Author: Dhanushka

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ දිවයිනේ පරිපාලන දිස්ත්‍රික්ක 25 තුළම මහජන සාමය පවත්වාගෙන යාම සඳහා යුද, ගුවන් සහ නාවික යන සන්නද්ධ හමුදාවල සියළුම සාමාජිකයින් කැඳවා ඇති බවයි. ඒ අනුව මෙය ඊයේ දින සිට ක්‍රියාත්මක වනු ඇති බවද සඳහන්.

තව කියවන්​න

කොළඹ වෝඩ් පෙදෙසේ නවතා තිබූ ත්‍රිරෝද රථයක් තුළ තිබී තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කළ පුද්ගලයෙකුගේ මළසිරුරක් හමුව තිබෙනවා. පොලිසිය සඳහන් කළේ එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 33 ක පමණ පුද්ගලයෙකු බවයි. අද අළුයම කුරුදුවත්ත පොලිසියට ලැබුණු දුරකථන පණිවිඩයක් මත ජාතික දන්ත රෝහල අසලදී අදාළ ත්‍රිරෝද රථය සොයාගෙන තිබෙනවා. ඒ අනුව සිදුකරන ලද විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ අදාළ ත්‍රිරෝද රථය මිද්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකුගේ බවයි. එම පුද්ගලයාගෙන් කරුණු විමසීමේදී ඔහු පවසා ඇත්තේ සිය ත්‍රිරෝද රථය තමාගේ ඥාතියෙකු වන මියගොස් සිටින පුද්ගලයා හට මුදල් උපයා ගැනීම සඳහා තමන් විසින් ලබාදී ඇති බවයි. මේ අනුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කුරුඳුවත්ත පොලිසිය මඟින්…

තව කියවන්​න

යුරෝපා සංගමයේ මීළඟ රැස්වීම හංගේරියාවේදී නොපවත්වන බවට තීරණය කර තිබෙනවා. ලබන 28 වනදා සිට 30 වන දා දක්වා යුරෝපා සංගමයේ රැස්වීම හංගේරියාවේ බුඩා පෙස්ට් හිදී පැවැත්විමටයි නියමිතව තිබුණේ. කෙසේ වෙතත් එය බෙල්ජියමේ බ්‍රසල්ස් හිදී පැවැත්වීමට යුරෝපා සංගමය තීරණය කර තිබෙනවා. හංගේරියාව, රුසියානු හිතවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම මීට හේතුව බවයි වාර්තා වන්නේ.

තව කියවන්​න

2030 වසරේ සිට කාන්තා පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන රටවල් සංඛ්‍යාව ඉහළ නැංවීමට අයි සී සී ය විසින් අනුමැතිය ලබා දී තිබෙනවා. එම අනුමැතිය ලබා දී ඇත්තේ ඊයේ කොළඹ දී නිමා වූ අයි.සී.සී වාර්ෂික සමුළුවේ දීයි. මේ අතර, 2026 වසරේ දී පැවැත්වීමට නියමිත පන්දුවාර විස්ස පිරිමි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා කලාපීය සුදුසුකම් ලැබීමේ තරගාවලි තුළින් කණ්ඩායම් සිය ස්ථාන වෙන් කර ගන්නා ආකාරය ද මෙම සමුළුවේදී ප්‍රකාශ කර තිබෙනවා . ඒ අනුව අප්‍රිකානු කලාපයෙන් හා යුරෝපා කලාපයෙන් රටවල් දෙක බැගින් ද, ඇමෙරිකානු කලාපයෙන් එක් රටක් ද, ආසියා හා නැගෙනහිර ආසියා පැසිෆික් කලාප ඒකාබද්ධව රටවල් 3…

තව කියවන්​න

ඉඩම් ඔප්පුවක් පිළියෙල කිරීමට ව්‍යාපාරිකයකුගෙන් රුපියල් ලක්ෂ 02ක අල්ලසක් ලබාගත් කැකිරාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඩම් නිලධාරියකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා මොහු කැකිරාව ප්‍රදේශයේ ව්‍යාපාරිකයාගෙන් රුපියල් ලක්ෂ 05ක අල්ලස් මුදලක් ඉල්ලා තිබූ අතර ඉන් රුපියල් ලක්ෂ දෙකක් ලබා ගන්නා අවස්ථාවේදීයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 33 හැවිරිදි පොලොන්නරුව – දිවුලන්කඩවල – කුසුම්පොකුණ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සැකකරු කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතරුව ලබන මස 02 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

