Author: Dhanushka

සිඩ්නි විශ්වවිද්‍යාලය තුළ පිහි ඇනුමක් සිදුව තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට 14 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පිහි ප්‍රහාරයට ලක්වූ 22 හැවිරිදි පුද්ගලයා වැඩිදුර ප්‍රතිකාර සදහා රෝහල්ගත කර තිබෙනවා.

තව කියවන්​න

යාපනය දිස්ත්‍රික්කයේ ජනතාවට පානිය ජලය සපයා ගැනීම සඳහා වැසි ජලය රැස්කර ගැනීමේ ටැංකි ඉදිකිරීමට ඉන්දියාව ඉදිරිපත් වී තිබෙනවා. වැසි ජලය රැස් කිරීමේ ටැංකි 3000ක් ඉදිකිරීමට ඉන්දීය රජය සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම සඳහා පසුගියදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබුණා. එම ව්‍යාපෘතිය වසර තුනකදී නිම කළ යුතුව තිබූ නමුත් මතුවූ මූල්‍යමය හා තාක්ෂණික ගැටලු හේතුවෙන් ව්‍යාපෘති කාලසීමාව 2024 ජුනි දක්වා දීර්ඝ කරනු ලැබුවා.

තව කියවන්​න

මහනුවර අධිකරණ සංකීර්ණය තුළ බෝම්බයක් ඇති බවට ලද තොරතුරකට අනුව එහි විශේෂ ආරක්ෂක මෙහෙයුමක් ක්‍රියාත්මක වනවා. එහි නඩු විභාග කිරීම නවතා දමා ජනතාව අධිකරණ සංකීර්ණයෙන් ඉවත් කොට තිබෙනවා. මේ වනවිට බෝම්බ නිෂ්ක්‍රිය අංශයල හමුදාව සහ පොලීසිය එහි සෝදිසි මෙහෙයුමක නිරතව සිටින බව වාර්තා වනවා. මේ අතර මහනුවර අධිකරණයේ නඩු කටයුතු ජුලි 16 වනදා දක්වා කල්දමා තිබෙනවා.

තව කියවන්​න

පොතුවිල් – අක්කරෙපත්තුව මාර්ගයේදී සිදුවූ රිය අනතුරකින් ඊශ්‍රායල් ජාතිකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොතුවිල් දෙසට ධාවනය වූ යතුරුපැදියක් එම දිසාවටම ධාවනය වූ අත්ට්‍රැක්ටරයක පසුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා. අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු පොතුවිල් රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අනතුරෙන් මියගොස් ඇත්තේ 23 හැවිරිදි ඊශ්‍රායල් ජාතිකයෙක්. සිද්ධිය සම්බන්ධයෙන් පොතුවිල් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

තව කියවන්​න

සිය ඉල්ලීම් සම්බන්ධයෙන් බලධාරීන් සමග පැවති සාකච්ඡා සාර්ථක වූ බව විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් පවසනවා. විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික ප්‍රියන්ත මහතා සඳහන් කළේ සිය ගැටලු සඳහා විසඳුම් අද හෝ හෙට දිනයන් ඇතුළත ලබාදීමට බලධාරීන් එකඟ වූ බවයි.

තව කියවන්​න

දකුණු කොරියාවේ සෝල් අගනුවරදී සිදු වූ මෝටර් රථ අනතුරකින් පුද්ගලයින් 09 දෙනෙකු මියගොස් තිබෙනවා. අනතුරින් තවත් පුද්ගලයින් සිව්දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. අදාළ මෝටර් රථය වැරදි දිශාවෙන් ධාවනය කර ඇති අතර වාහන 02 ක ගැටී පදිකයින් පිරිසකගේ ද ඇඟේ ගැටී ඇති බව සඳහන්. අනතුරු සිදුවූ ස්ථානයේදීම පුද්ගලයින් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

තව කියවන්​න

මහජන ආරක්ෂාව සඳහා රට පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආඥාවක් නිකුත් කර තිබෙනවා. කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් මේ පිළිබදව පාර්ලිමේන්තුවට අද දින දැනුම් දෙනු ලැබුවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම ආඥාව නිකුත් කර ඇත්තේ හතළිස් වෙනි අධිකාරිය වූ මහජන ආරක්ෂක පනතේ 12 වැනි වගන්තියෙන් ඔහුට පැවරී ඇති බලතල අනුවයි.

තව කියවන්​න

කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ වේවැල්දෙණිය ප්‍රදේශයේදී බස්රථ අනතුරක් සිදුව තිබෙනවා. පොලිසිය පැවසුවේ මෙම අනතුරෙන් තුවාල ලැබූ 15 දෙනෙකු රෝහල් ගත කර ඇති බවයි. ලංගම බස් රථයක් සහ පෞද්ගලික බස් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා. අනතුරෙන් තුවාල ලැබූවන් වතුපිටිවල සහ වරකාපොල රෝහල් වෙත ඇතුළත් කර ඇති බවද පොලිසිය සඳහන් කළා.

තව කියවන්​න

සේවා ව්‍යවස්ථාවක් ඇතුළු සිය ඉල්ලීම් සම්බන්ධයෙන් අද දිනයේ තීරණාත්මක සාකච්ඡාවක් සිදුකිරීමට නියමිත බව රජයේ ග්‍රාම නිලධාරීන්ගේ සංගමය පවසනවා. ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා සමඟ එම සාකච්ඡාවට පැවැත්වීමට නියමිත බවයි එම සංගමයේ ජාතික සංවිධායක සුමිත් කොඩිකාර මහතා ස‘දහන් කළේ. කෙසේවෙතත් අදාළ සාකච්ඡාවෙන් සිය ගැටලුවලට සාධාරණ විසඳුමක් නොලැබුණහොත් අඛණ්ඩ වර්ජන ක්‍රියාමාර්ගයකට එළැඹෙන බව ද සුමිත් කොඩිකාර මහතා සඳහන් කළා.

තව කියවන්​න

නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි මහත්මිය අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ තිබෙනවා. සිය වත්කම් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සදහායි පියුමි හංසමාලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇත්තේ. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධි වත්කම් විමර්ශන ඒකකය විසින් ඇයගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට නියමිතයි. රුපියල් කෝටි ගණනක දේපළ අයථා ලෙස උපයාගෙන ඇති බවට පියුමි හංසමාලිට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත්ව තිබෙනවා.

තව කියවන්​න