- වසර 27කට පසු දිල්ලියේ බලය මෝදිගේ පක්ෂයට
- නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද විදේශීය දුම්වැටි සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
- මුල් දින 05 තුල සංචාරකයින් 44,000ක් දිවයිනට
- පාරිභෝගික අධිකාරියෙන් මේ වන විට සහල් වැටලීම් 2,000 ක්
- විදුලි බිල පනත සංශෝධනයට අදාලව මහජන අදහස් ලබා ගැනීමේ කාලය දීර්ඝ කෙරේ
- කලාපීය ආරක්ෂාව ගැන ඉන්දියාවෙන් ලංකාවට සහතිකයක්
- ඇලස්කාවේ අතුරුදන් වූ ගුවන් යානයේ සුන්බුන් හමුවෙයි
- පාරිභෝගික අධිකාරියේ සහල් වැටලීම් අඛණ්ඩව
Author: Dhanushka
හමාස් සංවිධානයේ ඡ්‍යේෂ්ඨ පරිපාලන නිලධාරියෙක්ල ඊශ්‍රායල හමුදාව එල්ලකළ ගුවන් ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි ගාසා නගරයේ පිහිටි පාසලකට ඊශ්‍රායලය ගුවන් ප්‍රහාර එල්ලකර තිබූ අතර එහිදී මියගිය සිව් දෙනා අතර ෑය්ඉ ්ක-ඨයමිැසබ ද වූ බව සඳහන් ය ගාසා නගරයේ සහ උතුරු ගාසා ප්‍රදේශයේ හමාස් කටයුතු පාලනය සඳහා ඔහුව මීට මාස තුනකට පමණ පත්කර තිබුණි
”ජනාධිපතිවරණය කල්දමන්න” නියෝග කරන්නැයි ඉල්ලා ගොනුකර ඇති පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලමින් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අතුරු පෙත්සමක් ගොනුකර තිබේ. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කළ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ අභිප්‍රාය වුයේ ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 5කට සීමා කිරීම බව එහි සඳහන් ය. එය ඇතුළු තවත් කරුණු සඳහන් කරමින් ජානිපෙ නායකවරයා විසින් මෙම අතුරු පෙත්සම ගොනුකර ඇත.
ප්‍රංශ මැතිවරණයෙන් එරට වාමාංශික සන්ධානය ඉදිරියෙන් සිටිනවා. ප්‍රංශයේ අන්ත දක්ෂිණාංශික ජාතික රැළි පක්ෂය එරට පාර්ලිමේන්තු මැතිවරණයෙන් බහුතරයක් දිනා ගැනීමට අසමත් වුණා. නිකුත් වී ඇති නිල ප්‍රතිඵලවලින් පෙන්නුම් කරන්නේ වාමාංශික නව ජනතා පෙරමුණ ඇතුළත් සන්ධානය ජයග්‍රහණය කර ඇති බවයි. ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්ගේ මධ්‍යවාදී එන්සෙම්බල් සන්ධානය දෙවන ස්ථානයට පත්ව තිබෙනවා.
වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාගේ නිල කාලය වසර 05ක් බව පැහැදිලි යැයි නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙනු ලැබුවා. ජනාධිපතිවරයාගේ නිල කාලය සම්බන්ධ පෙත්සම අද කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් කනිෂ්කා ද සිල්වා මහත්මිය මෙම දැනුම් දීම සිදු කළා. අදාළ පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා මූලික විරෝධතා මතු කරන බවත් ඇය එහිදී සඳහන් කළා.
අස්වැසුම වැඩසටහනට අදාල සියලුම රාජකාරිවලින් අද සිට ඉවත් වන බව ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය පවසනවා. ඔවුන් ඒ පිලිබඳ දන්වමින් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපතිවරයාට ලිපියක් යොමුකර තිබෙනවා. අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමයේ දෙවැනි අදියරේ අයදුම්පත්වලට අදාළව නිවාස තොරතුරු සංගණනය කිරීම හා ප්‍රතිලාභීන් තෝරා ගැනීම සම්බන්ධයෙන් නිලධාරීන්ට ගෙවීම් කිරීම ඇතුළු ගැටලු රැසක් හේතුවෙන් ඔවුන් එම වෘත්තීය ක්‍රියාමාර්ගයට යොමුව ඇති බව සඳහන්.
මැලේසියාවේ ක්වාලාලාම්පූර් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ගෑස් කාන්දුවක් සිදුවීල 39 දෙනකු රෝහල්ගත කළ බව පැවසෙනවා. ගෑස් කාන්දුව සැලවුණු සැණින්ල ගිනි නිවන භට කණ්ඩායම් ගුවන් තොටුපොලට පැමිණි අතර ඔවුන් පසුව පැවැසුවේල රසායන විෂ කාන්දුවක් සිදුවී ඇති බවයි. විෂ ආඝ්‍රාණය වී රෝගී වූවන්ගෙන් කැරකිල්ලල ඔක්කාරය සහ වමනය වැනි රෝග ලක්ෂණ දකින්න ලැබුණු බවත්ල රෝහල්ගත කළ එම 39 දෙනාගෙන් තිදෙනකුගේ තත්ත්වය බරපතල බවත් පැවැසෙනවා. ගුවන් යානාවලට ගොඩවීමට පැමිණි මගීන් කිසිවකුටවත් කිසිදු අනතුරක් සිදු නොවුණු බව ද සදහන්.
මෙල්බර්න් සිට කොළඹ බලා පියාසර කරමින් තිබූ ශ්‍රී ලංකන් ගුවන් යානයක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ගුවන් යානය තුළ ඇති වූ වෛද්‍ය ගැටලුවක් මතයි මෙම හදිසි තත්තවය ප්‍රකාශයට පත් කර ඇත්තේ. මෙම හදිසි තත්ත්වය මත ගුවන් යානය ඉන්දුනීසියාවේ ජකර්තා ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත නැවත පියාසර කර තිබෙනවා.
තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයාගේ තනතුර හොබවන බව පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා එම පක්ෂ මුලස්ථානය ඉදිරිපිටදී වැඩ භාර ගනු ලැබුවා. පොලීසිය ඔහුට පක්ෂ මූලස්ථානයට ඇතුළු වීමට ඉඩ නොදුන් අතර ඔහු එම කටයුත්ත සිදුකළේ ඉන් අනතුරුවයි
චීන විද්‍යුත් වාහන සඳහා බදු ඉහළ දැමීමට යුරෝපා සංගමය පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මේ හේතුවෙන් චීන විද්්‍යුත් වාහනවල මිල සැලකිය යුතු ලෙස ඉහළ යා හැකි බවයි යුරෝපා සංගමය පවසන්නේ. එම කලාපයේ මෝටර් රථ නිෂ්පාදන ක්ෂේත්‍රය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් මෙම තීරණය ගෙන තිබෙනවා.
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු පවුලේ සාමාජිකයන් හය දෙනෙකුගේ බැංකු ගිණුම් සහ ජීවිත රක්ෂණ ඔප්පු මාස 3 කට අත්හිටුවීමට අධිකරණය නියෝග කර තිබෙනවා. කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසිනුයි අදාළ නියෝගය නිකුත් කර ඇත්තේ. එම ස්ථාවර තැන්පතු ගිණුම් සහ ජීවිත රක්ෂණ ඔප්පුවල වටිනාකම රුපියල් මිලියන 97 කට අධික බව සඳහන්.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222