- අන්තර් පාසල් රග්බි තරගාවලියේ ත්‍රිත්ව සහ රාජකීය විද්‍යාලය අතර තරගය හෙට
- ට්‍රම්ප්ගේ බදු පනතට අමෙරිකානු කොංග්‍රසයේ එකඟත්වය
- ට්‍රිලියනය ඉක්ම වූ රේගුවේ ආදායම
- ලංගම බස් රථයක් ගසක ගැටී 21 ක් රෝහලේ
- සඳුදා සිට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්
- ලංගම බසයක් මාර ගසක ගැටෙයි – මගීන් පිරිසක් රෝහලට
- කේරළ ගංජා තොගයක් සහ ගිනි අවි සමග තිදෙනෙක් මාට්ටුවෙයි
- මහා පරිමාණයෙන් මුදල් වංචා කර ඉන්දියාවට පළා ගිය තිදෙනෙක් යළි දිවයිනට
Author: Kesara Athipola
පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාතන් අර්චුනා මහතාට එරෙහිව පරීක්ෂණයක් සිදු කිරීම සදහා මේ වන තෙක් කිසිදු පැමිණිල්ලක් ලැබී නොමැති බව කතානායක අශෝක රන්වල මහතා පවසනවා . ඔහු මේ බව සදහන් කලේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින් . අදාළ සිදුවීම මුල් කර ගනිමින් වැරදි අර්ථකතන ලබා දීමට ඇතැම් පිරිස් උත්සහගන්නා බවද කතානායකවරයා සදහන් කළා.
නව පක්ෂයක් ලියාපදිංචි කිරීම සදහා වන අවස්තාව 2022 වසරේ සිට අවහිර කර ඇති බව ශ්‍රී ලංකා ජාතික සංවිධානය චෝදනා කරනවා. එම සංවිධානය පෙන්වා දෙන්නේ එමගින් මුලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවයි. අදාළ සංවිධානය විසින් මේ පිලිබදව මානව හිමිකම් කොමිසමට සහ මැතිවරණ කොමිසමට පැමිණිලි කිරීමට පියවර ගනු ලැබුවා.
උපකාරක පන්ති තහනම් කිරීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බව රජය පවසනවා. කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ අධ්‍යාපනය සම්බන්ධයෙන් සිදු කරන වෙනස්කම් පිළිබඳව රජය දැඩි අවධානයෙන් කටයුතු කරන බවයි. ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළින් අධ්‍යාපනය නවීකරණය සහ පුළුල් කීම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කර ඇති බවද සදහන් කළා. කෙසේ වෙතත් විභාග ක්‍රමය ඇතුළු සමස්තය සම්බන්ධයෙන් වෙනසක් කිරීමට බලාපොරොත්තු වන්නේ විධිමත් සාකච්ඡාවකින් අනතුරුව බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.
