්, ඊට අදාළ චක්‍රලේඛ නිකුත් කිරීමටත් කටයුතු කරන ලෙස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් වෙත උපදෙස් දී ඇත. රාජ්‍ය…
පක්‍ෂීන් සහ උරග විශේෂ කිහිපයකට අයත් සතුන් නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ප්‍රවාහනය කළ මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් 05 ක් ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක සුරක්‍ෂා නෞකාව යොදවා පසුගියදා දකුණු මුහුදේදී අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කර ඇත. ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී ජාවාරම් මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව නිරන්තර අවධියෙන් පසුවෙමින් මෙහෙයුම් සිදුකරනු ලබයි. ඒ අනුව, පක්‍ෂීන් සහ උරග විශේෂ ජාවාරමක් සම්බන්ධයෙන් නාවික හමුදා බුද්ධි අංශය දීර්ඝ කාලයක සිට සිදුකල තොරතුරු විශ්ලේෂණයකට අනුව, ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක සුරක්‍ෂා නෞකාව යොදවා සිදුකල මෙම මෙහෙයුමේදී දකුණු මුහුදේ යාත්‍රා කරමින් තිබූ…
මධ්‍යම පරිසර අධිකාරිය, පරිසර පොලිස් ඒකකය සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සමඟ ඒකාබද්ධව වැල්ලම්පිටිය ප්‍රදේශයේ සිදුකළ වැටලීමකින් කිලෝග්රෑම් 7,672.35 ක පමණ ප්‍රමාණයක නීති විරෝධී පොලිතීන් “ලන්ච් ෂීට්” තොගයක් අත්අඩංගුවට ගත්තේය. වැල්ලම්පිටිය, වෙලේවත්ත ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක් පසුගිය දා (02) වැටලීමෙන් මෙම නීති විරෝධී පොලිතීන් “ලන්ච් ෂීට්” තොගය අත්අඩංගුවට ගැනීමට හැකි විය. වැටලීමෙන් සොයාගත් පොලිතීන් ලන්ච්ෂීට් කිලෝග්රෑම් 7,672.35 ක ප්‍රමාණය තුළ කිලෝග්රෑම් 2,505ක ප්‍රමාණයක් ලන්ච්ෂීට් පැකට් ලෙස තිබුණු අතර කිලෝග්රෑම් 5,167.35ක ප්‍රමාණයක් නොකැපූ ලන්ච්ෂීට් රෝල් ලෙස තිබුණි. පාරිභෝගික සේවා අධිකාරිය කිලෝග්රෑම් 2,505ක ප්‍රමාණයක් වූ ලන්ච්ෂීට් පැකට් තොගය අත්අඩංගුවට ගත් අතර අනෙක් ලන්ච් ෂීට් තොගය කර්මාන්තශාලා පරිශ්‍රය තුළ මුද්‍රාතබා අදාළ ඉදිරි කටයුතු සඳහා…
පළමු අදියරේ සුදුසුකම් ලැබූ ලක්ෂ 18ට අමතරව දෙවන අදියර සඳහා තවත් අයදුම් පත් 450,924 ක්. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක “අස්වැසුම” සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ වැඩසටහනේ දෙවන අදියරේ තොරතුරු සංගණනය ජූලි 15 දා සිට 30 දක්වා සිදු කෙරෙන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය දැනුම් දෙයි. පළමු අදියරේ සුදුසුකම් ලැබූ ලක්ෂ 18ට අධික පිරිසට අමතරව දෙවන අදියර සඳහා තවත් අයදුම් පත් හාරලක්ෂ පනස්දහස් නවසිය විසි හතරක් (450,924) ලැබී ඇති අතර ඒ අතරින් සුබසාධක ප්‍රතිලාභ ගෙවීම සඳහා සුදුස්සන් හඳුනා ගැනීම මෙම මාසය තුළ අවසන් කිරීමට නියමිතය. අස්වැසුම පළමු අදියර සඳහා 1854,000ක් සුදුසුකම් ලබා ඇති අතර ඒ සඳහා රුපියල් බිලියන 58.5ක මුදලක් රජය…
මෙරට තේ අපනයනයෙන් මෙම වර්ෂයේ දී ඇමරිකන් ඩොලර් බිලියන 1.5ක ආදායමක් උපයා ගැනීමට හැකිවනු ඇතැයි ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනය සඳහන් කරයි. පසුගිය වසර දෙක තුළ දී ද ඇමරිකන් ඩොලර් බිලියන 1 සිට 1.2 දක්වා වූ විදේශ විනිමය ප්‍රමාණයක් ලබා ගැනීමට මෙරට තේ කර්මාන්තයට හැකි වී තිබේ. කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (07) තළවකැලේ ශාන්ත කුම්බ්ස් තේ කර්මාන්ත ශාලාව හා ශ්‍රි ලංකා තේ පර්යේෂණ ආයතනයේ ප්‍රගතිය සම්බන්ධව පැවැත්වූ සමාලෝචන රැස්වීමේදී මේ කරුණු අනාවරණය විය. 2021 රසායනික පොහොර තහනම මෙරට තේ වගාවට ද බලපෑම් එල්ල කර තිබු අතර මේ නිසා 2022, 2023 වර්ෂවල දී තේ වගාව…
පසුගිය වර්ෂයේ යටියන්තොට පැලැල්ලේගම පිහිටි කැලණි කලා උණබට අත්කම් මධ්‍යස්ථානයේ නිෂ්පාදන නිරික්ෂණය සඳහා ඉන්දුනීසියානු තානාපතිවරිය සහ විදේශ කටයුුතු රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා එක්විය. එහි දී එම නිෂ්පාදකයන් මුහුණ දී ඇති ගැටලු සම්බන්ධව අවධානය යොමු කර උණබට ආශ්‍රිත පුහුණු ශිල්පීන් සහභාගී කර ගනිමින් කිතුල්ගල දී දින 14ක් විධිමත් පුහුණුවක් ලබා දී තිබේ. මෙමගින් මෙම කර්මාන්තකරුවන්ට තම නිෂ්පාදන පිළිබඳ නව තාක්ෂණික දැනුම ලබාදීමට සහ පුහුණුවෙන් පසු පුහුණුලාභීන්ට සහතික හා තිලිණ ලබා දීම සිදු විය.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222