Author: Dhanushka

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 20 වන ගුවන් හමුදාපතිවරයා ලෙස එයාර් වයිස් මාෂල් වාසු බන්දු එදිරිසිංහ මහතා පත්කර තිබෙනවා. ඒ, වත්මන් ගුවන් හමුදාපති එයාර් මාෂල් උදේනි රාජපක්ෂ මහතා එළඹෙන 29වනදා ධුරයෙන් විශ්‍රාම යෑම හේතුවෙන් ඇතිවන පුරප්පාඩුව සඳහායි. 1970 වසරේ මහනුවර දී උපත ලැබූ එයාර් වයිස් මාෂල් වාසු බන්දු එදිරිසිංහ මහතා මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහලේ ආදි සිසුවෙක් වනවා. ඔහු වත්මන් ගුවන් හමුදා සැලසුම් අධ්‍යක්ෂක ලෙස කටයුතු කරන අතර, 1991 වසරේ දී 24 වන බඳවා ගැනීම් කැඩෙට් නිලධාරියෙකු ලෙස ගුවන් හමුදා සේවයට එක්ව තිබෙනවා.

තව කියවන්​න

පළාත් පාලන ඡන්ද විමසීම විශේෂ විවිධාන පළාත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දු කරන ලෙස ඉල්ලා ගොනු කර තිබෙන පෙත්සම් පිළිබඳ විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවසන් කර තිබෙනවා. එහි රහසිගත තීන්දුව ජනාධිපතිවරයාට සහ පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත අද යොමු කරනු ලැබුවා. පුරා දින දෙකක් තිස්සේ පැවැත්වූ නඩු විභාගය අවසන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහලේකම් ජනාධිපති නීතිඥ නිසාම් කාරියප්පර් ඇතුළු පාර්ශව හතරක් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

තව කියවන්​න

ඩිජිටල් හැඳුනුම්පතට අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට මධ්‍යස්ථාන 2,300ක් ස්ථාපිත කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. එමෙන්ම ඩිජිටල් හැඳුනුම්පත් නිර්මාණය කිරීම සඳහා ඉන්දියාව රුපියල් කෝටි 1,000 ක ආධාරයක් ලබා දීමට එකඟ වූ බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ. තඹුත්තේගම ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සදහන් කළා. එමෙන්ම මෙම ඩිජිටල් හැඳුනුම්පත හරහා මුල්‍ය ආයතන සමග ගනුදෙනු කිරීමට මෙන්ම බදු ගෙවීමේ කටයුතු සඳහා ද පහසුකම් සැලසෙන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

තව කියවන්​න

වෙළෙඳපොළේ පොල් ගෙඩියක මිල ඉදිරියේදී රුපියල් 250 ක් දක්වා ඉහළ යා හැකි බවට වෙළෙඳුන් පවසනවා. පසුගිය මාස කිහිපය පුරා මෙරට වෙළෙඳපොළේ පොල් සම්බන්ධයෙන් ගැටලු රැසක් මතු වූ අතර, වාර්ෂික පොල් අස්වැන්න සැලකිය යුතු අගයකින් පහළ වැටුණා. පවතින පොල් හිගයට පිළියම් ලෙස පොල් ගෙඩි මිලියන 200 ක් ආනයනය කිරීමට ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය රජයෙන් අවසර ඉල්ලා තිබුණ ද තවමත් ඒ සම්බන්ධයෙන් තීරණයක් ගෙන නැහැ. එවන් පසුබිමක මේ වනවිට ඇතැම් ප්‍රදේශවල පොල් ගෙඩියක් රුපියල් 250 ක මිලකට අලෙවි වනවා. මේ අතර, වෙළදපොලේ පවතින පොල්, සහල් ඇතුලු අත්‍යාවශ්‍ය ද්‍රව්‍යවල හිඟය හමුවේ සිය ආපනශාලා වසා දැමීමේ තත්ත්වයක් උදා වී ඇති බවටයි එම ආපනශාලා හිමියන්…

