- දුම්රිය දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්
- දිවයින පුරා හදිසි විදුලිය බිඳ වැටීමක්
- රසාරා විජේසූරියගෙන් නව වාර්තාවක්
- වෝන් – මුරලි කුසලානයේ ජය ඔස්ට්‍රේලියාව හිමි කර ගනී
- පොල් ගෙඩියක මිල 88%කින් ඉහළට
- ඉදිරියේදී රාජ්‍ය සේවයේ වැටුප් වැඩීවීමක් – අගමැතිනියගෙන් ප්‍රකාශයක්
- පොදු ප්‍රවාහනය සඳහා විද්‍යුත් ගෙවීම් ක්‍රමයක්
- වීසා නීති ලිහිල් කිරිමට නවසීලන්තයෙන් සැලසුම්
Author: Dhanushka
ජනාධිපතිවරණයට අවශ්‍ය තැපැල් දෙපාර්තමේන්තුවේ වියදම් පුරෝකථනය කරමින් රුපියල් බිලියන 1.4 ක ඇස්තමේන්තුවක් මැතිවරණ කොමිසමට යොමු කර තිබෙනවා. ඒ අනුව තැපැල් ගාස්තු, ලියාපදිංචි තැපැල් ගාස්තු, ලිපි ද්‍රව්‍ය සඳහා වියදම්, ප්‍රවාහන වියදම්, පරිපාලන ගාස්තු ඇතුළු වියදම් රැසක් ඇස්තමේන්තුවට ඇතුළත් වන බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා ප්‍රකාශ කළා. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ඇස්තමේන්තුව පුරෝකථනයක් වන හෙයින් ඉල්ලුම් කළ මුදල් ප්‍රමාණය වෙනස් වීමේ හැකියාවක් පවතින බවයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වන විට පාර්ශව 3 කට කැඩී ගොස් ඇති බව වර්තා වනවා. එම පක්ෂයේ සාමාජිකයින් කණ්ඩායම් 3 කට බෙදී ගොස් ජනාධිපති අපේක්ෂකයින් තිදෙනෙකුට උපකාර කිරීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු කණ්ඩායමක් ජනාධිපති අපේක්ෂක වශයෙන් අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කිරීමට දැනටමත් තීරණය කර තිබෙනවා. එමෙන්ම අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා මෙන්ම මහින්ද අමරවීර මහතා ඇතුළු කණ්ඩායමක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමට කටයුතු කර ඇති බව ද සදහන්. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ සහය සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත පළ…
වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ තුන්වන වරටත් ජනාධිපතිවරණය ජයග්‍රහණය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. ජාතික මැතිවරණ කවුන්සිලයේ ප්‍රධානී එල්විස් අමොරෝසෝ පැවසුවේ, සියයට 44 ක් ලබා ගත් විපක්ෂ අපේක්ෂක එඩ්මුන්ඩෝ ගොන්සාලෙස් අභිබවා යමින් නිකොලස් මදුරෝ සියයට 51 ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් බවයි. එමෙන්ම ඡන්ද මධ්‍යස්ථානවලින් සියයට 80 ක ප්‍රතිඵල ඔහුට හිමි වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
යටියන්තොට පොලිස් වසමේ පිහිටි කබුළුමුල්ල රාජමහා පත්තිනි දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර හේතුවෙන් හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා වෙයිග පෙරහැර පත්තිනි දේවාලයෙන් ආරම්භ කර හැටන් කොළඹ මාර්ගයේ කරවනැල්ල නගරය දක්වා ගමන් කර එතැන් සිට කෑගල්ල අවිස්සාවේල්ල මාර්ගයේ මීටර් 300ක් පමණ කෑගල්ල දෙසට ගමන් කිරීමෙන් පසු වැන්දල් විහාර්ස්ථානය අසලින් නැවත පෙරහැර ගමන්ගත් මාර්ගයේම ගමන් කර කබුළුමුල්ල දේවාලයට පැමිණීමට නියමිතයිග මේ හේතුවෙන් ඇතිවිය හැකි රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා එම මාර්ගය භාවිතා කරන රියැදුරන් හා මහජනතාවට පහත විකල්ප මාර්ගයන් භාවිතා කරන ලෙස පොලිසිය දැනුම්දෙයිග
