Author: Kesara Athipola

ඉන්දීය රජයේ සේවක පිරිස්, මහජන දුක්ගැනවිලි සහ විශ්‍රාම වැටුප්, අමාත්‍යාංශයේ, පරිපාලන ප්‍රතිසංස්කරණ සහ මහජන දුක්ගැනවිලි දෙපාර්තමේන්තුවේ ලේකම්, සහ යහපාලනය සඳහා වන ජාතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් වන ඉන්දීය පරිපාලන සේවයයේ ශ්‍රී වී. ශ්‍රීනිවාස්, ප්‍රධාන කොටගත් ඉහළ පෙළේ නිල දූත පිරිසක් 2024 ජුලි 07 සිට ජූලි 09 දක්වා ශ්‍රී ලංකාවෙහි සිදු කළ නිල දූත ගමනක් සාර්ථක ව අවසන් කරන ලදී. ඵලදායී සාකච්ඡා සහ උපාය මාර්ගික රැස්වීම් සිදු කෙරුණු මෙම දූතගමනේ දී, ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සඳහා ද්විපාර්ශ්වික සහයෝගීතාවය සහ ධාරිතා ගොඩනැංවීමේ සහාය වැඩිදියුණු කිරීමට මංපෙත් විවර කෙරිණි. කීර්තිමත් දූත පිරිසට පරිපාලන ප්‍රතිසංස්කරණ සහ මහජන දුක්ගැනවිලි දෙපාර්තමේන්තුවේ සම ලේකම් ශ්‍රී එන්.බී.එස්. රාජ්පුත්, යහපාලනය සඳහා…

තව කියවන්​න

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ නවසීලන්ත පාර්ලිමේන්තුවේ කථානායක ගෙරී බ්‍රවුන්ලී (Gerry Brownlee) මහතා අතර හමුවක් පසුගියදා (2024.07.10) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය පිළිබඳ ව මෙහිදී සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා, නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික ආර්ථික සහයෝගීතාව ඉහළ නංවන ලෙසත්, කොළඹ ක්‍රමය යටතේ වැඩිදුර සහය ලබාදෙන ලෙසත් ඉල්ලා සිටියේය. 1893 දී නවසීලන්තය ට සහ 1931 දී ශ්‍රී ලංකාවට සර්වජන ඡන්ද බලය ලබාදෙමින් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ පරම කැපවීම පිළිබඳ සාඩම්බර වාර්තාවකට දෙරට හිමිකම් කියන බව අග්‍රාමාත්‍යවරයා සිහිපත් කළේය. 1958 දී කොළඹ ක්‍රමය ප්‍රදානයක් යටතේ මහරගම ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය විද්‍යාලය පිහිටුවීම පිළිබඳව අග්‍රාමාත්‍යවරයා නවසීලන්තයට ස්තූතිය පළ කළ අතර එය…

තව කියවන්​න

ශ්‍රී ලංකාවේ විදේශ ණයවල කැපී පෙනෙන අඩුවීමක් සමඟින් සමස්ත ණය බරෙහි 2.76% පහත වැටීමක් පෙන්නුම් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පෙන්වා දෙයි. පසුගිය වසරේ දෙසැම්බර් සිට 2024 අප්‍රේල් 30 දක්වා කාලයේ, ශ්‍රී ලංකාව සිය රාජ්‍ය ණය තොගයේ 2.76% කින් කැපී පෙනෙන අඩුවීමක් අත්කර ගෙන ඇති අතර, මූලික වශයෙන් විදේශ ණයෙහි සැලකිය යුතු 9.2% ක අඩුවීමක් පෙන්වයි. මෙම ධනාත්මක ප්‍රවණතාවය රටේ ඵලදායී ණය කළමනාකරණය සහ ශක්තිමත් වූ විනිමය අනුපාතිකය පිළිබිඹු කරන බව රාජ්‍ය අමාත්‍යවරයාගේ අදහසයි.

