- පාරිභෝගික අධිකාරියේ සහල් වැටලීම් අඛණ්ඩව
- පාකිස්තානයට ජාත්‍යන්තර පාපන්දු තහනමක්
- පළමු ආනයනික වාහන නැව 25 වැනිදායින් පසු දිවයිනට
- 09 වන ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙල ඇරඹෙයි
- බ්‍රසීලයේදී කුඩා ගුවන් යානයක් කඩා වැටෙයි
- නුවරඑළියට මල්තුහීන
- රොටුඹ උපාලිගෙන් ප්‍රශ්න කිරීමට දින 7ක රැඳවුම් නියෝග ගනී
- වැසි රහිත කාලගුණ තත්ත්වයක්
Author: Dhanushka
කොළඹ ඩාලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය ආසන්නයේ ආරක්ෂාව තර කිරීමට පොලීසිය කටයුතු කර තිබෙනවා. අද උදෑසන තම පක්ෂ මූලස්ථානයට එන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයින්ගෙන් එහි මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා ඉල්ලීමක් කර තිබුණා. මේ හේතුවෙන් එම ස්ථානයේ කලබලකාරී තත්ත්වයක් ඇති වෙතැයි අනුමාන කර මෙම තීරණය ගෙන තිබෙනවා.
ඉරාන ජනාධිපතිවරණයේ දෙවැනි වටය අද පැවැත්වෙනවා. පසුගියදා පැවති පළමුවන වටයට ඉදිරිපත් වූ කිසිදු අපේක්ෂකයෙකුට සියයට 50 කට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයක් දිනා ගැනීමට නොහැකි වුණා. මේ අනුව දෙවන වටය පැවැත්වෙන්නේ, පළමු වටයෙන් වැඩි ඡන්ද දිනා ගත් අපේක්ෂකයන් දෙදෙනා වන මසූද් පෙසෙස්කියන් සහ සහීද් ජලීල් අතරයි.
අකුරණ නගරයේ අවන්හලක ඇති වූ ගින්නක් හේතුවෙන් මහනුවර – මාතලේ මාර්ගය තාවකාලිකව වසා දමා තිබෙනවා. ගින්න, අවට වෙළඳසැල් කිහිපයකට ද පැතිර යාම හේතුවෙනුයි මෙලෙස මාර්ගය තාවකාලිකව වසා දැමීමට කටයුතු කර ඇත්තේ. ගින්න මැඩපැවැත්වීමට මෙතෙක් හැකිවී නොමැති බවයි වාර්තා වන්නේ. අවන්හල තුළ ගෑස් සිලින්ඩර 50 ක් පමණ පවතින බැවින් ගින්න මැඩපැවැත්වීම අසීරු වී ඇති බවය පොලීසිය සදහන් කළේ. ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.
රාජ්‍ය හා පළාත් රාජ්‍ය වෘත්තිය සමිති එකමුතුවද අද විරෝධතාවක නිරත වනවා. ක`ඵ පටි පැළඳ අද දිනයේ රාජකාරි සිදු කිරීමටයි රාජ්‍ය හා පළාත් රාජ්‍ය වෘත්තිය සමිති එකමුතුව සදහන් කළේ.
රේගු නිලධාරින් අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා. සිය ඉල්ලීම්වලට බලධාරින් නිසි විසඳුම් ලබානොදීමට විරෝධයක් පළ කිරීමක් ලෙසයි ඔවුන් අසනීප නිවාඩු වාර්තා කර ඇත්තේ. මෙම අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය හෙට දිනය තුළද ක්‍රියාත්මක බව රේගු නිලධාරින්ගේ සංගමය සදහන් කළා.
සිර දඬුවම් නියම වී තිබෙන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඉදිරිපත් කළ අභියාචනයට නීතිපතිවරයා විරෝධය පළ කර තිබෙනවා. අදාළ අභියාචන පෙත්සම අද කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදි නීතිපතිවරයා ඊට විරෝධය පළ කරන බව අධිකරණය හමුවේ දැනුම් දී තිබෙනවා. ඒ අනුව විරෝධතා ඉදිරිපත් කිරීමට නීතිපතිවරයාට අවසර දුන් මහාධිකරණ විනිසුරුවරයා අදාළ පෙත්සම යළි ලබන 11 වන දා කැඳවීමට නියෝග කළා.
මෙම වසර තුළ ජනාධිපතිවරණය පැවැත්වීමට අදාළව මැතිවරණ කොමිසමේ තීරණයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහය පළ කරන බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසනවා. විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 5 ක් බවට රනිල් වික්‍රමසිංහ මහතා තරයේ විශ්වාස කරන බවයි. ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය අධිකරණය විසින් අර්ථකථනය කරන තුරු දැනට නියම කර තිබෙන පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම වළක්වාලීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ව්‍යාපාරිකයෙකු විසින් ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබුණා.
හිස්බුල්ලා සටන්කාමීන් විසින් ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ අඩු ජනගහනයක් සිටින ඊශ්‍රායලයේ ගෝලාස් හයිට්ස් ප්‍රදේශයට රොකට් ප්‍රහාර 100 ක් පමණ එල්ල වී ඇති බවයි. කෙසේ වෙතත් ඊශ්‍රායලය සඳහන් කළේ එම රොකට් ප්‍රහාර හමුවේ කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති බවයි.
මාදම්පේ ප්‍රදේශයේ සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 35 දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා. බස් රථයක් සහ ලොරි රථයක් මාදම්පේ ඉරට්ටකුලම ප්‍රදේශයේ එකිනෙකට ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි මාදම්පේ පොලිසිය පවසන්නේ. අනතුරට සම්බන්ද බස් රතය හලාවත ඩිපෝවට අයත් බවයි පොලිසිය සදහන් කලේ.
වායු දූෂණය වෙනුවෙන් ඉන්දියාව තුළ වසරකට පුද්ගල මරණ 33,000 ක් පමණ සිදුවන බවට අනාවරණය වී තිබෙනවා. ප්‍රකට සඟරාවක් මඟින් නිකුත් කළ වාර්තාවක් මගිනුයි මේ බව අනාවරණය වී ඇත්තේ. ඉන්දියාවේ නගර 10 ක් තුළ වායු දූෂණය හේතුවෙන් මෙම මරණ සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222