- වසර 27කට පසු දිල්ලියේ බලය මෝදිගේ පක්ෂයට
- නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද විදේශීය දුම්වැටි සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
- මුල් දින 05 තුල සංචාරකයින් 44,000ක් දිවයිනට
- පාරිභෝගික අධිකාරියෙන් මේ වන විට සහල් වැටලීම් 2,000 ක්
- විදුලි බිල පනත සංශෝධනයට අදාලව මහජන අදහස් ලබා ගැනීමේ කාලය දීර්ඝ කෙරේ
- කලාපීය ආරක්ෂාව ගැන ඉන්දියාවෙන් ලංකාවට සහතිකයක්
- ඇලස්කාවේ අතුරුදන් වූ ගුවන් යානයේ සුන්බුන් හමුවෙයි
- පාරිභෝගික අධිකාරියේ සහල් වැටලීම් අඛණ්ඩව
Author: Dhanushka
ක්‍රීඩා අමාත්‍යාංශය හා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව වාර්ෂිකව සංවිධානය කරනු ලබන ජාතික ක්‍රීඩා තරගාවලිය අදින් 19දා අවසන් වේ. ඉකුත් 17වැනිදා ආරම්භ වූ මෙම තරගාවලියේ දෙදිනක් අවසන් වද්දීම :පෙර මාසවලදී අවසන් වූ ක්‍රීඩා ප්‍රතිඵලද සමගින් රන් පදක්කම් සියය සීමාව පසුකර යෑමට බස්නාහිර පළාත සමත්ව සිටියි. ඒ අනුව ඊයේ පස්වරුව වනවිට ඔවුන් රන් පදක්කම් 101ක්ල රිදී පදක්කම් 78ක් හා ලෝකඩ පදක්කම් 85ක් දිනාගෙන සිටියා. එහි දෙවැනි ස්ථානය හිමිව තිබුණේ රන් පදක්කම් 41ක් හිමි වූ මධ්‍යම පළාතට වන අතරල තෙවැනි ස්ථානය රන් පදක්කම් 36ක් හිමි වූ දකුණු පළාතට හිමිව තිබුණා.
කුකුළු ගොවිපළහිමියන් කිසිම හේතුවක් නොමැතිව කුකුළු මස් මිල වැඩි කරන බැවින් වහාම ඊට පාලන මිලක් නියම කිරීමට වෙළෙඳ ඇමැතිවරයා ක්‍රියා කළ යුතු බව පාරිභෝගික පෙරමුණේ සභාපති අසේල සම්පත් පවසනවා. පසුගිය කාලයේ විවිධ දෑ කියමින් මිල පහත හෙළිය නොහැකි යැයි අදෝනා දුන් මොවුන් විදුලිය බිල, ඉන්ධන මිල පවා ක්‍රමයෙන් අඩු වී තිබියදී කුකුළු මස් මිල ඉතා සුළු මුදලකින් අඩු කර ඇති බවත් ඇතැම් දිනවල තවත් මිල වැඩි කරන බවත් ඔහු සඳහන් කළා. තවද නිෂ්පාදකයින් විසින් බිත්තරයකින් රුපියල් 25ක අයුතු ලාභයක් ලබන බව බිත්තර වෙළෙඳ සංගමය චෝදනා කරයි.
නුවරඑළිය නගර සීමාව හා අවට ප්‍රදේශ රැසක ඝන මීදුමක් ප්‍රවේසම් වන්නයි ආපදා කළමනාකරණ ඒකකයෙන් සහ රථ වාහන පොලිසියෙන් අනතුරු ඇඟවීමක් කර තිබෙනවාග මේ දිනවල පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නුවරඑළිය නගර සීමාව හා ඒ අවට ප්‍රදේශයන් වන ශාන්තිපුර මාගස්තොට මේ පිළිමාන පට්ටිපොළ කඳපොළ ඇතුළු ප්‍රදේශ රැසක අධික සුළං සහිත තද වැසි හා ඝන මීදුම් තත්ත්වයක් පවතින බැවින් මාර්ගවල ගමන් කිරීමේදී හා රථ වාහන යෙදවීමේදී ප්‍රවේසම්කාරීව කටයුතු කරන ලෙසයි එහිදී දැනුම්දී ඇත්තේ
බරපතළ වැඩසහිත වසර හතරක සිරදඬුවම් නියම වී සිටි පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ඇප මත මුදා හැර තිබෙනවා. ඥානසාර හිමියන් විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව අභියාචනාධිකරණය එම නියෝගය නිකුත් කරනු ලැබුවා.
