Author: Kesara Athipola
ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ ඇණිය ශක්තිමත් කිරීම සඳහා ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමෙන් මිලදී ගත් නව එන්ජින් කට්ටල ලංගම ඩිපෝ වෙත බෙදාදීම ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පනාගොඩ පිහිටි ලංකා අශෝක් ලේලන්ඩ් ආයතනයේ කර්මාන්ත ශාලා පරිශ්‍රයේදී සිදුවිය. නවතම එන්ජින් කට්ටල 70ක් මේ යටතේ ලංකා ගමනාගමන මණ්ඩලය මගින් මිලදී ගෙන ඇති අතර ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 490 ක් වේ. වැඩසටහනේ සමාරම්භක අවස්ථාවේදී සංකේතාත්මක ලෙස දිවයින ඩිපෝ 12ක් වෙත නව එන්ජින් කට්ටල භාරදීම සිදු විය. දැනට දිවයින පුරා ඩිපෝවල අලුත්වැඩියාවට නියමිතව භාවිතයෙන් ඉවත් කර ඇති බස් රථ මෙම එන්ජින් කට්ටල යොදා අලුත් වැඩියා…
විදේශගත ශ්‍රමිකයන් හරහා රටේ ආර්ථිකය ඉහළට ගැනීමට විදේශ රැකියා ලියාපදිංචි ඒජන්සි ආයතන දැක්වූ දායකත්වය කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ ඇගයීමට ලක් විය. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි විදේශ රැකියා ආයතනවල හිමිකරුවන් සමඟ ‘මෙහෙවර පියස’ පරිශ්‍රයේදී පසුගියදා පැවති සාකච්ඡාවකදී මෙම ඇගයීම සිදු කෙරිණි. එහිදී විදේශගත ශ්‍රමිකයන් සහ ඒ සඳහා දායකත්වය දැක්වූ විදේශ රැකියා ආයතන හිමිකරුවන් ඇගයීම් උත්සවයක් ජනාධිපතිවරයාගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා පැවසීය.
අද දිනයේ (ජුලි මස 12) සිට ඉදිරි දින කිහිපයේදී නිරිත දිග ප්‍රදේශවල වැසි තත්වයේ වැඩිවීමක් අපේක්ෂා කෙරේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්තික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක. ඌව පළාතේත් අම්පාර සහ මඩකළපුව දිස්තික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රෙද්ශවලත්, උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් තිකුණාමලය, හම්බන්තොට සහ මොණරාගල දිස්තික්කවලත් විටින් විට හමන පැ.කි.මි. (40-50)ක පමණ තද සුළං ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුර අවම කර ගැනීමට අවශ්‍ය පියවර…
ජාතික ඖෂධ නියාමන අධිකාරියට (NMRA) වසර 9 ක් පිරීම නිමිති කොට ගෙන විශේෂ සැමරුම් උත්සවයක් ඊයේ (11) සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරීශ්‍රයේ දී පැවැත්විණි. 2015.07.01 දින ජාතික ඖෂධ නියාමන අධිකාරිය ස්ථාපිත කරන ලද අතර එමගින් ශ්‍රී ලංකාවේ ජාතික ඖෂධ ප්‍රතිපත්තිය අනුගමන කරමින් මහජනතාව සදහා සියලුම වර්ග වල ඖෂධ, වෛද්‍ය උපකරණ, සීමාස්ථ නිෂ්පාදන සහ විලවුන්හි ගුණාත්මකාභාවය, ආරක්ෂාකාරීව, කාර්යක්ෂම සහ දැරිය හැකි මිලකට පාරිභෝගිකයා වෙත ලබා දීම සිදු කරනු ලබයි. ඖෂධ ප්‍රතිපත්තිය මෙරටට ඳෙුන්වා දෙමින්, රාජ්‍ය ඔසුසල් සංකල්පය ලෝකයට හදුන්වා දුන් මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ පිලිරුවක් ද, සෞඛ්‍ය අමාත්‍යවරයා අතින් මෙහි දී…
වර්තමානයේ ආරම්භ කර තිබෙන වැඩවර්ජන සැබෑ වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් නොව දේශපාලන අවශ්‍යතා මත සිදු වන්නක් බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය. එසේම මාර්ග අනතුරු අවම කර ගැනීම සඳහා වේග සීමා සම්බන්ධයෙන් අවශ්‍ය කෙරෙන රෙගුලාසි ඇතුළත් ගැසට් පත්‍රය ඉදිරි සති දෙක ඇතුළත නිකුත් කිරීමට තීරණය කර තිබෙන බව ද ඒ මහතා සඳහන් කළේය. ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
පළමු ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන්ට පිරිනැමෙන ශිෂ්‍යත්ව සඳහා මෙතෙක් අයදුම් නොකළ පාසල්වලට කඩිනම් අයදුම්පත් යොමු කරන ලෙස ඉල්ලීමක්. අ.පො.ස. උසස් පෙළ සහ පළමු ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් වෙනුවෙන් පිරිනැමෙන ජනාධිපති ශිෂ්‍යත්ව ප්‍රදානය අද (12) සිට දිස්ත්‍රික් මට්ටමින් ආරම්භ කෙරේ. කොළඹ දිස්ත්‍රික්කයට අදාළ ශිෂ්‍යත්ව ලබාදීම පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (ජුනි 19) අරලියගහ මන්දිරයේ දී සිදු කෙරුණු අතර අනෙකුත් දිස්ත්‍රික්ක 24ට අදාළ ශිෂ්‍යත්ව පිරිනැමීමට මෙලෙස හෙට සිට දීප ව්‍යාප්තව සිදු කෙරෙනු ඇත.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222