තව කියවන්​න

උතරු මැද පළාතේ පලාත් පාලන ආයතනවල අනියම් , ආදේශක , කොන්ත්‍රාත් හා තාවකාලික පදනම මත සේවය කරන 493 ක් සඳහා ස්ථිර පත්විම් ප්‍රදානය කිරිම පසුගියදා (11) අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් උතුරු මැද පළාත් සභා ශ්‍රවණාගාරයේ දි සිදු කෙරිණි. මෙහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ , මෙරට ආර්ථිකයේ පැවැති සෘණ සලකුණ වෙනුවට ධනාත්මක අගයකට ආර්ථිකය රැගෙන ඒමට හැකිවූයේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ බුද්ධිමත් නායකත්වය හේතුවෙන් බවයි. රැකියාවේ වගකීම හා යුතුකම් ඉටුකරන පිරිසක් ලෙස කටයුතු කිරීම අත්‍යවශ්‍ය බැවින් එලෙස කටයුතු කරන ලෙස ද ස්ථිර පත්වීම් ලැබූ මෙම පිරිස අමතමින් අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය. මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ ,…

තව කියවන්​න

මේ දිනවල වෙළඳපොලේ පොල්තෙල් මිල ඉහළ යාම පිළිබඳව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා සහ පොල්තෙල් ආනයනකරුවන් අතර සාකච්ඡාවක් පසුගියදා පැවැත්විණි. තෙල් ටැංකි මෙරටට පැමිණීමේ ප්‍රමාදයක් හේතුවෙන් සුළු කාලයකට මෙම තත්ත්වය ඇති වන බව පොල්තෙල් ආනයනකරුවන් එහිදී කියා සිටියහ. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන්ට පොල් තෙල් තොග සඟවා තැබීම, මිල ඉහළ යාම් පිළිබඳ හා පොල්තෙල් සාම්පලවල ගුණාත්මක තත්ත්වය පරීක්ෂා කරන ලෙසට මෙහිදී අමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නේය.

තව කියවන්​න

මෙතෙක් කලක් රජයට අයත් කොමර්ෂල් පොහොර හා ලංකා පොහොර සමාගම් දෙක අද (12) සිට State Fertilizer නාමය යටතේ රජයට අයත් සමාගමක් වශයෙන් ඒකාබද්ධ කිරීමට පියවර ගෙන ඇත. මෙතෙක් කළක් සභාපතිවරු දෙදෙනෙක් හා අධ්‍යක්ෂ මණ්ඩල දෙකක් හා කාර්ය මණ්ඩල දෙකක් වශයෙන් පැවැති එම සමාගම් දෙක ඒකාබද්ධ කිරීම මගින් මෙතෙක් කලක් වැය වූ විශාල මුදලක් රජයට ඉතිරි කර ගැනීමට හැකි වී තිබේ. රජයට අයත් පොහොර සමාගම් දෙක ඒකාබද්ධ කිරීම හා නව නාමය හඳුන්වා දීමේ වැඩසටහන ඊයේ (11) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් වෝටර්ස් එජ් හෝටලයේ දී පැවැත්විණි . එකම අමාත්‍යාංශයක් යටතේ එකම විෂයට අදාළව කටයුතු කරන ආයතන විශාල…

තව කියවන්​න

සීගිරිය සහ තදාසන්න කලාපය සංචාරක කලාපයක් වශයෙන් තවදුරටත් සංවර්ධනය කිරීම අරමුණු කොටගෙන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කිරීමට සංචාරක අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ. එම කටයුතු නිරීක්ෂණයට සංචාරක හා ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පසුගියදා (10) එක් විය. යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති පස්වැනි සියවසේ ඉදි කරන ලද සීගිරි බලකොටුව පෙරදිග සංස්කෘතික කෞතුකාගාරයකි. සීගිරිය ආශ්‍රිත කලාපයේ සංචාරක පහසුකම් වැඩිදියුණු කිරීම, ග්‍රාමීය සංවර්ධනය, ආදායම් උත්පාදනය හා ආයෝජන ප්‍රවර්ධනය කිරීමේ අරමුණ ද ඇතිව ඊට සමගාමීව සංචාරකයින්ගේ මූලික අවශ්‍යතාවයන් ඉටුකිරීමේ කඩිනම් වැඩපිළිවෙළක් ලෙස එහි වැසිකිලි පද්ධතිය නවීකරණය කිරීම සහ සහ අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම ද සිදු වේ.

තව කියවන්​න