- මනුශ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට
- එක්ස්ප්‍රස් පර්ල් පෙත්සම් විභාගය ලබන සිකුරාදා දක්වා කල්යයි
- ශ්‍රී ලංකාවේ ගැටලු විසඳීමට එක්සත් ජාතින්ගේ සංවිධානයේ සහාය
- කොටස් වෙළදපොලේ අද දැවැන්ත කොටස් පහළ යාමක්
- ඉමාමි වාර්තා පිළි නොගන්නා බව සිරිල් ගාමිණී පියතුමන් කියයි
- ජනවාරි මාසයේදී සංචාරකයින්ගේ පැමිණීම ඉතිහාසගත වෙයි
- අමෙරිකානු තානාපති කාර්යාලය විසින් වීසා ඉල්ලුම් කරන අපේක්ෂකයින් සදහා විශේෂ දැනුම් දීමක්
- සුජීවට රු. මිලියන 250ක වන්දියක් ගෙවන්නැයි සී.බී ට නියෝගයක්
Author: Dhanushka
වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ප්‍රධාන ජලාශ 73 න් 57 ක්ම මේ වන විට වාන් දැමීම ආරම්භ කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා අංශයේ අධ්‍යක්ෂ එච්.එන්.පී. හේරත් මහතා පවසනවා. එමෙන්ම මීට අමතරව මධ්‍ය ප්‍රමාණයේ ජලාශ 50 ක පමණ මේ වන විට වාන් දැමීම ආරම්භ කර ඇති බවද ඔහු පැවසුවා. මේ අතර ඌව පලාතේ මෙන්ම අම්පාර, මඩකලපුව, මාතලේ, නුවරඑළිය, හම්බන්තොට සහ මාතර යන දිස්ත්‍රික්කවල අදත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ආදීවාසීන් යනු මේ රටේ ජනකොටසක් බවත් සාමාන්‍ය ජනතාවට හිමිවන අයිතිවාසිකම් ආදිවාසීන්ට ද හිමි විය යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්්‍ය හරිනි අමරසූරිය මෙනවිය පවසනවා. මේ අනුව ආදිවාසී ජනකොටස් ලෙස ඔවුන් මුහුණ දෙන ගැටළු අවම කිරීම සදහා පවතින නෛතික සහ තාක්ෂණික කරුණු සම්බන්ධයෙන් අවදානය යොමු කළ අග්‍රාමාත්‍යවරිය පෙන්වා දෙන්නේ ඉදිරි මාස 3 ඇතු ළත ආදිවාසීන්ගේ අයිතිවාසිකම් දිනාදීම වෙනුවෙන් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බවයි. ආදීවාසි ජනතාවගේ මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් පවතින නීතිමය ගැටළු නිරාකරණය කිරීම සදහා පරිසර අමාත්‍යංශය සංවිධානය කළ සාකච්ඡාවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබෙනවා. එහිදි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය මෙම අදහස් පළ කර තිබුනා.
වත්මන් රජයේ අමාත්‍යවරුන්ගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සහය කාර්ය මණ්ඩලය සදහා උපරිම සේවක සංඛ්‍යාවක් නියම කර තිබෙනවා. මේ අනුව අමාත්‍යවරුන් සදහා සහය කාර්ය මණ්ඩලය 15 දෙනෙකුගේ උපරිමයක් දක්වා සීමා කර ඇති අතර නියෝජ්‍ය අමාත්‍යවරුන් සදහා එය සීමා කර ඇත්තේ කාර්ය මණ්ඩලය 12 දෙනෙකු සදහා පමණයි. අමාත්‍යවරුන්ගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ කාර්යභාරය වඩාත් කාර්යක්ෂම සහ සියළු පාර්ශවයන් සමග මනා සම්බන්ධීකරණයකින් යුතුව පවත්වාගෙන යාම සදහා මෙම සහය කාර්ය මණ්ඩල පත්කර ගත යුතු වනවා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කාර්යාල සේවා නියුක්තිය සටහන් කරමින් ජනාධිපති ලේකම් ආචාර්ය සනත් කුමානායක මහතා විසින් සියළු අමාත්‍යංශ ලේකම්වරුන් වෙත ඒ බව ලිඛිතව දැනුම් දී තිබෙනවා.
2024 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල කඩිනමින් නිකුත් කිරීමට අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ප්‍රකාශ කළා. අද පාර්ලිමේන්තුවේදී වාචික පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්න වාරයේදී පැනයකට පිළිතුරු ලබාදෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සදහන් කළා. එහිදි වැඩිදුරටත් අදහස් පළ කරමින් අග්‍රාමාත්‍ය ආචාර්්‍ය හරිනි අමරසූරිය මෙනවිය කියා සිටියේ ශිෂ්‍යත්ව විභාගය සමග ඇති වූ අර්බුදය හේතුවෙන් අධිකරණය මගින් ප්‍රතිඵල ඇගයීම් කටයුතු අත්හිටුවීමට ලබාදුන් නියෝගය හේතුවෙන් ප්‍රතිඵල නිකුත් කිරීමට කල් ගත වූ බවයි.