තව කියවන්​න

මැතිවරණයක් සඳහා අවශ්‍යවන තීන්ත ඇතුළු අවශ්‍ය ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීමට මැතිවරණ කොමිෂන් සභාව තිරණය කර තිබෙනවා. ඒ අනුව ලිපිකවර, කාබන් කොළ, මුද්‍රණ කඩදාසි, සහ ඝනක යන්ත්‍ර ඇතුළු මැතිවරණයේදී ඡන්දය භාවිත කිරීමට අවශ්‍ය කෙරෙන ලිපි ද්‍රව්‍ය මිලට ගැනීමටයි කඩිනමින් ලංසු කැඳවා ඇත්තේ. මැතිවරණ කොමිසම මඟින් මෙම සතියේ ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීමට නියමිත අතර ඊට අදාළ සාකච්ඡාවක් ද හෙට දිනයෙදී පැවැත්වීමට .නියමිතව තිබෙනවා.

තව කියවන්​න

පාසල් ළමුන් ඉලක්ක කරගනිමින මත්කරල් ජාවාරමේ යෙදී සිටි කාන්තාවක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ විශේෂ කාර්ය බළකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම  වැටලීම සිදුකර ඇත එහි දී පාසල් ළමුන් ඉලක්ක කර අලෙවි කිරීම සඳහා‍ මත්කරල් 230ක් සන්තකයේ තබාගෙන සිටි වෑබඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 44ක කාන්තාවක් ජංගම දුරකථනයක්ද සමග අත්අඩංගුවට ගැනීමට විශේෂ බළකා නිලධාරින් සමත්වුණි වැඩිදුර විමර්ශන සඳහා සැකකාරියව කඩවත පොලිස් ස්ථානය වෙත භාරදී තිබේ.

තව කියවන්​න

තිස්සමහාරාම කාවන්තිස්ස පුර ප්‍රදේශයේ ගල්වළක ගිලීමෙන් මවක් සහ දරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මේ වන විට ඔවුන්ගේ සිරුර සොයාගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ. මෙලෙස මියගොස් ඇත්තේ 32 හැවිරිදි මවක් සහ 14 සහ 9 හැවිරිදි පිරිමි ළමුන් දෙදෙනෙක්. ඊයේ පස්වරුවේ මව සහ දරුවන් දෙදෙනා මෙම ගල්වළේ දිය නෑමට ගොස් මෙලෙස මරණයට පත්ව තිබෙනවා.

තව කියවන්​න

ගුරු විදුහල්පතිවරුන් අද සිට සති දෙකක කාලයක් අකුරට වැඩකිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව අද සිට පළාත් අධ්‍යාපන හා කලාප අධ්‍යාපන කාර්යාල නියම කරන වැඩමුළු, පුහුණු වැඩසටහන්වලට ද ඔවුන් සහභාගි නොවනු ඇති බව සඳහන්. ඉදිරි සති 2 තුළ පන්ති කාමරවල ඉගැන්වීමේ කටයුතුවල පමණක් සිදුකරන බවයි ශ්‍රී ලංකා ජාතික විදුහල්පතිවරුන්ගේ සංගමය වැඩිදුරටත් අවධාරණය කර සිටියේ.

තව කියවන්​න

තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව සක්‍රීය නිරිත දිග මෝසම් හේතුවෙන් බෙංගාල බොක්ක මුහුද ප්‍රදේශයේ පැයට කිලෝමීටර 70 ත් 80 ත් අතර සුළං පැවතිය හැකි බැවින් ධීවර සහ නාවික ප්‍රජාවට ඒ පිළිබදව දැඩි අවධානයෙන් පසු වන ලෙසටයි එම දෙපාර්තමේන්තුව අනතුරු අගවන්නේ. මේ අතර බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව ද එම නිවේදනයේ සදහන්.

තව කියවන්​න