කොල්ලූපිටිය සහ කොම්පඤ්ඤවීදිය පොලිස් වසම්වල දේපොළ සොරාගැනීම් රැසකට සම්බන්ධ අඹුසැමි යුවළක් ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලීසිය පවසයි. අත්අඩංගුවටගත් අය අතර ,රෙඩ් බානාවත්තේ පුතා, සහ ,මරදානේ ඉම්රාන්, යන අන්වර්ථ නම්වලින් හඳුන්වන පුද්ගලයන් දෙදෙනාද වන බව පොලීසිය කීය. එම සැකකරුවන් සොරාගෙන තිබූ රුපියල් ලක්ෂ 15කට අධික වටිනා ලැෆ්ටොෆ් පරිගණක 6ක් පරිගණක කොටස්, ටැබ් යන්ත්‍ර, මිල අධික පාපැදියක් පොලිස් භාරයට ගෙන තිබේ.
අමෙරිකානු ජනපති ජෝ බයිඩන්ට කොවිඩ්-19 වෛරසය ආසාදන වී තිබෙන බව ධවල මන්දිරය පවසනවා. ඔහුගේ මාධ්‍ය ලේකම් කරීන් ජීන් පියරේ පවසන්නේල ජනාධිපතිවරයාට එන්නත් ලබා දී බවයි. එමෙන්ම ජනාධිපතිවරයා ඩෙලවෙයාර්හි පිහිටි ඔහුගේ නිවසට ගොස් ඇති අතරල එහිදී ඔහු නිරෝධායනය වී සිටින එම කාලය තුළ සියලු රාජකාරි සම්පූර්ණයෙන්ම ඉටු කරන බවයි මාධ්‍ය ලේකම්වරයා පවසන්නේ. මේ අතරල ඔහුට මීට පෙර දෙවතාවක් කොවිඩ්-19 වෛරසය අසාදනය වී ඇති බවද වාර්තා වෙනවා. 81 හැවිරිදි ඔහුල රෝගී තත්ත්වය හේතුවෙන් ලාස් වේගාස් පැවැත්වීමට නියමිතව තිබූ ප්‍රචාරක රැස්වීමක් ද අවලංගු කර තිබෙනවා.
දඹුල්ල සික්සර්ස් කණ්ඩායමේ ක්‍රීඩක ඩිල්ෂාන් මදුෂංක හට තරග ගාස්තුවෙන් 10% ක දඩ මුදලක් පනවා තිබෙනවා . ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කලේ ඊට අමතරව ඔහුට එරෙහිව දඩුවම් ලකුණක් ද පැනවීමටයි පියවර ගෙන ඇති බවයි . තරගාවලියට අදාළ විනය නීති සංග්‍රහයේ වගන්තියක් උල්ලංඝනය කරමින් පළමු මට්ටමේ වරදක් සිදු කිරීම හේතුවෙන් ඔහුට මෙම දඩුවම පනවා තිබෙනවා .
නව ක්‍රමවේදයක් ඔස්සේ හෙට සිට ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කිරීමට රජය තීරණය කර තිබෙනවා . ඒ අනුව ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ ෑ -පාස්පෝට් නිකුත් කිරීම සිදුවනු ඇති . මෙම ගුවන් ගමන් බලපත්‍ර ලබන වසරේ ජනවාරි මස පළමුවනදා සිට ජනතාවට ලබාදීමට නියමිතයි . ගුවන් ගමන් බලපත්‍ර කාර්යක්ෂම සහ ආරක්ෂාකාරීව මහජනතාවට ලබා දීමේ අරමුණින් මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සදහන් කලා . එම දෙපාර්තමේන්තුව නිකුත් කල නිවේදනයේ දෙක්වෙනෙනේ මේ සදහා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අයදුම් කල හැකි බවයි.
බිංගිරිය ඉහළ කඩිගමුව ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කර තිබෙනවා. මියගිය කාන්තාවගේ ස්වාමි පුරුෂයා විසින් එම ඝාතනය සිදුකල බවයි පොලීසිය සඳහන් කළේ. ඝාතනයට ලක්වූ එම කාන්තාවට ස්වාමි පුරුෂයා විසින් බීමතින් නිවසට පැමිණ නිතර පහරදීම් සිදුකර ඇති බවට පසුව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා. ඝාතනයට ලක්ව ඇත්තේ 45 හැවිරිදිවියේ පසුවන එම ප්‍රදේශයේ පදිංචි කාරිනියක් බවයි පොලිසිය සදහන් කලේ
නීතිවිරෝධී ක්‍රම භාවිත කරමින් මසුන් ඇල්ලීම හේතුවෙන් කැස්බෑවන් ඇතුළු සමුද්‍ර ක්ෂීරපායී සත්වයින්ගේ ජීවිත දැඩි අවදානමකට ලක්ව තිබෙනවා. මේ දිනවල පවතින වාරකන් කාලය හේතුවෙන් ඇතැම් පුද්ගලයින් නීතිවිරෝධී උපක්‍රම භාවිත කරමින් මසුන් ඇල්ලීම සිදුකරනු ලබනවා. මේ හේතුවෙන් කැස්බෑවුන්, ඩොල්ෆින් වැනි සතුන්ගේ ජීවිතවලට දැඩි තර්ජන එල්ල වී ඇති බවයි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222