Author: Dhanushka
දක්ෂිණ අධිවේගී මාර්ගයේ අද අළුයම සිදු වූ අනතුරකින් පුද්ගලයෙක් මිය ගොස් තිබෙනවා. මත්තල සිට කොළඹ දෙසට ධාවනය වූ ලොරි රථයක් ඉදිරියෙන් ධාවනය වූ තවත් ලොරියක පිටුපස ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ. අනතුරින් තුවාල ලැබූ තිදෙනෙකු තංගල්ල රෝහලට ඇතුළත් කර තිබුණා. එහිදි පිටුපස ලොරියේ රිය සහයකයා මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ. මියගොස් අත්තේ නුවරඑළිය හල්ගහඔය පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙක්.
ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් පහළ දැමීමට තීරණය කර තිබෙනවා. මෙම තීරණය ගෙන ඇත්තේ ඊයේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ පැවති රැස්වීමකදියි. ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 8.25 දක්වාත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 9.25 දක්වාත් පහළ ගොස් තිබෙනවා.
වතු කම්කරුවන්ගේ දෛනික අවම වැටුප රුපියල් 1700 බව සඳහන් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කර තිබෙනවා. වතු කම්කරුවන්ගේ අවම වැටුප රුපියල් 1700 දක්වා ඉහළ නැංවීම ස්ථිර කරමින් ගැසට් නිවේදනය පසුගිය මැයි පළමුවන දා නිකුත් කරනු ලැබුවා. කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යංශයේ ලේකම්වරයාගේ අත්සනින් යුතුවයි මෙම ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබුවේ.
වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ස්ථානාධිපතිවරුන් 47 දෙනෙක් සඳහා ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා. පොලීසිය පැවසුවේ සේවා අවශ්‍යතා මත මෙම ස්ථාන මාරුවීම් සිදු කළ බවයි. ඒ සඳහා පොලිස් කොමිසමේ අනුමැතිය ද හිමි වී තිබෙනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙවර ජනාධිපතිවරණ අපේක්ෂකයා ජනාධිපතිවරණය පවත්වන දිනය නිවේදනය කිරීමෙන් පසු ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර තිබෙනවා. එම තීරණය ගෙන ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම නෙළුම් මාවත පක්ෂ කාර්යාලයට රැස්වූ අවස්ථාවේදීයී. මේ අතර කිසි ලෙසකින්වත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සූදානමක් නොමැති බව කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට ඊයේ එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.
දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ, ඔහුව පොලිස්පතිවරයා විසින් පත්කිරීමට ජනාධිපතිවරයා ගනු ලැබූ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම අද දින විභාගයට ගත් අවස්ථාවේදියි. අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු පාර්ශව 9 ක් එක්ව මෙම පෙත්සම් ඉදිරිපත් කරනු ලැබුවා. මේ පිළිබදව අද දින පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් මෙලෙස අදහස් පළ කළා.
ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර හට අහිමි වී තිබෙනවා. ඒ, ඔහුට ඇති වී තිබෙන ආබාධ තත්ත්වයක් හේතුවෙන්. ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති උපුල් තරංග පැවසුවේ ඊයේ දිනයේදී ඔහුගේ නවතම වෛද්‍ය වාර්තා ලැබුණු බවයි. එම වෛද්‍ය වාර්තාවලට අනුව ඔහු ක්‍රීඩා කිරීමට යෝග්‍ය තත්ත්වයකින් පසු නොවන බව උපුල් තරංග සදහන් කළා. දුෂ්මන්ත චමීර වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු සංචිතයට ආදේශ කිරීමට ඉදිරියේදී කටයුතු කරන බවයි උපුල් තරංග පැවසුවේ.
දකුණු ඉතියෝපියාවේ සිදු වූ නායයෑම් දෙකකින් පුද්ගලයීන් 200 කට වැඩි පිරිසක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. ගෝෆා කලාපයේ දුෂ්කර ප්‍රදේශයක අධික වර්ෂාවත් සමඟ පළමු නායයාම පසුගිය සඳුදා සිදු වූ අතර දෙවන නායයාමෙන් උපකාර කිරීමට රැස්ව සිටි බොහෝ දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බවයි එම මාධ්‍ය පවසන්නේ. මෙම ව්‍යවසනයෙන් අවම වශයෙන් පිරිමි පුද්ගලයින් 148 ක් සහ කාන්තාවන් 81 කු මිය ගොස් ඇති බව ද සදහන්.
ලබන වර්ෂය සදහා පාසල් සිසුන්ට අවශ්‍ය නිල ඇදුම් සම්පූර්ණයෙන්ම නොමිලයේ ලබා දීමට චීන රජය එකගතාවය පල කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයිග ඒ නිසාවෙන් රජයට රුපියල් බිලියන හයක මුදලක් ඉතිරි කර දීමට හැකි වී ඇතැයි ද අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීයග ඒ සම්බන්ධයෙන් වූ සාකච්ඡා සිදු කර අවශ්‍ය රෙදි පිළිබදව දැනුම් දී ඇති බැවින් අවශ්‍ය රෙදි ප්‍රමාණය දැනුම් දීමෙන් පසු අදාල රෙදි තොගය මෙරටට ලබා දීමට චීන රජය එකගතාවය පල කර ඇතග එමෙන්ම ප්‍රාථමික පන්ති සදහා ලබා දෙන දිවා ආහාර වැඩසටහන ලබන වසරේ සිට තවත් ව්‍යාප්ත කරමින් තවත් පන්ති කිහිපයක් සදහා ලබා දීමට සැලසුම් සකස් කර ඇතග
බේරේ වැවල කුරුලු දූපත පිහිටි ඉඩම් කොටස සංවර්ධන කටයුතු සඳහා ශ්‍රී ජිනරතන භික්ෂු අභ්‍යාස විද්‍යාලය කාරක සභාව වෙත දීර්ඝකාලීන බදු පදනම මත ලබා දීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇතග 2000 වර්ෂයේදී කොළඹ නගර සංවර්ධන සැලැස්මේ කොටසක් ලෙස බේරේ වැව ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය යටතේ නිරිතදිග බේරේ වැවේ පිහිටි පර්චස් 143 ක් පමණ වූ කුරුලු උයන දූපත නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා ගෙන තිබේග දැනට ඌන උපයෝජිත තත්ත්වයේ පවතින එකී ඉඩම් කොටස බෞද්ධ පුදබිමක් ලෙස හා සංස්කෘතික උරුමයන් ප්‍රදර්ශනය කෙරෙන සංචාරක ආකර්ෂණීය ස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම සඳහා යොදා ගැනීම පිණිස ගංගාරාම විහාරාධිපති ස්වාමීන් වහන්සේ විසින් ඉල්ලීමක් ඉදිරිපත් කොට ඇතැයි රජය පවසයිග ඒ…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222