Author: Dhanushka

යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ඔද්රි අසුලේ මහත්මිය සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබෙනවා. අද අලුයම ඇය ඇතුළු දූත පිරිස කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් මෙලෙස දිවයිනට පැමිණි බවයි අප ගුවන් තොටුපල වාර්තාකරු කියා සිටියේ. ශ්‍රී ලංකා රජයේ ආරාධනාවක් මත ඇය මෙරටට පැමිණ ඇති අතර එළඹෙන 19 වන දා දක්වා මෙරට රැඳී සිටීමට නියමිතව ඇති බව සඳහන්.

තව කියවන්​න

කළුබෝවිල රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත නමැත්තාගේ බිරිඳගේ සෞඛ්‍ය තත්ත්වය සතුටුදායක නොමැති බව රෝහල් ආරංචි මාර්ග පවසනවා. මේ අතර, පසුගියදා නාඳුනන පිරිසක් විසින් ඇය වෙත මල් වඩමක් ද යවා ඇති බව සදහන් . එම සිද්ධියෙන් පසු ඇය ප්‍රතිකාර ලබා ගන්නා රෝහල අවට විශේෂ ආරක්ෂාවක් ක්‍රියාත්මක කර ඇති බවයි වාර්තා වන්නේ.

තව කියවන්​න

ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත 2024 කාන්තා 20 යි 20 ආසියානු කුසලාන තරඟාවලිය මහජනතාවට නොමිලේ නැරඹීමේ අවස්ථාව ලබාදීමට තීරණය කර තිබෙනවා. තරඟාවලිය එළඹෙන 19 වන දා එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ නේපාලය අතර තරගයෙන් ආරම්භ වීමට නියමිතයි. එමෙන්ම ශ්‍රී ලංකාවේ පළමු තරගය බංගලාදේශයට එරෙහිව මෙම මස 20 වන දා පැවැත්වීමට නියමිතව ඇති බව සදහන්.

තව කියවන්​න

අමෙරිකානු ජනාධිපතිවරණය සඳහා රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් ව නිල වශයෙන් නම් කර තිබෙනවා ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් ව නම් කර ඇත්තේ එම පක්ෂයේ සම්මේලනයේ දීයි . ඒ අනුව ඔහුගේ උප ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස සෙනෙට් සභික ජේ ඩී වාන්ස් නම් කර තිබෙනවා .

තව කියවන්​න

වැඩවර්ජන පවතින අවස්ථාවේ සේවයට වාර්තා කළ විධායක නොවන රාජ්‍ය සේවකයින් සඳහා රුපියල් 10,000 ක දීමනාවක් ලබා ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. පසුගිය සතියේ පැවති වැඩවර්ජනයන්ට සහභාගී නොවූ සේවකයින් සඳහා එක් වරක් සඳහා පමණක් මෙම දීමනාව හිමිවනු ඇති. එමෙන්ම ඔවුන්ට ඇගයීමේ සහතිකයක් ලබාදීම සඳහාද කැබිනට් අනුමැතිය හිමිව ඇති බව සඳහන්.

තව කියවන්​න

ඕමානයේ අගනුවර පිහිටි දේවස්ථානයක් ආසන්නයේ සිදු වූ වෙඩිතැබීමකින් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තවත් කිහිපදෙනෙකු තුවාල ලබා තිබෙනවා. මැදපෙරදිග පිහිටි වඩාත් ආරක්ෂාකාරී රටක් ලෙස සැලකෙන ඕමානයේ සිදු වූ මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි එරට බලධාරීන් පවසන්නේ.

තව කියවන්​න

විදේශ රැකියාවක් ලබාගැනීම සඳහා යම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට මුදල් හෝ විදේශ ගමන් බලපත්‍රය ලබාදීමට පෙර එම ආයතනය ලියාපදිංචි වී ඇත්දැයි සොයාබලන ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශය යළි දැනුම් දී තිබෙනවා . එම ආයතනවලට විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී තිබුණත් ඊට අදාළ රැකියා ඇණවුම ලැබී ඇත්දැයි යන්න සොයා බලන ලෙසයි ඔවුන් අවධාරණය කර සිටියේ. ඊට අදාළ තොරතුරු 1989 ක්ෂණික දුරකතන අංකය මගින් හෝ එම කාර්යාංශයේ වෙබ් අඩවියට පිවිසීමෙන්ද ලබාගත හැකියි.

තව කියවන්​න

මෙම වසරේ ගත වූ කාලසීමාව තුළ ඩෙංගු රෝගීන් 30,000කට වැඩි පිරිසක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම කාලය තුළ සිදු වූ ඩෙංගු මරණ ගණන 12 ක් බව ද සඳහන්. දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශ 21 ක් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන තිබෙනවා .

තව කියවන්​න

මිහින්තලය රෝහලෙන් නිකුත්කළ ඖෂධ ලබාගත් ළමුන් කිහිපදෙනෙකුට ආසාත්මිකතාවයක් ඇතිවීමෙන් රෝහල්ගත කර තිබෙනවා. වයස අවුරුදු 6 සිට 12 දක්වා දරුවන් 11 දෙනෙකු මෙලෙස ආසාත්මිකතාවයක් හේතුවෙන් රෝහල් ගත කර ඇති බව සදහන්. එලෙස රෝගී වූ දරුවන් පිරිස මිහින්තලේ රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.

තව කියවන්​න

මෙම වර්ෂයට අදාළ දෙවන විදුලි ගාස්තු සංශෝධනය අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. මහජන උපයෝගීතා කොමිසම විසින් ගාස්තු සංශෝධනයට අදාළ ගණනය කිරීම සිදුකළ අතර, ඒ අනුව එම කොමිෂන් සභාව අද රැස් වී නව ගාස්තු සංශෝධනය ප්‍රකාශයට පත් කරනු ඇති. විදුලි බිල අඩුකිරීම සම්බන්ධයෙන් යෝජනාවලිය පසුගිය දා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසම වෙත යොමු කරනු ලැබුවා.

තව කියවන්​න