- පාරිභෝගික අධිකාරියේ සහල් වැටලීම් අඛණ්ඩව
- පාකිස්තානයට ජාත්‍යන්තර පාපන්දු තහනමක්
- පළමු ආනයනික වාහන නැව 25 වැනිදායින් පසු දිවයිනට
- 09 වන ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙල ඇරඹෙයි
- බ්‍රසීලයේදී කුඩා ගුවන් යානයක් කඩා වැටෙයි
- නුවරඑළියට මල්තුහීන
- රොටුඹ උපාලිගෙන් ප්‍රශ්න කිරීමට දින 7ක රැඳවුම් නියෝග ගනී
- වැසි රහිත කාලගුණ තත්ත්වයක්
Author: Dhanushka
අල්ලස් චෝදනා එල්ල වූ පොලිස් පරීක්ෂකවරයෙකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මහබාගේ පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් පරීක්ෂකවරයෙකුයි. අගරු චෙක්පත් දෙකකට අදාල පැමිණිල්ලක් විභාග කිරීම සදහා සැකකාර පොලිස් පරික්ෂකවරයා පුද්ගලයෙකුගෙන් රුපියල් 25,000 ක අල්ලස් මුදලක් ලබාගෙන තිබෙනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම මහතා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන තිබෙනවා. ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදීයි.
වයස අවුරුදු 12 න් පහළ දරුවන් සඳහා දෙහිවල ජාතික සත්වෝද්‍යානය නොමිලේ නැරඹීමට අද දිනයේදී අවස්ථාව ලබා දී තිබෙනවා. ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සදහන් කළේ දෙහිවල සත්වෝද්‍යානයේ 88 වැනි සංවත්සරය නිමිත්තෙන් මෙම අවස්ථාව ලබා දී ඇති බවයි. 1936 වසරේ ජූලි මස 03 වන දා රාජ්‍ය ආයතනයක් ලෙස දෙහිවල සත්වෝද්‍යානය රජයට පවරාගෙන තිබෙනවා. අක්කර 62 ක භූමි භාගයක විහිදි ඇති මෙම සත්වෝද්‍යානයේ දේශීය සහ විදේශීය සත්ව විශේෂ 220 කට අධික ප්‍රමාණයක් නැරඹීමේ හැකියාව පවතිනවා.
කොළඹ කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ සුඛෝපබෝගි නිවාස සංකීර්ණයක් වන අල්ටෙයාර් ගොඩනැගිල්ලෙහි 67 වන මහලෙන් ඇදවැටී ළමුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය සඳහන් කළේ මෙලෙස මියගොස් ඇත්තේ ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන 15 හැවිරිදි වියේ පසුවන සිසුවෙකු හා සිසුවියක් බවයි. පාසල් වේලාවෙන් පසුව එම ගොඩනැගිල්ලේ පැවති සාදයකට මෙම දරුවන් දෙදෙනා සහභාගි වී තිබෙනවා. එමෙන්ම අදාළ සාදයට සිසුන් 100 ක් පමණ පැමිණ ඇති බවද සඳහන්. මෙම සිසුවිය හා සිසුවා අදාළ ගොඩනැගිල්ලෙන් බිමට පැන ඇති බවට පොලිසිය සැක පළ කරනවා. අදාළ සිසුවිය සහ සිසුවා වැල්ලවත් සහ කැළණිය ප්‍රදේශවල පදිංචි වූවන් බව මේ වන විට අනාවරණය වී තිබෙනවා. අදාළ සිදුවීම පිළිබදව කොම්පඤ්ඤවීදිය පොලිසිය මගින් වැඩිදුරට විමර්ශන ක්‍රියාත්මකයි.
යුද ගැටුම් හේතුවෙන් ගාසා තීරයේ අවතැන් වූ පලස්තීන වැසියන් ගණන මිලියන 2 කට ආසන්න බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා. එය ගාසා තීරයේ ජීවත් වන සමස්ත ජනගහනයෙන් සියයට 80 ක ප්‍රතිශතයක් බවයි ජගත් සංවිධානය සඳහන් කළේ. පසුගිය දිනවල ඇති වූ යුද ගැටුම් හමුවේ තවත් මිලියනයක පමණ පිරිසක් කුසගින්නෙන් පීඩාවට පත්වන බවද සදහන්. එමෙන්ම ප්‍රහාර එල්ල වූ ප්‍රදේශවලට සහන සේවා නොමැති වීම හේතුවෙන් අවතැන් වූ පිරිස් වෙත ආහාර, ඖෂධ සහ නවාතැන් පහසුකම් සපයා ගැනීමට ද නොහැකි අර්බුදකාරි තත්ත්වයක් හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.
