- වසර 27කට පසු දිල්ලියේ බලය මෝදිගේ පක්ෂයට
- නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද විදේශීය දුම්වැටි සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
- මුල් දින 05 තුල සංචාරකයින් 44,000ක් දිවයිනට
- පාරිභෝගික අධිකාරියෙන් මේ වන විට සහල් වැටලීම් 2,000 ක්
- විදුලි බිල පනත සංශෝධනයට අදාලව මහජන අදහස් ලබා ගැනීමේ කාලය දීර්ඝ කෙරේ
- කලාපීය ආරක්ෂාව ගැන ඉන්දියාවෙන් ලංකාවට සහතිකයක්
- ඇලස්කාවේ අතුරුදන් වූ ගුවන් යානයේ සුන්බුන් හමුවෙයි
- පාරිභෝගික අධිකාරියේ සහල් වැටලීම් අඛණ්ඩව
Author: Dhanushka
එළඹෙන සදුදා දිනයේ සිට සති 2 ක කාලයක් අකුරට වැඩකිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට ගුරු – විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය තීරණය කර තිබෙනවා. ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලිං මහතා සඳහන් කළේ පාසල්වලින් බැහැරව සිදුකරන සියළු ක්‍රියාමාර්ගවලින් ඉවත් වීමට එම සන්ධානය තීරණය කර ඇති බවයි.
මෝදර අලුත්මාවත ප්‍රදේශයේ දී අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01 ග්‍රෑම් 76ක් සොයාගෙත් අතර කොළඹ උතුර කොට්ඨාස අපරාධ අංශය මඟින් මෙම වැටලීම සිදුකර තිබුනා මෙලෙස අත්අඩංකුවට ගෙන ඇත්තේ 31 හැවිරිදි මෝදර අලුත්මාවත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බවයි පොලීසිය සදහන් කලේ .
ප්‍රධාන පෙරහැර පහක් එකම දීනය තුල යෙදීම හේතුවෙන් කරඬුව වැඩම කරවීම සඳහා ඇතුන් සම්බන්ධ කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය පවසයි. පෙරහැර සඳහා සම්බන්ධ කළ හැකි අලි ඇතුන් ඇත්තේ 70කට ආසන්න සංඛ්‍යාවක් බවයි එහි ලේකම් දම්සිරි බණ්ඩාර කරුණාරත්න මහතා සඳහන් කලේ.
අම්බලන්ගොඩ කන්ද මාවත ප්‍රදේශයේදී සිදුවූ වෙඩිතැබීමකින් හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් ජීවිතක්ෂයට පත් ව තිබෙනවා . අදාළ පුද්ගලයා සිය නිවස ඉදිරිපිට සිටියදී ඊයේ රාත්‍රීයේ මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවයි පොලීසිය සදහන් කළේ මියගොස් ඇත්තේ 41ක් හැවිරිදි ධම්මික නිරෝෂන් නම් පුද්ගලයෙක් . ඔහු 2002 වසරේදී ශ්‍රී ලංකා 19 පහළ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කර තිබුණා.
2024 එල්.පී.එල් තරගාවලියේ අවසන් වටයේ තරග හෙට සිට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වනවා. ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථාන දෙක හිමි කර ගත් ගෝල් මාර්වල්ස් කණ්ඩායම හා ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අවසන් වටයේ පළමු තරගය හෙට පස්වරු 03 ට ක්‍රීඩා කිරීමට නියමිතයි. අවසන් වටයේ දෙවැනි තරගය පැවැත්වෙන්නේ ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය දිනූ කලම්බු ස්ට්‍රයිකර්ස් හා සිව්වැනි ස්ථානය හිමි කර ගත් කැන්ඩි ෆැල්කන්ස් යන කණ්ඩායම් අතරයි. එම තරගය ද හෙට රාත්‍රී 7:30 ට ආරම්භ වනවා . එළඹෙන 20 වැනිදා රාත්‍රී 7:30 ට ආරම්භ වන අවසන් වටයේ තෙවැනි තරගයට සුදුසුකම් ලබා ගන්නේ අවසන් වටයේ පළමු තරගයෙන් පරාජයට පත් වන කණ්ඩායම…
තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය නිකුත් කර තිබෙනවා . අරාබි සහ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල ක්‍රියා කරන බහුදින ධීවර යාත්‍රා සහ නාවික ප්‍රජාව මේ පිළිබඳව වඩාත් සැලකිලිමත් විය යුතු බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ . අරාබි මුහුදු ප්‍රදේශයේ සහ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ඉතා තද සුළං පැවතිය හැකි අතර, එම මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි වනවා.
ඉරානයෙන් ඉන්ධන ලබා ගැනීම හේතුවෙන් ගෙවීමට තිබූ ණය මුදල්වලින් ඩොලර් මිලියන 60ක් තේ අපනයනය මගින් ගෙවීමට පියවර ගත් බව ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති නිරාජ් ද මැල් පවසනවා. ශ්‍රී ලංකාවට ඉන්ධන ආනයනය කිරීමේදි 2021 සිට ඩොලර් මිලියන 251ක මුදලක් ඉරාන රජයට හිඟ මුදල් වශයෙන් ගෙවීමට සිදු වූ අතර මෙම මුදල ගෙවීම සඳහා ඉරාන රජය සමග කළ සාකච්ඡා අනුව ඉරානයට අපනයනය කරනු ලබන තේවලින් එම හිඟ මුදල පියවීමට ශ්‍රී ලංකා රජය හා ඉරාන රජය අතර ගිවිසුමක්ද අත්සන් කරනු ලැබුවා.
ඕමානය ආසන්න මුහුදේ තෙල් ප්‍රවාහන නෞකාවක් ගිලීගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසනවාග එම නෞකාවේ කාර්යමණ්ඩලය 16 දෙනෙක් සිටි බව සඳහන් වන අතර ඉන් 13 දෙනෙකු ඉන්දීය ජාතිකයින් වන අතර අනෙක් තිදෙනා ශ්‍රී ලාංකිකයන් බවට වාර්තා වනවාග එම නෞකාව යේමනයේ ඒඩන් වරාය වෙත යාත්‍රා කරමින් තිබූ බවයි පැවසෙන්නේග
දිවයින හරහා දැනට පවතින සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, සබරගමුව ,වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි . බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා
සැප්තැම්බර්, ඔක්තෝම්බර් මාස අතරතුරදී ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියමිතව තිබියදීත් වැඩවර්ජන පවත්වන්නේ කුමන හේතුවකටද යන්න තමන්ට සිතා ගත නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. බංකොලොත්භාවයට පත් වූ රටක් ඉතාමත් අසීරුවෙන් ගොඩගන්නා මොහොතක සියළුදෙනාගේ එක්වීම තමන් අපේක්ෂා කරන බවයි ජනාධිපතිවරයා ජනරැළියක් අමතමින් වැඩිදුරටත් කියා සිටියේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222