Author: Kesara Athipola

කටුනායක මෙගා සතොස ශාඛාව වෙළෙද වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියාද (12) වනදා විවෘත කෙරිණි. මෙම අවස්ථාව සඳහා ලංකා සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන මහතා, ලංකා සතොස ප්‍රධාන විධායක නිලධාරී සම්පත් සේනවත්ත මහතා, ඇතුළු මහජන නියෝජිතයන් හා විශාල පාරිභෝගික ජනතාවක් සහභාගි විය.

තව කියවන්​න

රටේ දරු පරපුර වෙනුවෙන් අනාගතයට ගැළපෙන ශක්තිමත් ආර්ථික ක්‍රමයක් රට තුළ ඇති කිරීමට කටයුතු කරන බවත්, එය කෙටි කාලීන ආර්ථික ක්‍රමයක් නොව රටේ ආර්ථිකය යළි බිඳ නොවැටෙන දීර්ඝකාලීන, ශක්තිමත් ආර්ථික ක්‍රමයක් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ අනුරාධපුර මධ්‍ය විද්‍යාලය සඳහා අභිනවයෙන් ඉදිකළ නවීන පහසුකම්වලින් සමන්විත පිහිනුම් තටාකය සිසු අයිතියට පවරාදීමේ අවස්ථාවට පසුගියදා (13) එක් වෙමිනි. පසුගිය ආර්ථික හා දේශපාලන බිඳ වැටීම හමුවේ මෙරට ඉතිහාසයේ පළමු වතාවට ජාතික මට්ටමින් සිතිය හැකි දේශපාලන කණ්ඩායමක් රට තුළ නිර්මාණය වූ බවත්, වසර 05කට බලය ලබා ගන්නේ කෙසේද කියා සහ පවතින ආණ්ඩුව පෙරළන්නේ කෙසේද කියා සිතන දේශපාලන ක්‍රමය…

තව කියවන්​න

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා අතර හමුවක් ඊයේ (12) සිදු විය. ඉන්දීය රජය විසින් අනුග්‍රාහකත්වය දක්වනු ලබන නවදිල්ලි 2 වන බිම්ස්ටෙක් (BIMSTEC) විදේශ අමාත්‍යවරුන්ගේ හමුවට අතරතුර දීය.

තව කියවන්​න

අතීතයේ ප්‍රධාන වෙළෙඳ සහ ආර්ථික මධ්‍යස්ථානයක්ව පැවති අනුරාධපුරය නැවත ලෝක ප්‍රසිද්ධ නගරයක් බවට පත් කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. තන්ජෝර්, මදුරාසි සහ සාංචිපුරම් නගර ගැන අද ලෝකයම කථා කළද, එහි සිව් වන නගරය වූ අනුරාධපුරයේ එම දියුණුව ඇති කිරීමට මෙතෙක් කටයුතු කර නොමැති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා අනුරාධපුර නගරයේ සංස්කෘතික, අධ්‍යාපන, වෙළෙඳ සහ ආර්ථික වටිනාකම් ලෝකයට ගෙන යමින් එහි පුරාවිද්‍යාත්මක පර්යේෂණ කටයුතු ආරම්භ කිරීමට ඉදිරි සතියේ දී මෙරටට පැමිණෙන යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය සමඟ සාකච්ඡා කරන බවත්, එම කටයුතු සඳහා සහාය දැක්වීමට ලොව විශ්වවිද්‍යාල ගණනාවක් මේ වන විට කැමැත්ත පළ කර තිබෙන බවත් පැවසීය.…

තව කියවන්​න

විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල වෙනුවෙන් පසුගිය බ්‍රහස්පතින්දා අනුමත කල ඇ.ඩො .මිලියන 100ක ප්‍රතිපත්තිමය ණය ආධාරය සම්බන්ධයෙන් ආසියානු සංවර්ධන බැංකුවට සිය ස්තුතිය පළ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පෙන්වා‌ දෙයි. ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රධාන බලශක්ති විශේෂඥයකු වන ජේම්ස් කොලන්තරාජ් ප්‍රකාශ කල පරිදි මෙම ආධාර වැඩසටහන මෙරට නව පනතට අනුව විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු වලට මෙන්ම නියාමන කටයුතු වලට විදුලිබල ක්ෂේත්‍රයේ තිරසාර මෙහෙයුම් කටයුතු වල වෙනුවෙන් සහය පළ කරනු ඇත. එමෙන්ම මෙම ආධාර වැඩසටහන මගින් පුනර්ජනනීය බලශක්ති සංවර්ධනය වේගවත් කිරීමට මෙන්ම තිරසාර හරිත බලශක්ති උත්පාදනය වෙනුවෙන් සංක්‍රමණය වීමට ද සහාය වනු ඇත. එලෙසම මෙම ආධාර වැඩසටහන…

තව කියවන්​න

ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් දැනට ක්‍රියාවට නංවා ඇති “Green Team” වැඩසටහනේ එක් සංරචකයක් ලෙස පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් උපරිම අයුරින් යොදවා ගැනීම ඇතුළත් කර ඇත. එම අභිප්‍රාය තවදුරටත් ඵලගන්වමින් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය පරිශ්‍රයේ විදුලි අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා සූර්ය පැනල පද්ධතියක් සවි කිරීමට පියවර ගෙන ඇත. 2023 වසරේ විවෘත කරන ලද ගම්පහ නව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය සංකීර්ණයෙහි මේ වන විට දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන ගණනාවක් ස්ථාපිත කොට ඇත.

තව කියවන්​න

යාපනය දිස්ත්‍රීක් සම්බන්ධීකරණ කමිටු රැස්වීම ඊයේ (12) යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. බිත්තර රැක්කවීමේ යන්ත්‍ර බෙදාදීම සහ අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් සහල් බෙදාදීම ද මෙහි දී සිදු කෙරිණ. මෙහි දී අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරයා, “යාපනය අර්ධද්වීපයේ ජීවන තත්ත්වය නඟා සිටුවීමට රජය කැප වී සිටිනවා. ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා රජයේ ආයතන වලට අවශ්‍ය බොහෝ වියදම්, ඒ වගේ ම පළාත් පාලන බල ප්‍රදේශයේ ග්‍රාමීය හා නාගරික සංවර්ධනය සඳහා විශේෂ ප්‍රතිපාදන වැඩි කිරීම අප ආරම්භ කර තිබෙනවා. අගමැතිවරයා ලෙස ඔබ සියලු දෙනා විසින් ඉටු කර ඇති ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සඳහා මෙන් ම ලබා දී ඇති වාර්තා සම්බන්ධයෙන්…

තව කියවන්​න