Author: Dhanushka

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තය තුළ හදිසි සෞඛ්‍ය තත්ත්වයක් නිවේදනය කිරීමට ප්‍රාන්ත සෞඛ්‍ය බලධාරින් කටයුතු කර තිබෙනවා. ඒ, නිපා වෛරසය ආසාදනය වීම හේතුවෙන් කුඩා පිරිමි දරුවෙකු ජීවිතක්ෂයට පත්වීමත් සමඟයි. එමෙන්ම මෙම රෝගය වැළදුනු තවත් පුද්ගලයින් 60 දෙනෙකු හඳුනාගෙන ඇති බවද සඳහන්. අදාළ වෛරස් තත්ත්වය පැතිරීම වළක්වා ගැනීම සඳහා මුඛ ආවරණ පළදින ලෙසටයි එරට සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

තව කියවන්​න

සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වෙන ක්‍රිකට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතයේ වෙනස්කම් කිහිපයක් සිදු කිරීමට නියමිත බව වාර්තා වනවා. ඒ අනුව මෙවර ඛඡඛ තරගවාලියේ දී දක්ෂතා දැක් වූ බිනුර ප්‍රනාන්දු, දිනේෂ් චන්දිමාල්, අවිශ්ක ප්‍රනාන්දු හා කුසල් ජනිත් පෙරේරා යළි සංචිතයට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ. නවක ක්‍රීඩක චමිදු වික්‍රමසිංහ ද මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී ඉහළ දක්ෂතා දැක් වූ බැවින් ඔහු ද සංචිතය සදහා නම් කිරීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ . කෙසේ වෙතත් පසුගිය විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය සදහා වූ ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව සිටි ඩිල්ෂාන් මදුෂංක, ඇන්ජෙලෝ මැතිව්ස්, සධීර සමරවික්‍රම හා ධනංජය ද සිල්වාට සංචිතයේ…

තව කියවන්​න

ක්ලබ් වසන්ත නොහොත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා යන අය ඇතු`ඵව තවත් පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් 7 දෙනා අධිකරණය වෙත රැගෙන විත් තිබෙනවා. අදාළ සැකකරුවන් පිරිස දැඩි රැකවල් මධ්‍යයේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත මෙලෙස රැගෙන ආ බවයි අප වාර්තාකරු කියා සිටියේ. ජූලි 8 වන දා සිදු කළ අදාළ වෙඩි තැබීමෙන් තවත් සිවු දෙනෙකු තුවාල ලැබුවා.

තව කියවන්​න

බරපතල වැඩ සහිතව වසර 3 ක සිරදඬුවම් නියම වී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇප මත මුදාහැර තිබෙනවා. කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා විසින් මෙම තීන්දුව ලබා දී ඇති බව සඳහන්. 2015 වසරේදී දෙමටගොඩ ප්‍රදේශයේ වෙළදසැලක සේවය කළ තරුණයෙකු කලු පැහැති ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරගත කර තබා පහර දීම ඇතුළු චෝදනා 18 කට වරදකාරියක් ලෙසයි ඇයට සිරදඩුවම් විඳීමට නියම වුණේ.

තව කියවන්​න

ප්‍රදේශයේ නිවෙසක් ඉදිරිපිට නවතා තිබූ යතුරුපැදියක් වාංඇළ පොලිසියට රැගෙන ගොස් එම යතුරුපැදිය අධිකරණයට ඉදිරිපත් නොකර සිටීම සදහා රුපියල් 5000 ක අල්ලසක් ලබාගනිද්දී අත්අඩංගුවට ගත් වාන් ඇළ පොලිසියට අනුයුක්ත පොලිස් සැරයන්වරයාගේ වැඩ තහනම් කළ බව කන්තලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයිග එම සැරයන්වරයා විසින් කින්නියා ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුට අයත් යතුරුපැදියක් වාන් ඇළ පොලිසියට රැගෙනවිත් එම යතුරුපැදිය අධිකරණයට ඉදිරිපත් නොකර සිටීමට රුපියල් 5000 ක අල්ලසක් ඉල්ලා තිබුණා. අනතුරුව රුපියල් 5000 ක් ලබා දෙන තෙක් යතුරුපැදිය නිදහස් කර එම යතුරුපැදියට අදාල ලියවිලි සැරයන්වරයා සනතකයට ගෙන තිබූ අතර එම වාන් ඇළ වට්ටමඩු හන්දිය අසලදී එම අල්ලස් මුදල ලබාගැනීමට යාමේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන…

