- අගමැතිනිය සහ IMF විධායක අධ්‍යක්ෂක අතර හමුවක්
- ලබන සිකුරාදා විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක්
- අම්පාරේ වගා හානි වන්දිය අද ගොවි ගිණුම්වලට
- ඔස්ට්‍රෙලියාවට එරෙහි ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කරයි
- රුපියල් 36,000 ක් අල්ලස් ගත් තාක්ෂණ නිලධාරියෙක් අවුරුදු 56කට හිරේ
- සමන් දේවාලයේ නිලවරණය වළකා අතුරු නියෝගයක්
- 2025 වසරට විදේශ රැකියා 340,000ක ප්‍රමාණයක්
- වෛද්‍ය පරිපාලකයන්ගේ විද්වත් සංගමයට නව සභාපතිවරයෙක්
Author: Dhanushka
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ කටයුතු අද ආරම්භ වනවා. නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන සතර මහා දේවාලයන්හි දී කප් සිටුවීමේ මංගල්‍යය අද පෙරවරු 4.10 ට යෙදී තිබු සුභ මොහොතින් සිදු වුණා. කප් සිටුවීමෙන් අනතුරුව දින පහක් දේවාල අභ්‍යන්තර පෙරහර පවත්වා ප්‍රථම කුඹල් පෙරහර මෙම මස 10 වනදා වීථි සංචාරය කිරීමට නියමිත බවයි ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදිප් නිලංග දෑල මහතා සඳහන් කළේ.
ඔලිම්පික් උළෙලේ පිරිමි මීටර් 400 ධාවන ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ අරුණ දර්ශන එහි අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට සමත් වුනා. ඔලිම්පික් ඉතිහාසයේ මීටර 400 ඉසව්වකින් අවසන් පූර්ව වටයක් දක්වා ඉදිරියට ගිය පළමු ශ්‍රී ලාංකිකයා ලෙසයි ඔහු වාර්තා අතරට එක්වුණේ . එහිදි ඔහු වාර්තා කළ කාලය වන්නේ තත්පර 44 යි දශම නවයයි නවයක්. මෙය අරුණගේ පෞද්ගලික හොඳම දක්ෂතාවය ද වනවා. මේ අතර ලොව වේගවත්ම මිනිසා බවට පත්වෙමින් මෙවර පැරිස් ඔලිම්පික් උලෙළේ මීටර 100 ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ඇමරිකාවේ නෝවා ලයිල්ස් සමත් වුනා.
එංගලන්තය පුරා පැතිරයන කෝලාහල සම්බන්ධයෙන් ගතයුතු පියවර සාකච්ඡා කිරීම සඳහා අද බි්‍රතාන්‍ය අගමැති කාර්යාලයේදී විශේෂ හමුවක් කැඳවා තිබෙනවා. සංක්‍රමණික ජන කොටස් වලට එරෙහිව සති අන්තයේ එරට ප්‍රදේශ කිහිපයක විරෝධතා පැවති අතර එහිදී පොලිස් නිලධාරීන් සමග ගැටුම් ඇතිකරගත් 150 දෙනෙක් පමණ අත්අඩංගුවට ගෙන තිබෙනවා. විරෝධතාකරුවන් විසින් සරණාගතයින් පිරිසක් රඳවා සිටින රොතර්හැම් හි හෝටලයකට ප්‍රහාරයක් එල්ලකර තිබුණා. එමෙන්ම තවත් ප්‍රදේශ රැසක ද කෝලාහල සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරන්නේ.
