Author: Dhanushka

ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 66 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ දිනයේදී පමණක් පුද්ගලයින් 8 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. එම ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක 35 න් 28 කට ගංවතුරෙන් දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

තව කියවන්​න

නාඳුනන කාන්තා මළ සිරුරක් කලවංචිකුඩිල කුරුක්කල්මඩම් ප්‍රදේශයේ මුහුදු වෙරළට ගොඩ ගසා තිබියදී සොයාගෙන ඇත. කලවංචිකුඩි පොලීසියට ලද තොරුතුරකට අනුව එම සිරුර සොයාගෙන තිබේ. මරණකාරියගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති අතර අවුරුදු 45ත් 50ත් අතර වයසේ පසුවන උස අඩි 05යි අඟල් 04ක් පමණ වන කාන්තාවක් බව පොලීසිය සඳහන් කරයි.

තව කියවන්​න

මේ වනවිට රටපුරා සෑම දිස්ත්‍රික්කයකම රිළවුන්ගෙන් සිදුවන වගා හානි ඉහළ ගොස් ඇතැයි එම ගොවීහු කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාට පැමිණිළි කර තිබෙනවා. පොල්, එළවළු, පලතුරු මෙන්ම වෙනත් සෑම බෝගයකටම පාහේ රිළවුන්ගෙන් සිදුවන හානිය නිසා වගාවන්ගෙන් ලබා ගත හැකි සමස්ත අස්වැන්න තමන්ට අහිමි වී ඇතැයි ගොවි ජනතාව අමාත්‍යවරයාට පවසා තිබෙනවා.

තව කියවන්​න

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දින වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව ඌව පළාතේත්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව සදහන්.

තව කියවන්​න

කදිරවේලු සම්මුගම් කුගදාසන් මහතා අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා. ඒ, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහායි.

තව කියවන්​න

නිවිතිගල, වටාපොත ප්‍රදේශයේ අබිරහස් ලෙස මියගිය 16 හැවිරිදි දැරියකගේ මළසිරුරක් හමු වී තිබෙනවා. නිවිතිගල, වටාපොත, යොවුන් ගම්මානයේ රබර් වගා ඉඩමක් අසල තිබී එම සිරුර නිවිතගල පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. එලෙස මියගොස් ඇත්තේ වටාපොත, යොවුන් ගම්මානය ප්‍රදේශයේ පදිංචිව සිටි 16 හැවිරිදි පාසල් දැරියක්.

තව කියවන්​න

2024 කෝපා ජාත්‍යන්තර පාපන්දු තරගාවලියේ අවසන් පුර්ව වටයේ තරග අද ආරම්භ වනවා. ඒ අනුව පළමු අවසන් පුර්ව වටයේ තරගය අද පැවැත්වීමට නියමිතව ඇත්තේ ආර්ජන්ටිනාව සහ කැනඩාව අතරයි. මේ අතර දෙවන අවසර් පුර්ව තරගය හෙට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. එහිදී උරුගුවේ සහ කොලොම්බියාව තරග වැදීමට නියමිතයි.

තව කියවන්​න

ප්‍රංශ අග්‍රාමාත්‍ය ​ගෙබ්‍රියෙල් අතාල් සිය ධුරයෙන් ඉවත් වන බව නිවේදනය කළේයග 35 හැවිරිදි අතාල් ප්‍රංශ අග්‍රාමාත්‍ය ධුරයට පත්වුණු ළාබාලතම පුද්ගලයායග අතාල් මෙසේ පැවැසුවේල එරට පාර්ලිමේන්තු මැතිවරණයේ දෙවැනි වටයෙන්ලිපොපියුලර් ෆ්‍රන්ට්’ නමැති වාමාංශික දේශපාලන සන්ධානය ප්‍රංශ පාර්ලිමේන්තුවේ වැඩි ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමත් සමඟයග ප්‍රංශ පාර්ලිමේන්තුවේ පළමු වටය පැවැත්වූයේ පසුගිය ජූනි 30 වැනිදායග එයින් වැඩි ආසන දිනා ගනිමින් ඉදිරියට පැමිණියේල ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්ගේ ප්‍රතිවාදිනියක වන මරීන් ල පෙන්ගේ අන්ත දක්ෂිණාංශිකිනැෂනල් රැලි’ පක්ෂයයිග එම අවස්ථාවේදී කිසිදු පක්ෂයකට පාර්ලිමේන්තුවේ බහුතරය හිමි නොවිණිග

තව කියවන්​න

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙනුවෙන්ල රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් විශේෂ භෝජන සංග්‍රහයක් පැවැත්වීය. ඒ, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා දෙදින නිල සංචාරයක් සඳහා මොස්කව් අගනුවරට ගිය අවස්ථාව්දීය ඉන්දීය අග්‍රාමාත්‍යවරයා රුසියාවේ මොස්කව් අගනුවරට ගියේ 22 වැනි ඉන්දු රුසියා ද්වීපාර්ශ්වික සමුළුවට සහභාගී වීමටයග පිපිට තෙවැනි වරටත් ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරයට පත් වීමෙන් පසු මෝදි රුසියාවට ගිය පළමු අවස්ථාව මෙයයි ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි ඉතාමත් උණුසුම් ලෙස පිළිගනිමින්ල මෝදි වෙනුවෙන් විශේෂ පෞද්ගලික භෝජන සංග්‍රහයක් පැවැත්වීමට රුසියන් ජනාධිපතිවරයා කටයුතු කළේය

තව කියවන්​න

ගල්කිස්ස කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ගොඩනැගිල්ලේ පහත මහලේ පිහිටි පොලිස් අධිකාරී  කාර්යාලයේ හදිසියේ ඇතිවූ ගින්නකින් එහි දේපළ රැසකට හානි සිදුවී ඇත ගින්න හටගන්නා අවස්ථාවේදී පොලිස් අධිකාරි රොහන් පුෂ්ප කුමාර මහතා කාර්යාලය තුළ සිට නැති බව ආරංචි සඳහන් කරයි. සිදු වූ ගින්නෙන් පරිගණක, ලිපිගොනු සහ දේපළ රැසකට හානි සිදුවී ඇති බව පොලිසිය කියයි ගින්නත් සමගම වහා ක්‍රියාත්මක වූ යාබද කාර්යාලයේ නිලධාරීන් ගින්න පාලනය කිරීමට කටයුතු කර ඇති අතර දෙහිවල ගල්කිස්ස නගර සභාවේ නිලධාරීන්ට පැමිණ ගින්න නිවා දැමීමට කටයුතු කර ඇතග ගල්කිස්ස කොට්ඨාසයේ අපරාධ පරීක්ෂණාගාරයේ නිලධාරීන්ද පැමිණ පරීක්ෂණ පවත්වයි

තව කියවන්​න