- වසර 27කට පසු දිල්ලියේ බලය මෝදිගේ පක්ෂයට
- නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද විදේශීය දුම්වැටි සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
- මුල් දින 05 තුල සංචාරකයින් 44,000ක් දිවයිනට
- පාරිභෝගික අධිකාරියෙන් මේ වන විට සහල් වැටලීම් 2,000 ක්
- විදුලි බිල පනත සංශෝධනයට අදාලව මහජන අදහස් ලබා ගැනීමේ කාලය දීර්ඝ කෙරේ
- කලාපීය ආරක්ෂාව ගැන ඉන්දියාවෙන් ලංකාවට සහතිකයක්
- ඇලස්කාවේ අතුරුදන් වූ ගුවන් යානයේ සුන්බුන් හමුවෙයි
- පාරිභෝගික අධිකාරියේ සහල් වැටලීම් අඛණ්ඩව
Author: Dhanushka
බිංගිරිය අපනයන සැකසුම් කලාපයේ දෙවන සහ තුන්වන අදියරේ සංවර්ධන කටයුතු අද ආරම්භ කෙරුණා. ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙරට විශාලතම අපනයන සැකසුම් කලාපය ලෙසයි බිංගිරිය අපනයන සැකසුම් කලාපය සැලකෙන්නේ.
අද සිට ඉදිරි දින කිහිපයේ දී දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ. එමෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 50 ටවැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා.
බුදුන් වහන්සේ ඉගැන්වූයේ සාමය මිස යුද්ධය නොවන බවල ඔස්ට්‍රියාවේ වියානා අගනුවරට ගිය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍රල එරට ඉන්දීය ප්‍රජාව අමතමින් පැහැදිලි කළේයග ඉන්දියාව මෙම 21 වැනි සියවසේ ඉදිරියට යන්නේ සාමයේ පණිවුඩය රැගෙන බවත්ල ඉන්දියාව සැමවිටම සාමය වෙනුවෙන් කැපවී සිටින බවත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වැඩි දුරටත් පෙන්වා දුන්නේයග
රාජගිරියල බුත්ගමුව පාරට යාබදව පිහිටි ජල රක්ෂිත ඉඩම් කොටසක් නාගරික උද්‍යානයක් ලෙස සංවර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. කොළඹ හා ශ්‍රී ජයර්වධනපුර කෝට්ටේ ආශ්‍රිත ප්‍රදේශයේ ජල ගැලීම් අවම කිරීම සඳහා ශ්‍රී ලංකා ඉඩම් සංර්වධනය කිරීමේ සංස්ථාව විසින් මහ කොළඹ ගංවතුර පාලනය කිරීමේ හා පරිසරය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ කොළඹ ශ්‍රී ජයර්වධනපුර කෝට්ටේ කොළොන්නාව හා කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල පිහිටි වගුරු ඉඩම් කොටස් ජල රැඳවුම් ස්ථාන ලෙස පවත්වාගෙන යාම සඳහා රජයට අත්කර ගෙන ඇත
2024 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ තවදුරටත් රැක ගැනීමට ජැෆ්නා කිංස් කණ්ඩායම සමත් වී තිබෙනවා . ඒ ඔවුන් ක්‍රීඩා කල තරග 06 න් 04 ජය ගනිමින් ප්‍රසාද ලකණු 08 ක් ලබා ගනිමින් . කෙසේ වෙතත් ප්‍රසාද ලකුණු 08 ක් ලබා ගත් ගෝල් මාර්වල්ස් කණ්ඩායමට හිමිව ඇත්තේ මෙම සටහනේ දෙවන ස්ථානයයි. ඒ ජැෆ්නා කණ්ඩායමට වඩා ගෝල් කණ්ඩාමේ දළ ලකුණු ලබා ගැනීමේ වේගය අඩු වීම හේතුවෙන් . මෙම සටහනේ තුන්වන හතරවන සහ පස්වන ස්ථාන පිලිවෙලින් කලම්බු ස්ට්‍රයිකර්ස් , දඹුල්ල සික්සර් සහ කැන්ඩි ෆැල්කන්ස් යන කණ්ඩායම් විසින් හිමි කරගෙන තිබෙනවා .
එල්.ටී.ටී.ඊ. යුධ සමයේදී භාවිතා කිරීම සදහා වල දමා තිබූ පුද්ගල නාශක බිම් බෝම්බ සහ උණ්ඩ තොගයක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සොයාගෙන තිබෙනවා . කරදියනාරු ප්‍රදේශයේ දී මෙම යුධ උපකරණ තොගය සොයාගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සදහන් කළේ. මෙහිදී පුද්ගල නාශක බිම් බෝම්බ 299ක්, ඩෙටනේටර් 38 ක් සහ ජීව උණ්ඩ 19,930 ක් සොයා ගෙන තිබුණා. විශේෂ කාර්ය බලකාය පැවසුවේ මෙම යුධ උපකරණ තොගය අඩි අටක ගැඹුරින් වල දමා තිබු බවයි .
ඉදිරි දින කිහිපයේදී වැසි තත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ වැසිවාර කිහිපයක් ඇතිවිය හැකියි. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය,හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් පැයට කිලෝමීටර 40ත් -50ත් අතර තද සුළං ඇතිවිය හැකි බවයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ.
නුවරඑළිය ,ටොප්පාස් ,කොඩිගහ හන්දිය ප්‍රදේශයේ දී බස් රථයක් පෙරළීමෙන් 40දෙනෙකු තුවාල ලබා තිබෙනවා. බස් රථයේ රියදුරු ඇතුළු තුවාලකරුවන් නුවරඑළිය රෝහලට ඇතුලත් කල බවයි පොලිසිය සදහන් කළේ. මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ විනෝද චාරිකාවක් සදහා ත්‍රිකුණාමලය බලා ගමන් කරමින් සිටි අවන්හලක සේවකයින් පිරිසක් . බස් රථය රියදුරුට පාලනය කර ගත නොහැකි වීම හේතුවෙන් මෙම අනතුර සිදු වූ බවයි පොලිසිය සදහන් කළේ.
2024 යුරෝපීය කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් තරගය සදහා සුදුසුකම් ලබා ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වී තිබෙනවා ඒ නෙදර්ලන්ත කණ්ඩායම ගෝල 2 ට 1ක් ලෙස පරාජයට පත් කරමින් මෙම තරගාවලියේ අවසන් මහා තරගය එංගලන්තය සහ ස්පාඤ්ඤය අතර එළඹෙන ඉරිදා බර්ලින් නුවරදී පැවැත්වීමට නියමිතයි
වතු කම්කරුවන්ට රජය මගින් වැඩි කළ රුපියල් 1700 දෛනික වැටුප ලබාදිමට වතු සමාගම් පියවර ගතයුතු බව පවසමින් හැටන් දික්ඔය වතුයායේ වතු කම්කරුවන් අද උද්ඝෝෂණයක නිරත වුණාග ජිවන වියදම ඉහළ යාම මත දැනට ලබන වැටුපෙන් ජිවත් විය නොහැකි බවයි ඔවුන් පවසන්නේග
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222