තව කියවන්​න

පෙබරවාරි 04 වනදා පැවැත්වීමට නියමිත 77 වන ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් කොළඹ රථවාහන කොට්ඨාසය මගින් විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබෙනවා. ඒ, කොළඹ නිදහස් චතුරස්‍රය කේන්ද්‍ර කර ගනිමින්. ඒ අනුව, මෙම පෙරහුරුවන් ජනවාරි 29 වනදා සිට පෙබරවාරි 02 වනදා තෙක් සෑම දිනකම පැවැත්වීමට නියමිතයි. එම දිනවල උදෑසන 6 සිට දහවල් 12 දක්වා කුරුඳුවත්ත විජේරාම මාවතින් විද්‍යා මාවත දෙසට ඇතුල්වීම, කුරුඳුවත්ත බෞද්ධාලෝක මාවතින් මේටිලන්ටි පෙදෙසට ඇතුල්විම සහ කුරුඳුවත්ත බෞද්ධාලෝක මාවතින් ප්‍රේම කීර්ති ද අල්විස් මාවත දෙසට ඇතුල්වීමට ඇති මාර්ග වසා දමනු ඇති. එමෙන්ම කුරුඳුවත්ත ස්ටැන්ලි විජේසුන්දර මාවතින් පදනම් ආයතනය දෙසට ඇතුල්වීම, කුරුඳුවත්ත නිදහස් වටරවුමෙන් නිදහස් චතුරස්‍රය…

තව කියවන්​න

පිරිමි පාර්ශවයේ දුම්පානය කිරීමේ ප්‍රතිශතයට වඩා වර්තමානයේ කාන්තා පාර්ශ්වයේ දුම්පානය කිරීමේ ප්‍රතිශතය ඉහළ ගොස් ඇති බව, විශේෂඥ වෛද්‍ය සමන් ඉද්දගොඩ මහතා පවසනවා. මේ හේතුවෙන් තරුණ කාන්තාවන් පෙණහලු පිළිකාවලට ගොදුරුවීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බවයි ඔහු සඳහන් කළේ. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර තිබෙනවා.

තව කියවන්​න

නවසීලන්තයේදී පාදයේ ආබාධයකට ලක් වූ පැතුම් නිස්සංකට ඔස්ටේ‍රලියාව සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අහිමි වී තිබෙනවා. ඒ අනුව පළමු ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භ පිතිකරු ලෙස ඕෂධ ප්‍රනාන්දු කටයුතු කිරීමට නියමිතයි. ඕෂධ වසර 2කට ආසන්න කාලයකින් ජාත්‍යන්තර ටෙස්ට් තරගයක් ක්‍රීඩා කර නොමැති අතර අවසන් වරට ඔහු පසුගිය වසරේ මාර්තු මාසයේදී නවසීලන්ත තරග සංචාරයේදී ටෙස්ට් තරගයක් ක්‍රීඩා කර තිබෙනවා. ශ්‍රී ලංකාව සහ ඔස්ටේ්‍රලියාව අතර වෝන් – මුරලි කුසලාන වෙනුවෙන් පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අනිද්දා ආරම්භ වීමට නියමිතයි. ඒ, ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.

තව කියවන්​න

එම් 23 ව්‍යාපාරයේ කැරලිකරුවන් විසින් කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ගෝමා නගරයේ බලය අත්පත් කරගෙන තිබෙනවා. ගෝමා හී දිවිගෙන දහස් ගණන් වැසියන් මේ වන විට නගරයෙන් පළා යමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එමෙන්ම, කැරලිකරුවන් සහ කොංගෝ හී සිටින එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා අතර සිදුවු ගැටුම් හේතුවෙන් සාම සාධක හමුදා භටයින් 13 දෙනෙකු මේ වන විට ජීවිතක්ෂයට පත්ව ඇති බව ද සඳහන්.

තව කියවන්​න

හෙට සිට ඉදිරි දින කිහිපයේ උතුර, උතුරු – මැද, නැගෙනහිර, ඌව, දකුණ සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ තාවකාලික වැඩි වීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි අපේක්ෂා කළ හැකි බව සදහන්. එමෙන්ම, දිවයිනේ නිරිත දිග කොටසේ අහස වළාකුළින් බරව පවතිනු ඇති බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළා.

තව කියවන්​න

මුදල් විශුද්ධිකරණ චෝදනාව යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතකර සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ ඇප මත මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. එහිදි ලක්ෂ 500 ක ශරීර ඇප දෙකක් මත යෝෂිත රාජපක්ෂ නිදහස් කිරීමට මහේස්ත්‍රාත් මංජුල රත්නායක නියෝග කළ අතර  ඔහුට අධිකරණය මගින් විදෙස් ගමන් තහනමක් ද පනවා තිබෙනවා. මුදල් විශුද්ධිකරණ චෝදනාව යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් බෙලිඅත්ත අධිවේගී පිවිසුම අසළදී පෙරේදා යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගෙන තිබුණා. අනතුරුව පැය 4ක පමණ කාලයක් ප්‍රශ්න කිරීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ අලු‍ත්කඩේ අංක 05 අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු…

තව කියවන්​න