Author: Kesara Athipola

ශ්‍රී ලංකාව ඇතුළුව තවත් රටවල් 93ක සංචාරකයින් සඳහා අද සිට වීසා රහිතව තායිලන්තයට ඇතුළුවීමට අවසර හිමිව තිබෙනවා. ශ්‍රී ලාංකිකයින්ට වීසා බලපත්‍රයක් නොමැතිව තායිලන්තයට යාම සඳහා අවස්ථාව හිමි වන්නේ පළමු වතාවටයි. මෙම නව ප්‍රතිපත්තිය යටතේ සංචාරකයෙකුට දින 60ක කාලයක් වීසා රහිතව එරට රැඳී සිටීමට හැකි වනවා.

තව කියවන්​න

මේ වර්ෂයට අදාළ දෙවන විදුලි ගාස්තු සංශෝධනය අද (15) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා. මහජන උපයෝගීතා කොමිසම විසින් ගාස්තු සංශෝධනයට අදාළ ගණනය කිරීම සිදුකෙරුනා. ඒ අනුව එම කොමිසන් සභාව අද රැස්වී නව ගාස්තු සංශෝධනය ප්‍රකාශයට පත් කරනු ඇති.

තව කියවන්​න

නේපාලයේ හිටපු අග්‍රාමාත්‍ය පුෂ්ප කමල් දහාල් විශ්වාසභංගයකින් පසුගිය දා පරාජයට පත්වුණා ඒ අනුව නේපාලයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස කේ.පී ශර්මා ඔලී තේරිපත් වී තිබෙනවා. 72 හැවිරිදි වියේ පසුවන නව අග්‍රාමාත්‍යවරයා මීට පෙර අවස්ථා දෙකකදී නේපාලයේ අග්‍රාමාත්‍ය ධුරය හොබවා තිබෙනවා. අග්‍රාමාත්‍යවරයා පත්වීමෙන් අනතුරුව සමග එරට නව අමාත්‍ය මණ්ඩලය අද (15) දිවුරුම් දීමට නියමිතයි.

තව කියවන්​න

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලමි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (50-60) ක පමණ තද සුළං ඇතිවිය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

තව කියවන්​න

සැබෑ විප්ලව යනු මිනිසුන් මරා දැමීම හෝ ගෙවල් ගිනි තැබීම නොව ජනතාව‍ට ආඩම්බරයෙන් ඉදිරියට යා හැකි පසුබිමක් රට තුළගොඩනඟා දීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. “උරුමය” වැඩසටහන මඟින් මෙරට ජනතාවට එම පසුබිම උදා කරදීමට හැකි වී ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා සැබෑ සමාජවාදී වැඩපිළිවෙළ ජනගත කෙරෙන උරුමය වැඩසටහන සමඟ දේශපාලනයෙන් තොරව සියලුදෙනා එක්විය යුතු බවද පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ තඹුත්තේගම මහවැලි ක්‍රීඩාංගණයේදී පසුගියදා (13) පැවති උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ප්‍රදානෝත්සවයට එක්වෙමිනි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහවැලි එච් සහ හුරුළුවැව යන කලාප දෙකෙහි මහවැලි කොට්ඨාශ 09ක 4012 දෙනෙකුට සින්නක්කර ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීම මෙහිදී සිදු විය.

තව කියවන්​න

සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ උපදෙස් පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ග්‍රාමීය ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වයන් ඉහළ නැංවීම ප්‍රධාන අරමුණ කර ගනිමින්, නිදන්ගත රෝග මෙන්ම සර්වාංග රෝග හඳුනා ගැනීම, ප්‍රතිකාර ලබා දීම, ඉදිරි ප්‍රතිකාර සේවාවන් සදහා රජයේ රෝහල් වල සායන සදහා යොමු කිරිම, අරමුණු කර ගනිමින් දීප ව්‍යාප්තව පවත්වනු ලබන “සුව උදාන” ජංගම සෞඛ්‍ය සායන වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් ඊයේ (13) ගාල්ල බෝපේ, පෝද්දල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උළුවිටිකේ , ආචාර්ය රිචඩ් පතිරණ විද්‍යාලයේ දී ආරම්භ කෙරිණි. විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම “සුව උදාන” ජංගම වෛද්‍ය සායනය තුළින් ජංගම රසායනාගාර සේවා, දන්ත වෛද්‍ය…

තව කියවන්​න

ගාල්ල බෙලිගහ නව උසාවි සංකීර්ණයත්, මෙරට ප්‍රථම සම සෞඛ්‍ය පීඨ ගොඩනැගිල්ලත් මෙම මස 19 දා අතින් විවෘත කෙරෙන බව සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය. ගාල්ලේ පැවැති “සුව උදාන” ජංගම සෞඛ්‍ය සායනයකට එක් වෙමින් ඊයේ (13) අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. නව උසාවි සංකීර්ණයේ ඉදිකිරීම් 2012 වසරේ ආරම්භව 2015 සිට 2020 දක්වා විශාල කාලයක් ඉදිකිරීම් කටයුතු නතර වී තිබුණ බවත් නැවත වැඩ ආරම්භ කර රුපියල් කෝටි 100ක් වැනි මුදලක් වැය කරමින් එහි වැඩකටයුතු අවසන් කිරීමට පියවර ගෙන ඇති බවත් අමාත්‍යරවයා පෙන්වා දුන්නේය.

තව කියවන්​න