ලොව බලවත්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මෙක්සිකෝවේ සිනලෝවා කාටෙල් සංවිධානයේ නායක ඉස්මයිල් ,එල් මායෝ, සම්බාඩාව ටෙක්සාස් ප්‍රාන්තයේ එල් පාසෝහිදී එක්සත් ජනපද ෆෙඩරල් නියෝජිතයන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවාග 76 හැවිරිදි සම්බාඩා දැනට එක්සත් ජනපදයේ සිරගතව සිටින ජෝකින් ,එල් චැපෝ, ගුස්මාන් සමඟ අපරාධ සංවිධාන කළ අයෙක්ග සම්බාඩා සමඟ ,එල් චැපෝ, ගුස්මාන්ගේ පුත් ජෝකින් ගුස්මන් ලෝපෙස්වද අත්අඩංගුවට ගත් බව එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව පවසනවාග
ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ සිදු කල වෙඩි තැබිමෙන් තවත් අයෙකු මිය ගොස් තිබෙනවා . මිය ගොස් ඇත්තේ ඔරුගොඩවත්ත ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි කාන්තාවක්. කොළඹ ග්‍රෑන්ඩ්පාස් ,වදුල්ලවත්ත මහල් නිවාස සංකීර්ණය ඉදිරිපිට ඊයේ රාත්‍රියේ සිදුකළ වෙඩිතැබීමෙන් 32 හැවිරිදි කේ. ජී. ආර්. දර්ශන නමැති පුද්ගලයෙක් ඊයේ රාත්‍රියේදීම මිය ගියා. එහිදී තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද අලුයම මෙලෙස මියගොස් ඇති බවයි පොලිසිය සදහන් කලේ.
යාපනයේ මනිපායී කට්ටුඩෙයි හන්දියේදී යතුරු පැදියක් වෑන් රථයක ගැටීමෙන් යතුරු පැදියේ ගමන් කළ කාන්තාවක් මිය ගොස් තිබෙනවා . එහිදී තවත් කාන්තාවක් බරපතල ලබා ඇති බවයි පොලිසිය සදහන් කලේ . තුවාල ලැබූ කාන්තාව තෙලිප්පලෙයි රෝහලට ඇතුළත්කර තිබෙනවා. මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ යාපනයේ සංගානෙයි ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි කාන්තාවක්.
පලස්තීන බටහිර ඉවුරේ හමාස් නායකයා ලෙස කටයුතු කළ මුස්ටාෆා මුහම්මද් ජිවිතක්ෂයට පත්වී තිබෙනවා රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර ඇත්තේ ඔහු ඊශ්‍රායල් හමුදා භාරයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවයි. පලස්තීන බලධාරීන් චෝදනා කරන්නේ දකුණු ඊශ්‍රායලයේ සිර කඳවුරක රඳවා සිටි මුස්ටාෆා ට රෝගී තත්ත්වය සඳහා නිසි ප්‍රතිකාර ලබා දීමට ඊශ්‍රායල ආරක්ෂක අංශ කටයුතු කර නොමැති බවයි. පසුගිය මාස 10 තුළ පලස්තීන ජාතිකයින් 18 දෙනෙක් ඊශ්‍රායල හමුදා භාරයේ සිටියදී මරණයට පත්ව ඇති බව සඳහන්
වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර මහතා පත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා පෞද්ගලික අවශ්‍යතාවක් මත විදෙස්ගත වීම හේතුවෙන් රුවන් ගුණසේකර මහතා පත් කර ඇති බවටයි වාර්තා වන්නේ. නියෝජ්‍ය පොලිස්පති තල්දුව නැවත දිවයිනට පැමිණි පසු නැවත පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කරනු ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරනවා
කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ රාත්‍රී තැපැල් දුම්රියේ දෙමෝදර ගවරවෙල ප්‍රදේශයේදී අද උදෑසන ගැටුණු පුද්ගලයෙක් මියගොස් ඇතැයි ඇල්ල පොලීසිය පවසනවා එසේ මරණයට පත්ව ඇත්තේ රබර්වත්ත කොටස ගවරවෙල දෙමෝදර ලිපිනයේ පදිංචිව සිටි 26 හැවිරිදි තරුණයෙකි. ඇල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි .
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222