Author: Dhanushka

හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බවට චෝදනා කරමින් ගොනුකර තිබූ පෙත්සම සලකා බැලීමේ කටයුතුවලින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු ඉවත්ව තිබෙනවා. අදාළ චෝදනා එල්ල කරමින් පෙත්සම වැලිගම නගර සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම මහතා විසිනුයි ගොනුකර ඇත්තේ. අදාළ පෙත්සම ප්‍රීතිපත්මන් සූරසේන, කුමුදුනි වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වා යන මහත්ම මහත්මින්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ඊයේ කැඳවනු ලැබුවා. එම අවස්ථාවේදී කුමුදුනී වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වා යන විනිසුරුවරුන් දෙදෙනා මෙලෙස ඉවත් වීමටයි කටයුතු කරනු ලැබුවේ.

තව කියවන්​න

රුසියාවේ ගොඩනැගිල්ලක හටගත් ගින්නකින් පුද්ගලයන් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. රුසියාවේ මොස්කව් අගනුවර පිහිටා ඇති කාර්යාල ගොඩනැගිල්ලකයි මෙම ගින්න හටගෙන ඇත්තේ. ගින්නට හසු වූ එක් පුද්ගලයෙකුගේ දිවි ගලවා ගැනීමට සහන කණ්ඩායම් සමත්ව තිබෙනවා.

තව කියවන්​න

පැරිස් සමාජය සමග ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ගිවිසුම්වලට එකඟතාවයකට පැමිණ තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශ්‍ය සදහන් කළේ අමෙරිකානු ඩොලර් බිලියන 5.8 ක විදේශ ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යූහගතකරණයට මෙලෙස එකඟතාවය හිමිව ඇති බවයි. අදාළ ගිවිසුම්වලට අත්සන් තැබීම මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ, මුදල් අමාත්‍යංශයේ ලේකම් සහ මහ බැංකු අධිපතිවරයා එක්ව සිටිනවා.

තව කියවන්​න

බදු වැඩි කිරීමට ඇති සැලසුමකට එරෙහිව කෙන්යාවේ විශාල උද්ඝෝෂණ රැල්ලක් ආරම්භ වී තිබෙනවා. උද්ඝෝෂකයින් නයිරෝබි අගනුවර පිහිටි කෙන්යානු පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට ගිනි තබා ඇති බවද වාර්තා වනවා. පොලීසිය උද්ඝෝෂකයින්ට වෙඩි තබා ඇති බවද සඳහන්.

තව කියවන්​න

ජාත්‍යන්තර අපරාධ අධිකරණය තවත් ඉහළ පෙළේ රුසියානු නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබෙනවා. රුසියාවේ හිටපු ආරක්ෂක අමාත්‍ය සර්ගෙයි ෂොයිගු හා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී වැලරි ජිරාසිමොව් අත්අඩංගුවට ගැනීමටයි මෙලෙස වරෙන්තු නිකුත් කර ඇත්තේ. රුසියාව, යුක්‍රේනයේ සිදුකරන යුද මෙහෙයුම් අතරතුරදී අදාළ නිලධාරීන් දෙදෙනා යුද අපරාධ හා මානුෂි්‍යත්වයට එරෙහි අපරාධ සිදුකර ඇති බවට ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ විනිසුරුවන් පවසනවා.

තව කියවන්​න

102 වන ජාතික මලල ක්‍රිඩා උළෙලේ කාන්තා මීටර් 400 ධාවන ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට නදීෂා රමනායක සමත් වුණා. දියගම මහින්ද රාජපක්ෂ ක්‍රිඩංගනයේදීයි මෙම තරගාවලිය පැවැත්වෙන්නේ. එම තරග ඉසව්වේ පිරිමි රන් පදක්කම දිනා ගැනීමට අරුණ දර්ශන සමත් වී තිබෙනවා.

තව කියවන්​න

ගුරු විදුහල්පති විරෝධතාවයට පොලිසිය විසින් ජල හා කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයට සමගාමිව ගුරු හා විදුහල්පති වෘත්තිය සමිති අද කොටුව දුම්රිය ස්ථානය අසල විරෝධතාවක නිරත වුණා. එහිදි විරෝධතාවට එක්ව සිටි පිරිස් පාලනය කිරීම සදහායි පොලිසිය විසින් කදුළු ගෑස් සහ අධි පීඩන ජල ප්‍රහාරයන් එල්ල කර ඇත්තේ.

තව කියවන්​න

කුකු`ඵ මස් සහ බිත්තර පරිභෝජනයේදී හොඳින් පිසගැනීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය ජනතාවට දැනුම් දී තිබෙනවා. අඩුවෙන් පිසින ලද කුකුළු නිෂ්පාදන පරිභෝජනය කිරීමෙන් වළකින ලෙසටයි එම අමාත්‍යංශය පවසන්නේ. ඉන්දියාවේ මෑතකාලීනව ව්‍යාප්ත වී ඇති කුරු`ඵ උණ රෝගය පිළිබදව සෞඛ්‍ය අමාත්‍යංශයේ අවදානය යොමු වීමත් සමගයි මෙම දැනුම් දීම සිදු කර ඇත්තේ.

තව කියවන්​න

ගාසා තීරයේ මිලියන භාගයක් පමණ පලස්තීනුවන් සාගින්නෙන් පෙළෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා. අදාළ වාර්තාව උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ, ඊශ්‍රායල – හමාස් යුද්ධය තවදුරටත් පවතින්නේ නම් මෙම තත්වය ඉහළ අවධානම් මට්ටමකට පත් වනු ඇති බවයි. එමෙන්ම ඊශ්‍රායලය ගොඩබිම් මෙහෙයුමක් දියත් කළ මැයි මස මුල සිට රෆා දේශසීමා හරස් මාර්ගය වසා දැමීම හේතුවෙන් මෙලෙස පලස්තිනුවන්ට ආහාර ලබා දීමට නොහැකි වී ඇති බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය වැඩිදුරටත් පවසන්නේ.

තව කියවන්​න

මැතිඇමතිවරුන් 56 දෙනෙකු සිය නවාතැන් වෙනුවෙන් රුපියල් ලක්ෂ 37ක පමණ මුදලක් ගෙවීම පැහැරහැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලු‍ත්ම වාර්තාවේ සඳහන් වනවා. පසුගිය 2015 වර්ෂයේ සිට එන, ලක්ෂ 14කට ආසන්න ශේෂ 19ක්ද ඒ අතර වන බව  එම වාර්තාවේ දැක්වෙනවා. මේ අතර සමුළු නිවාස 35කින් පසුගිය වසරේ දෙසැම්බර් 31 වනවිට ලක්ෂ 23 කට ආසන්න මුදලක් අයකරගෙන නොතිබූ බව සඳහන්. ජයවඩනගම නිවාසවල 2012 සිට 2021 දක්වා පදිංචිව සිටි රජයේ නිලධාරින් 18 දෙනකුගෙන්ද කෝටියකට ආසන්න මුදලක් අයකරගෙන නොතිබූ බව සඳහන්. තවද ආයතන 32කින් ගොඩනැගිලි කුලී වශයෙන් කෝටි 33කට වැඩි මුදලක් අමාත්‍යාංශයට ගෙවා නොතිබූ බව වාර්තාවල සඳහන්.

තව කියවන්​න