Author: Dhanushka

නීතිවිරෝධි අයුරින් ඉන්ධන ලීටර් මිලියන 1.5 ක් රැගෙන යාත්‍රා කරමින් තිබියදී ඉරානයේ විප්ලවකාරී ආරක්ෂක බලකාය විසින් සිය භාරයට ගනු ලැබූ නෞකාවේ ශ්‍රී ලාංකිකයින්ද සිටින බවට විදෙස් මාධ්‍ය පවසනවා. ඉරානයේ නිරිත දිග ප්‍රදේශයේ බුසේර් නගරයේ සිට අරාබි මුහුදේ මෙම නෞකාව ඉන්ධන ප්‍රවාහනය කරමින් සිට ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. ටෝගෝ ධජය යටතේ යාත්‍රා කර ඇති මෙම නෞකාවේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් 12 දෙනෙකු සිට තිබෙනවා. ඔවුන් ඉන්දීය ජාතිකයින් සහ ශ්‍රී ලාංකිකයින් බවටයි අනාවරණය වී ඇත්තේ.

තව කියවන්​න

මැතිවරණ කොමිෂන් සභාව අද දින රැස්වීමට නියමිතයි. එම කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා සඳහන් කළේ ජනාධිපතිවරණය පැවැත්වීමට අදාළ කරුණු රැසක් අද දින පැවැත්වෙන බවයි. පොලිස්පතිවරයා නොමැතිව මැතිවරණය පවත්වන්නේද යන්න සහ ඒ සම්බන්ධයෙන් මතුව ඇති ගැටළු පිළිබදව අද දින සාකච්ඡා කර තීරණයක් ගන්නා බවටයි සභාපතිවරයා සඳහන් කළේ. ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පැවසුවේ නාමයෝජනා භාරදීම ඇතුළු කටයුතු සඳහා ආරක්ෂාව යෙදවීම සම්බන්ධයෙන් අද සාකච්ඡාවේදී අවධානය යොමුවනු ඇති බවයි.

තව කියවන්​න

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තුන්වන සහ අවසන් පන්දුවාර 20 තරගය අද පැවැත්වෙනවා. පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී මෙම තරගය ආරම්භ වන්නේ රාත්‍රි 7 ටයි. මේ වන විටත් පළමු තරග දෙක ජය ගනිමින් ඉන්දියාව, තරගාවලිය දෙකට බින්දුවක් ලෙස ජයගෙන තිබෙනවා. මේ අතර, ක්‍රිකට් ආයතනය විසින් ආසියානු කුසලානය ජයගත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ඩොලර් ලක්ෂ 5 ක මුදල් ත්‍යාගයක් පිරිනමා ඇති බවද සදහන්.

තව කියවන්​න

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මුහුණ දෙන ගැටළු විසදීම සඳහා කේ.ටී.චිත්‍රසිරි වාර්තාවේ නිර්දේශ මත පදනම්ව අවශ්‍ය නීති කෙටුම්පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් මුහුණ දෙන ගැටළු පිළිබදව කරුණු අධ්‍යනය කර අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය අලී සබි්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කරන ලද අමාත්‍ය මණ්ඩල අනුකමිටු වාර්තාවේ නිර්දේශවලට අනුකූලවයි මෙම නීති කෙටුම්පත සකසා ඇත්තේ.

තව කියවන්​න

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ සිදු වූ නායයාමකින් පුද්ගලයින් 26 දෙනෙකු මියගොස් තවත් පිරිසක් අතුරුදන්ව තිබෙනවා. ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ මෙප්පාදි නම් ප්‍රදේශයක් මෙලෙස නායයාමට ලක්ව ඇති අතර එහි සිරවී සිටින පිරිස සොයා ගලවා ගැනීමේ ආරක්ෂක නිලධාරීන් කණ්ඩායමක් ද මේ වන විටත් යොදවා ඇති බව සදහන්. අධික වර්ෂාව හේතුවෙන් බේරාගැනීමේ මෙහෙයුම්වලට දැඩි බාධා එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ.

තව කියවන්​න

හබරාදූව හරුමල්ගොඩ ප්‍රදේශයේ සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙක් තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා. යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙක් විසින් මෙම වෙඩි තැබීම ඊයේ සිදු කර ඇති බව සදහන්. වෙඩි වැදීමෙන් අවුරුදු 34 සහ 54 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙක් තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා. පොලීසිය සඳහන් කළේ ඔවුන් දෙදෙනා හබරාදූව සහ අගුළුගහ ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි. අදාළ වෙඩිතැබීමට මෙතෙක් හෙළි වී නොමැති බවයි පොලිසිය වැඩිදුරටත් සදහන් කළේ.

තව කියවන්​න

ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්ද අයදුම්පත්‍ර භාරගැනීම ලබන මස 05 වනදා මධ්‍යම රාත්‍රියෙන් අවසන්වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසන් සභාව පෙන්වා දෙන්නේ එම අයදුම්පත් එදින හෝ ඊට පෙර දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙත යොමුකළ යුතු බවයි. ලබන මස 05 වනදාට අයදුම්පත්‍ර තැපැලට භාරදීම සිදුකළද, ඒවා වලංගු නොවන බව එම කොමිෂන් සභාව පෙන්වා දෙනවා.

තව කියවන්​න

2024 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද දායකයින්ගේ පහසුව සදහා ඡන්ද හිමි නාමලේඛන ප්‍රදර්ශනය කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඒ අනුව 2024 වසරේ සහතික කරන ලද ඡන්ද හිමි සියළුම මැතිවරණ කොට්ඨාශවලට අදාළ ඡන්ද හිමි නාමලේඛන සියළුම දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල, සියළුම ප්‍රාදේශිය ලේකම් කාර්යාලවල මෙන්ම සියළුම ග්‍රාම නිලධාරි කාර්යාලවල එලෙස ප්‍රදර්ශනය කළ යුතු බව සදහන්.

තව කියවන්​න

ලබන වසරේ මුල් කාර්තුව වනවිට පුද්ගලික භාවිතය සඳහා වාහන ආනයනය සිදු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා. එමෙන්ම වාහන සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් අගෝස්තු මාසය වන විට රජයේ ස්ථාවරය ඉදිරියේදී පැහැදිලි කිරීමට ද සියළු කටයුතු යොදා ඇති බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ. මේ අතර අදියර කිහිපයක් වශයෙන් මෙරටට වාහන ආනයනය කිරීමට තීරණය කර තිබෙනවා.

තව කියවන්​න

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ අවසන් තීරණය අද ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි. පස්වරු 4 ට විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදී පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය රැස්වී මෙම තීරණය ගැනීමටයි නියමිතව ඇත්තේ. මේ අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර තවත් සාකච්ඡාවක් ඊයේ පැවැත්වුණා. මීට පෙර ද ජනාධිපතිවරයා සහ බැසිල් රාජපක්ෂ අතර සාකච්ඡා වට කිහිපයක් පැවැත්වුණු අතර, ඒවා අවසන් වූයේ එකඟතාවකින් තොරවයි.

තව කියවන්​න