Author: Kesara Athipola

වතු කම්කරුවන් සඳහා ගෙවීමට යෝජිත දෛනික වැටුප හා ඵලදායීතාව මත ගෙවීමට නියමිත දිරි දීමනාව වතු කම්කරුවන්ට ලබා දීමට ඊයේ (10) රැස් වූ වතු සමාගම් 09ක් එකඟ වූ බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පෙන්වා දෙයි. මෙම මාසයේ සිටම එම මුදල වැටුප් ලෙස වතු කම්කරුවන්ට ගෙවීමට අදාළ වතු සමාගම් අමාත්‍යවරයාට එකඟතාව පළ කර තිබේ. කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා හා වතු සමාගම් අතර ඊයේ එම අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී මෙම එකඟතාවයට එළඹ ඇත. වතු කම්කරුවන්ගේ වැටුප රුපියල් දහසේ සිට වැඩි කිරීමට පසුගියදා රජය තීරණය කළ අතර මේ වසරේ මැයි පළවැනිදා ඒ සම්බන්ධ ගැසට් නිවේදනය පළ කෙරිණි.…

තව කියවන්​න

වසර 10කට වැඩි කාලයක් අගලවත්ත රබර් පර්යේෂණායතනයේ සේවය කළ සේවකයින් 47කගෙන් 30කගේ සේවය ස්ථිර කිරීමටත්, තවත් 17කගේ සේවය කොන්ත්‍රාත් පදනම යටතට පත් කර ඔවුන්ගේ සේවා විධිමත් කිරීමටත් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. මෙම පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ වැඩසටහන ඊයේ (10) අගලවත්ත රබර් පර්යේෂණ ආයතන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. මීට අමතරව වසර 10ක් පමණ අධ්‍යක්ෂවරයෙක් නොමැතිව තිබු ශ්‍රී ලංකා රබර් පර්යේෂණ ආයතනයට නව අධ්‍යක්ෂවරයෙක් ද පත් කිරීමට පියවර ගෙන ඇත.

තව කියවන්​න

හෙට (12) එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දී පැවැත්වීමට නියමිත එක්සත් ජනපදය හා ශ්‍රී ලංකාව අතර පස්වැනි හවුල්කාරිත්ව සංවාදයට සහභාගී වීම සඳහා විදේශ ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය එක්සත් ජනපදයේ නිල සංචාරයක නිරත වීමට නියමිතය. එක්සත් ජනපදය හා ශ්‍රී ලංකාව අතර පස්වැනි හවුල්කාරිත්ව සංවාදයෙහි සම සභාපතිත්වය, විදේශ ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය සහ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ වැඩබලන උප ලේකම් ජෝන් බාස් මහතා විසින් දරනු ඇත. ආර්ථික, ආරක්ෂක සහ ආරක්ෂණ සහයෝගීතාව; ප්‍රජාතන්ත්‍රවාදය, සංහිඳියාව සහ මානව හිමිකම්; දේශගුණික විපර්යාස, විද්‍යා සහ තාක්ෂණ සහයෝගීතාව; අධ්‍යාපන සහ සංස්කෘතික සහයෝගීතාව සහ පුද්ගල සබඳතා ඇතුළු ඇමරිකා එක්සත් ජනපදය හා ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සම්බන්ධතාවල බහුවිධ…

තව කියවන්​න

මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයන්ට සංචාරක ක්ෂේත්‍රය තුළ පැනනගින නොයෙක් ගැටලු නිරාකරණය කර දීම සඳහා සහ ආයෝජන ක්ෂේත්‍රය තුළ දෙස් විදෙස් ආයෝජකයන්ට ඇතිවිය හැකි ගැටලු නිරාකරණය කර දීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ ඒකකයක් ශ්‍රී ලංකා පොලීසිය තුළ ස්ථාපිත කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් උපදෙස් දී ඇත. ඒ අනුව ආයෝජන ප්‍රවර්ධන ක්ෂේත්‍රය තුළ ආයෝජකයින්ට ඇතිවන ගැටලු සහ ඒවාට පිළියම් යොදන ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීමට ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ, ජ්‍යෙෂ්ඨ නි. පොලිස්පති අසංක කරවිට මහතාගේ සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතාගේ සහභාගීත්වයෙන් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශයේ දී පසුගියදා (09) විශේෂ හමුවක් පැවැත්විණි.…

තව කියවන්​න

චීන ආයෝජකයන් කණ්ඩායමක් සහ ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා අතර සාකච්ඡාවක් ඊයේ (10) එම අමාත්‍යංශයේ දී පැවැත්විණ. එහි දී චීන ආයෝජකයන් මෙරට සිදු කිරීමට බලාපොරොත්තු වන නව ආයෝජනයන් පිළිබඳව සාකච්ඡා කර තිබේ.

තව කියවන්​න