Author: Dhanushka

විදුලිබල සැපයුම සම්බන්ධයෙන් සියළුම සේවා සහ ඛනිජ තෙල් නිෂ්පාදන, ඉන්ධන සැපයීම සහ බෙදාහැරීම අත්‍යාවශ්‍ය සේවා බවට පත්කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ජනාධිපති ලේකම්වරයා විසිනුයි මෙම ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබුවේ. රාජ්‍ය සේවකයින්ගේ කාර්යක්ෂමතාවය සහ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමට රාජ්‍ය අංශයේ තොරතුරු තාක්ෂණ පද්ධති ඒකාබද්ධ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. එමඟින් සියළුම රාජ්‍ය ආයතන නියාමනය කෙරෙනු ඇති.

තව කියවන්​න

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂකයා හෙට දිනයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා. හෙට පෙරවරුවේ සිය පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත්කරන බවයි එම පක්ෂයේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා කියා සිටියේ. මේ අතර ඉදිරි ජනාධිපතිවරණයේදී සහය දක්වන අපේක්ෂකයා කවුරුන්ද යන්න පිළිබදව දෙමළ ප්‍රගතිශීලි සන්ධානය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් නායකත්වය දරණ සමස්ථ ලංකා මහජන කොංග්‍රසය අද දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. ඒ අනුව දෙමළ ප්‍රගතිශීලි සන්ධානය දහවල් 1 ට කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවා ඇති අතර ඊට එම සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා මෙන්ම නියෝජ්‍ය නායකවරුන් වන පාර්ලිමේන්තු මන්ත්‍රී දිගම්බරම් සහ බී. රාධක්‍රිෂ්ණා යන මහත්වරුන් එක්වීමට නියමිතයි.

තව කියවන්​න

වයස අවුරුදු 60 ට වැඩි ජේ්‍යෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා පොලී අනුපාතිකය සියයට 10 ක් දක්වා වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබූ කමිටුවල නිර්දේශ මත මේ වන විට තැන්පතු සඳහා ගෙවනු ලබන සියයට 7.5 ක පොලී අනුපාතිකය සියයට 2.5 කින් ඉහළ දමා ඇති බව ද සඳහන්. එලෙස ගෙවනු ලබන පොලී අනුපාතය සහනාධාරයක් ලෙස රාජ්‍ය බැංකු වෙත ලබාදීමට ජනාධිපතිවරයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමිව තිබෙනවා.

තව කියවන්​න

2024 පැරිස් ඔලිම්පික් උළෙලේ පිරිමි මීටර 400 ඉසව්වේ අවසන් පූර්ව වටයේ තරග අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. එහිදී අරුණ දර්ශන අවසන් පූර්ව වටයේ දෙවන තරගයට සහභාගීවීමට නියමිතයි. එම තරගය අද ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 11.05 ට ආරම්භ වනවා.

තව කියවන්​න

බංග්ලාදේශ අගමැතිනි ශෙයික් හසීනා දේශපාලන දිවියෙන් සමුගන්නා බව ඇයගේ පුත් සජීබ් වසේඩ් ජෝයි පවසනවා. කෙසේ වෙතත් මේ වන විට බංගලාදේශ ජනාධිපතිවරයා විසින් එරට බන්ධනාගාරගතව සිටි හිටපු අග්‍රාමාත්‍ය කලීඩා ෂියා නිදහස් කිරීමට පියවර ගෙන තිබෙනවා. බංග්ලාදේශ ජනාධිපති මොහොමඩ් ෂාබ්දීන් නියෝග කර ඇත්තේ සිරගතව සිටින විපක්ෂයේ සියළු දේශපාලනඥයින් ඇතුළු සියළු ක්‍රියාකාරිකයින් නිදහස් කරන ලෙසයි. බංග්ලාදේශයේ පවතින නොසන්සුන්කාරි තත්ත්වය හේතුවෙන් ඩකා ජාත්‍යන්තර ගුවන් තොටුපල ද මේ වන විට වසා දමා තිබෙනවා.

තව කියවන්​න

අපවත් වී වදාළ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරාධිපති ආචාර්ය ගලබොඩ ඤාණීස්සර නාහිමියන්ගේ අදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව අද පස්වරු 4.30 ට විහාරස්ථාන භූමියේ දී සිදු කිරීමට නියමිතයි. මෙම ආදාහන පූජෝත්සවය හේතුවෙන් අද දින පස්වරු 2 සිට රාත්‍රී 8 දක්වා පොලිසියෙන් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරනු ලබනවා.

තව කියවන්​න

ඊශ්‍රායලයේ පවතින වාතාවරණය හේතුවෙන් කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට අනතුරක් සිදුව නොමැති බව ඊශ්‍රායාලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසනවා. ඊශ්‍රායලයේ උතුරු පෙදෙසට එල්ලවන හමාස් සහ හිස්බුල්ලා සංවිධානයේ ප්‍රහාරයන් ස්වයංක්‍රීය ආරක්ෂණ පද්ධතිය මගින් ගුවනේදිම විනාශ කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. එමෙන්ම, ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ තත්ත්වය නිරතුරුව තමා අධීක්ෂණය කරන බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.

තව කියවන්​න

එළඹෙන සැප්තැම්බර් මස 01 වනදා සිට චෙන්නායි සහ යාපනය අතර ගුවන් ගමන් ආරම්භ කිරීමට තීරණය කර ඇති බව ඉන්ඩිගෝ සමාගම පවසනවා. එම ගුවන් සමාගම මේ වනවිට චෙන්නායි සිට කොළඹ දක්වා ගුවන් ගමන් සිදුකරන අතර, ඔවුන්ගේ නව සැළසුම වී ඇත්තේ දිනපතා යාපනය දක්වා ද සිය ගුවන් ගමන් වාර ක්‍රියාත්මක කිරීමයි. ඉන්දීය සංචාරකයන් වැඩි වශයෙන් මෙරටට පැමිණීම නිසා මෙම තීරණය ගෙන ඇති බව සදහන්.

තව කියවන්​න

ජනාධිපතිවරණය සඳහා තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. තැපැල් ජන්ද අයදුම් කිරීම සඳහා සුදුසුකම් සපුරා ඇති සියලුම ජන්ද දායකයන් සිය තැපැල් ජන්ද අයදුම්පත් දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් වෙත භාර දිය යුතු බව ද කොමිෂන් සභාව නිවේදනය කරනවා. තැපැල් ජන්ද අයදුම්පත්, ජන්ද හිමි නාමලේඛන ප්‍රදර්ශනය කරනු ලබන ස්ථානවලින් හා දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලින් නොමිලේ ලබාගත හැකි බවයි කොමිෂන් සභාව වැඩිදුරටත් සදහන් කරන්නේ.

තව කියවන්​න

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ජේ්‍යෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයකු වන හෂාන් තිලකරත්න මහතා සහ ඔහුගේ බිරිඳ වන අප්සාරි තිලකරත්න මහත්මිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ රට ගොඩනැගීමේ ගමනට සහාය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය හා එක්ව තිබෙනවා. හෂාන් තිලකරත්න මහතා මේ වන විට බංග්ලාදේශයේ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස ද කටයුතු කරනු ලබනවා. එමෙන්ම ඔහුගේ බිරිඳ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ කැදවුම්කාරිනිය ලෙස සිය සේවය ලබා දෙමින් පවතිනවා.

තව කියවන්​න