නිල සංචාරයක් සඳහා ජපානයට ගොස් සිටින විදේශ අමාත්‍ය අලි සබි්‍ර මහතා ජපාන විදේශ අමාත්‍ය යොකෝ කමිකාවා මහත්මිය හමු වී තිබෙනවා. ආර්ථික අර්බුදය සහ ණය ප්‍රතිව්‍යූහගතකරණය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ මෑතකාලිනව ගෙන ඇති උත්සහයන් සම්බන්ධයෙන් ජපාන විදේශ අමාත්‍යවරිය එම අවස්ථාවේදී සිය ප්‍රසංශාව එක් කර ඇති බව සදහන්. එමෙන්ම ටෝකියෝ හි පැවති මෙම සාකච්ඡාවෙන් අනතුරුව ඒකාබද්ධ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඇය වැඩිදුරටත් කියා සිටියේ දෙරට අතර මානව සම්පත් හුවමාරුව තවදුරටත් ප්‍රවර්ධනය කිරීමට බලාපොරොත්තු වන බවයි
පසුගිය වසරේ මෙම කාලයට සාපේක්ෂව රුපියල් බිලියන 17 ක සැලකිය යුතු වර්ධනයක් සනිටුහන් කරමින් මෙම වසරේ මේ දක්වා සුරා බදු දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 105 ක වාර්තාගත ආදායමක් රැස් කරගෙන තිබෙනවා. සුරාබදු කොමසාරිස් එම්.ජේ. ගුණසිරි මහතා සඳහන් කළේ ජුනි 30 වනදා වන විට සුරාබදු දෙපාර්තමේන්තුව සිය ආදායම් ඉලක්කයට ළඟා වූ බවයි.
යුද ගැටුම් හේතුවෙන් ගාසා තීරයේ අවතැන් වූ පලස්තීන වැසියන් ගණන මිලියන 2 කට ආසන්න බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා. එය ගාසා තීරයේ ජීවත් වන සමස්ත ජනගහනයෙන් සියයට 80 ක ප්‍රතිශතයක් බවයි ජගත් සංවිධානය සඳහන් කළේ. පසුගිය දිනවල ඇති වූ යුද ගැටුම් හමුවේ තවත් මිලියනයක පමණ පිරිසක් අවතැන්ව ඇති බවට ද තොරතුරු වාර්තා වනවා. ප්‍රහාර එල්ල වූ ප්‍රදේශවලට ආහාර නොලැබීම හේතුවෙන් අවතැන් වූ පිරිස් වෙත ආහාර, ඖෂධ සහ නවාතැන් පහසුකම් සපයා ගැනීමට දැඩි අර්බුදකාරි තත්ත්වයකට පත්ව තිබෙනවා.
යටියන්තොට පැලැල්ලේගම ප්‍රදේශයේ වතු නිවාස පේළිය සිදු වූ ගින්නකින් පුද්ගලියන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. අද අ`ඵයම එම ගින්න හටගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ. ගින්නෙන් 50 හැවිරිදි කාන්තාවක් සහ 60 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. ගින්නෙන් වතු නිවාස 3 කට හානි සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණ විසින් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇප මත මුදා හරින්නනේද, නැද්ද යන නියෝගය අගෝස්තු මස 01 වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය අද 02 නියෝග කළා. කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් දීර්ඝ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කලා. ඒ අනුව නඩුවට අදාළ ලිඛිත දේශන තිබේ නම් ඒවා ජූලි මස 15 වනදාට පෙර ගොනුකිරීමට පියවර ගන්නා ලෙසත් විනිසුරු මඩුල්ල විසින් පාර්ශවකරුවන්ට දැනුම් දුන්නා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222