ජාතික පොලිස් කොමිසමේ නිලධාරින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදියි. ඊයේ දිනයේදී පැවති මෙම සාකච්ඡාවට පොලිස් කොමිසමේ සභාපතිවරයා ඇතුළු සෙසු සාමාජිකයින් එක්ව ඇති බව සදහන්. මෙහිදි පොලිස් දෙපාර්තමේන්තුවේ ස්ථාන මාරුවීම් සහ සේවකයින්ගේ හිඟය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුම්වත් කර තිබෙනවා. පසුගියදා පැවති ජනහමුවකදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පොලිස් කොමිසම සම්බන්ධයෙන් අදහස් පළ කළ පසුබිමකයි මෙම සාකච්ඡාව පවත්වා ඇත්තේ.
එක්සත් ජාතික පක්ෂය සමග ඉදිරි පළාත් පාලන මැතිවරණයට සහ ඉදිරි දේශපාලන ක්‍රියාවලියේදී එක්ව කටයුතු කිරීම සම්බ්නධයෙන් සමගි ජනබලවේගය පක්ෂයේ කළමනාකරණ කමිටුව ඊයේ දිනයේදීත් සාකච්ඡා පවත්වා තිබුණා. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා කියා සිටියේ මෙම දිනවල පැවැත්වෙන සාකච්ඡාවලින් අනතුරුව ඉදිරියේදී තීරණයක් ලබාදෙන බවයි.
නිවසේ පොල් පරිභෝජනයේදී පොල් අපතේ හරින බවට කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසනවා. මේ අනුව ඉදිරි මාස කිහිපය ඇතුළතදී පොල් ගෙඩි මිලියන 200 ක් ආනයනය කිරීමට ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය අවසර ඉල්ලීම සම්බන්ධයෙන් ද නියෝජ්‍ය අමාත්‍යවරයා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කර තිබුණා. මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා කියා සිටියේ පොල් ඉඩම් කට්ටි කර විකිණීම පිළිබද දැඩිව සීමා පනවන බවයි.
මැලේසියාවේ පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ කාන්තා පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව පාකිස්තාන යොවුන් කාන්තා කණ්ඩායමට අහිමි වුණා. ඒ, තරගාවලියේ 21 වැනි තරගයේදී ඔවුන් අයර්ලන්තය හමුවේ ලැබූ පරාජයත් සමගයි. වර්ෂාවෙන් සිදු වූ බලපෑම හේතුවෙන් එක් ඉනිමක් පන්දුවාර 9කට සීමා වූ එම තරගයේ පළමුව පන්දුවට පහරදුන් අයර්ලන්තය කඩුලු 5 ක් දැවී රැස් කල ලකුණු සංඛ්‍යාව ලකුණු 69 ක්. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානයට කඩුලු 7 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 59 ක් පමණයි. ඩක්වර්ත් ලුවිස් ක්‍රමය යටතේ පාකිස්තානය තරගය ජය ගැනීමට ලබා ගත යුතුව තිබූ ලකුණු සංඛ්‍යාව 73 ක්.…
අමෙරිකා මෙක්සිකෝ දේශසීමාවට සෙබළුන් 1500 ක් යෙදවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝග කර තිබෙනවා. ඒ, සංක්‍රමණිකයින් පැමිණීම මැඩපැවැත්වීම සදහායි. මෙම සංක්‍රමණිකයින් මැඩලීම සදහා ගුවන් යානා ද යොදාගන්නා ලෙසයි ඔහු දැනුම් දී ඇත්තේ. අමෙරිකානු ජනාධිපතිවරයා සිය ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ලබාදුන් ප්‍රධාන නියෝගය මෙය වන අතර මෙක්සිකෝ ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ මෙම ගැටළු සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගත යුතු බවයි.
යුක්රේනයේ පවතින යුද ගැටුම් අතරතුර උතුරු කොරියානු සෙබළුන් දහසකට වැඩි සංඛ්‍යාවක් මියගොස් ඇති බව විදෙස් වාර්තා පවසනවා. එමෙන්ම තවත් යුද බටයින් 4000 කට අධික ප්‍රමාණයක් තුවාල ලබා ඇති බවයි එම වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ. පසුගිය වසරේ නොවැම්බර් මාසයේ සිට මේ දක්වා උතුරු කොරියානු හමුදා බටයින් 11,000 ක් පමණ යුක්රේනය බලා පිටත්ව ගොස් තිබෙනවා. කෙසේ වෙතත් උතුරු කොරියානු හමුදා භටයින් නිසි සූදානමකින් තොරව යුක්රේන යුද ගැටුම් සදහා යොමු කර ඇති බවයි දකුණු කොරියානු බුද්ධි අංශ වාර්තා පෙන්වා දී ඇත්තේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222