තව කියවන්​න

ගැබිණි  මව්වරුන් සහ කුඩා දරුවන් දියවැඩියාව සඳහා ගොදුරුවීම ඉහළ ගොස් ඇති බවට අනාවරණයක් පසුගිය වසර 10ක කාලය තුළ ගර්භිණී මව්වරුන් සහ කුඩා දරුවන් දියවැඩියාව සඳහා ගොදුරුවීම ඉහළ ගොස් ඇති බව කොළඹ ජාතික රෝහලේ දියවැඩියාව සහ හෝමෝන පිළිබඳ විශේෂඥ වෛද්‍ය උදිත පුළුගහපිටිය පවසනවා මේ වනවිට නාගරික ප්‍රදේශ තුළ ජීවත්වන පුද්ගලයින්ගෙන් සියයට 20ක් පමණ දියවැඩියා රෝගයට ගොදුරුවී ඇති බව ඔහු සඳහන් කළේ දියවැඩියාව රෝගයෙන් මිදීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පවසමින් ඔහු සඳහන් කළේල පැයක් හෝ පැය භාගයක් ව්‍යායාම කිරීම අත්‍යාවශ්‍ය බවත්ල අධික සීනි සහිත ආහාර පරිභෝජනය අඩු කර එළවලුල මස්ල මාළු සහිත ආහාර වේලකට යොමුවිය යුතු බවත් තමාගේ උසට සරිලන බරක් පවත්වා…

තව කියවන්​න

සිසුන් සහ පොලීසිය අතර ප්‍රචණ්ඩ ගැටුම් අඛණ්ඩව පවතින බැවින් මුළු බංග්ලාදේශයටම අධි ආරක්‍ෂක අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවාග ඩකා අගනුවර සම්පූර්ණයෙන්ම අන්තර්ජාල අවහිරයක් මධ්‍යයේ පවතින අතර දුරකථන මාර්ග ද අක්‍රිය කර ඇති බව සඳහන්ග බ්‍රහස්පතින්දා සවස විරෝධතාකරුවන් විශාල සංඛ්‍යාවක් රාජ්‍ය විකාශක ඊඔඪ වෙත කඩා වැදීල ගෘහ භාණ්ඩ විනාශ කරමින්ල ජනෙල් සහ විදුලි පහන් කඩා බිඳ දමා මාධ්‍ය ආයතනයේ කොටස්වලට ගිනි තැබූ බවයි විදෙස් වාර්තා පවසන්නේග

තව කියවන්​න

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යයට සමගාමීව සිදු කරන ගිනි පෑගීමේ උත්සවය අද 19 උදෑසන 04 ට සිදු කෙරුණාෙ මෙම ගිනි පෑගීම සදහා බැතිමතුන් 345දෙනකු සහභාගී වුණ‍ෙ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකරගේ අධික්ෂණය මත ගිනි පෑගිමේ උත්සවය සංවිධානය කර තිබුණු අතර කතරගම දේවාලයේ සනත් රත්නායක කපුමහතා විසින් ගිනි මැලය වෙත පරහද ඉස ආශිර්වාදය ලබාදීමෙන් පසුව බැතිමතුන් ගිනි මැලය තරණය කර තිබෙනව කතරගම දේවාලයේ ඇසළ මංගලයේ 14 වැනි පෙරහැර මංගල්‍යය අද විථි සංචාරය කරනු ලබනවා ලබන 21 වැනිදා අවසන් මහා පෙරහැර මංගල්‍යය සිදුකර 22 වැනි දින මැණික් ගගේ දිය කැපිමේ මංගල්‍යයන් පෙරහැර නිමාවට පත්වනවා

තව කියවන්​න

ප්‍රකට විකට නළුවෙකු වු බොබ් නිව්හාර්ට් මිය ගොස් තිබෙනවා සම්මාන රැසකින් පිදුම් ලැබු ඔහු මිය යන විට 94 වන වියේ පසුවුණා ඇමෙරිකා විකට පුරා වෘත්තයක් වන ද බොබ් නිව්හාර්ට් ෂෝ රූපවාහිනි කතා මාලාවේ ප්‍රධාන චරිතය තුළින් ඔහු ප්‍රේක්ෂකයන් ඇද බැද ගත්තා චිකාගෝහි ගණකාධිකාරිවරයෙකු ලෙස වෘත්තිය ජිවිතය ඇරඹු ඔහු පසුව විකට නළුවෙකු ලෙස ඉමහත් ප්‍රසාදයට පත්වුණා

තව කියවන්​න

සිකුරාදා අලුයම ටෙල් අවිව්හි මධ්‍යම ප්‍රදේශයට ඩ්‍රෝන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා නිවේදනයක් නිකුත් කරමින් ඊශ්‍රායල හමුදාව පවසන්නේ ගුවන් ඉලක්කයක් වැරදී යාමෙන් මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි කෙසේ වෙතත් ගුවන් මුර සංචාර වැඩි කරන බවත් ඔවුන් සඳහන් කර තිබෙනවා පිපිරීමෙන් එක් අයෙකු මිය ගොස් කිහිප දෙනෙකුට සුළු තුවාල සිදුව ඇති බවයි ඊශ්‍රායල හදිසි සේවා පවසන්නේ

තව කියවන්​න