ශ්‍රී ලංකාවට නැගෙනහිරින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ නිර්මාණය වී ඇති පීඩන අවපාතය අද දිනයේදී සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකිවීමේ අවධානමක් හටගෙන තිබෙනවා. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කලේ නිරිත දිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව පීඩන අවපාතයක් නිර්මාණය වීමේ ප්‍රතිඵලයක් ලෙස දින කිහිපයක සිට මෙරට නැගෙනහිර, උතුර, උතුරු-මැද, ඌව සහ දකුණු පළාත්වලට තද වැසි ඇදහැලෙමින් පවතින බවයි. පීඩන අවපාතය මේ වන විට මඩකලපුවේ සිට කිලෝමීටර් 170ක් සහ ත්‍රිකුණාමලයට 240ක් පමණ දුරින් ගිනිකොණ දෙසින් පිහිටා ඇති බවයි එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ. මේ අතර අධික වැසි සමග ඇති වූ ආපදාවලින් දිස්ත්‍රික්ක 10කට බලපෑම් එල්ල වී තිබෙනවා. ඒ අනුව යාපනය, පුත්තලම, කෑගල්ල, මන්නාරම, කිලිනොච්චිය, රත්නපුර,…
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අද , හෙට සහ අනිද්දා යන දිනවල උසස් පෙළ විභාගය නොපැවැත්වීමට තීරණය කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සදහන් කලේ එළඹෙන සෙනසුරාදා එනම් නොවැම්බර් මස 30 වන දා විභාගය සුපුරුදු පරිදි පැවැත්වෙන බවයි. කාලසටහනේ එදිනට නියමිත විෂයට අදාළව එම විභාගය පැවැත්වෙනු ඇති බව එම දෙපාර්තමේන්තුව පැවසුවා . විභාගය නොපැවැත්වෙන 27, 28 සහ 29 යන දින තුනට අදාළ විෂයන්වල ප්‍රශ්න පත්‍ර යළි සිසුන්ට ලබා දීමේ දිනයද විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශයට පත් කර තිබෙනවා . ඒ අනුව දෙසැම්බර් මස 21, 22 සහ 23 යන දිනවල දී අදාළ විෂයන්වල ප්‍රශ්න පත්‍ර යළි සිසුන්ට ලබා දීමට නියමිතයි.
ගංවතුර තත්ත්වය හේතුවෙන් මඩකලපුව දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට අද පෙරවරුවේ බාධා ඇති වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. පවතින කාලගුණ තත්ත්වය හමුවේ මෙලෙස දුම්රිය ගමනා ගමනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව කියා සිටියා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ දිවයිනේ නැගෙනහිර වෙරළට ආසන්නව උතුරට බරව වයඹ දෙසට ගමන් කරමින් අද සුළි කුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනය වීමට ඉඩ ඇති බවයි.
අනුරාධපුර, වවුනියාව සහ මන්නාරම දිස්ත්‍රික්කවලට ඊයේ රාත්‍රියේ සිට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ මල්වතු ඔයේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ හේතුවෙන් මහවිලච්චිය, නානාද්දන්, මුසලෙයි සහ මඩු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ඉදිරි පැය 48 තුළ ගංවතුර අවදානමක් මතුව තිබෙන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. එම නිසා ප්‍රදේශවාසීන්ට සහ සංචාරකයින්ට අවධානයෙන් සිටින ලෙසයි එම දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත්තේ. එමෙන්ම දැදුරුඔය, රාජාංගනය, කවුඩුල්ල ජලාශ සහ පරාක්‍රම සමුද්‍රයේ වාන් දැමීමේ සීඝ්‍රතාව ඉහළ යා හැකි බව එම දෙපර්තමෙන්තුව සඳහන් කළා.
අවිස්සාවේල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියේ කාර්මික දෝෂයක් හේතුවෙන් කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. එම කාර්මික දෝෂයට ලක් වු දුම්රිය මේ වන විට මීගොඩ දුම්රිය ස්ථානයේ නවතා තිබෙනවා. කෙසේ නමුත් කඩිනමින් එම දුරියේ ඇති වූ කාර්මික දෝෂය සකසන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.
අයහපත් කාලගුණය හේතුවෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් ගුවන් ගමන් 6ක් හරවා යවා තිබෙනවා. ගුවන් යානා තුනක් මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළට හරවා යවා ඇති බවයි සඳහන් වෙන්නේ. එමෙන්ම අනෙක් ගුවන් යානා තුන ඉන්දියාවේ ත්‍රිවන්ද්‍රම් ගුවන්තොටුපල වෙත හරවා යවා ඇති බවයි අප ගුවන්තොටුපළ වාර්තාකරු සඳහන් කලේ.
අයහපත් කාලගුණයත් සමග බණ්ඩාරවෙල ප්‍රදේශයේ දී බැම්මක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් 61 හැවිරිදි බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් මියගොස් තිබෙනවා. බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ අද (26) පෙරවරු 7ට පමණ එම අනතුර සිදුව ඇති බවය. බණ්ඩාරවෙල පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222