ජනාධිපතිවරණය සඳහා ඊයේ දිනය වනවිට 10 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබෙනවාග ඒ අනුව ජනපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, සරත් කීර්තිරතන, හිටිහාමිලාගේ දොන් ඕෂල ලක්මාල්, අනිල් හේරත්, ඒ.එස්පී. ලියනගේ, පී.ඩබ්.එස්.කේ බණ්ඩාරනායකෙ, විජයදාස රාජපක්ෂ, කේ.කේ.පියදාසල සිරිතුංග ජයසූරිය සහ අජන්ත ද සොයිසා මේ වනවිට ඇප තැම්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවාග
මෙවර ඇසළ පෙරහර මංගල්‍ය ලබන අගෝස්තු 05 වනදා සිදුකරන සිව්මහා දේවාලවල කප් සිටුවීමේ මංගල්‍යයෙන් ආරම්භ කරන බව දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල මහතා පවසනවාග එතැන් සිට අගෝස්තු මස 05 වනදා සිට 09 වනදා දක්වා පුරා දින 05 ක් සිව් මහා දේවාලවල අභ්‍යන්තර පෙරහර පැවැත්වෙනු ඇතිග
ශ්‍රී ලාංකිකයින් අත්‍යවශ්‍ය කටයුත්තකට හැර ඉදිරි දින කිහිපය තුළ ලෙබනනයේ සංචාරය නොකරන ලෙස විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් දැනුම්දී තිබෙනවා එරට තුළ ශ්‍රී ලාංකිකයන් 6000ක් පමණ රැඳී සිටින බවද වාර්තා වෙනවා
පුරාවිද්‍යා වටිනාකමක් ඇති බවට පවසමින් රන් පැහැති නෙළුම් මලක් සන්තකයේ තබාගෙන අලෙවි කිරීම සඳහා සූදානම්ව සිටි පුද්ගලයෙක්ව මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා මාතලේ පොලිස් වසමේ අළුවිහාරය ප්‍රදේශයේදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර පුරාවිද්‍යා වටිනාකමක් ඇති එම රන් පැහැති නෙළුම් මල ග්‍රෑම් 706ක බරිත් සහ විවිධ ප්‍රමාණයේ පෙති 24කින් සමන්විත වනවා සැකකරු මෙය රුපියල් මිලියන 5කට අලෙවි කිරීම සඳහා සන්තකයේ තබාගෙන සිටි බවයි පොලිසිය පැවසුවේ අත්අඩංගුවට ගත් පුද්ගලයා වයස අවුරුදු 33ක් වන කවුඩුපැළැල්ල, මාතලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්
ඊශ්‍රායල අර්බුදයත් සමග මැදපෙරදිග කලාපයේ ඇතිවී තිබෙන තත්ත්වය පිළිබඳව අවධානයෙන් පසුවන බව විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා පවසනවා ඔහු පෙන්වා දෙන්නේ අර්බුදය උත්සන්න වුවහොත් එම කලාපයේ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බවයි .
ඊශ්‍රායලය තම සීමාව ඉක්මවා ගොස් ඇති බවට හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරල්ලා ප්‍රකාශ කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාරතා කලේ ඔහු මේ බව සඳහන් කර ඇත්තේ සිය සංවිධානයේ හමුදා ප්‍රධානියා ඝාතනය කිරීමේ සිද්ධියට ප්‍රතිචාර දක්වමින්. ඊට ඊශ්‍රායලයට වන්දි ගෙවීමට සිදුවනු ඇති බවටද හිස්බුල්ලා නායකයා ප්‍රකාශ කර තිබෙනවා. එමෙන්ම ඉරානයද දැඩි චෝදනාවක් එල්ල කරමින් පවසන්නේ ඊශ්‍රායලයට එරෙහිව ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ග ගැනීමට කිසිදු ආකාරයකට පසුබට නොවන බවයි
මෙරට ජනගහනයෙන් සියයට 67කට ආසන්න ප්‍රමාණයකට ආරක්ෂිත පානීය ජල පහසුකම් නොමැති බවට අනාවරණය වනවා දිස්ත්‍රික්ක 25තුළ නාගරික, ග්‍රාමීය සහ වතු ක්ෂේත්‍ර ආවරණය වන පරිදි නිවාස ඒකක 3210ක නියැදීන් යොදාගනිමින් මෙම සමීක්ෂණය සිදුකර තිබෙනවා ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව, ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය සහ යුනිසෙෆ් ආයතනය එක්ව පානීය ජලයේ ගුණාත්මකභාවය පිළිබඳ සිදුකරන ලද ගෘහස්ථ සමීක්ෂණයේදී මේ පිළිබඳ කරුණු හෙළිවී තිබෙනවා
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222