- අගමැතිනිය සහ IMF විධායක අධ්‍යක්ෂක අතර හමුවක්
- ලබන සිකුරාදා විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක්
- අම්පාරේ වගා හානි වන්දිය අද ගොවි ගිණුම්වලට
- ඔස්ට්‍රෙලියාවට එරෙහි ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කරයි
- රුපියල් 36,000 ක් අල්ලස් ගත් තාක්ෂණ නිලධාරියෙක් අවුරුදු 56කට හිරේ
- සමන් දේවාලයේ නිලවරණය වළකා අතුරු නියෝගයක්
- 2025 වසරට විදේශ රැකියා 340,000ක ප්‍රමාණයක්
- වෛද්‍ය පරිපාලකයන්ගේ විද්වත් සංගමයට නව සභාපතිවරයෙක්
Author: Dhanushka
මැතිවරණ නිරීක්ෂණ සංවිධාන අද මැතිවරණ කොමිසම හමුවට කැඳවා තිබෙනවා. ඒ, ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි. මැතිවරණ නිරීක්ෂණ සංවිධාන 7 ක් රට තුළ ක්‍රියාත්මක වන අතර ඔවුන් සියළු දෙනා අද මැතිවරණ කොමිසම හමුවට කැඳවා තිබෙනවා. මේ අතර මැතිවරණය සඳහා යටිතල පහසුකම් සපයන රාජ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ ද අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි. මේ සඳහා ලංකා විදුලිබල මණ්ඩලය, ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ඇතුළු ආයතන කිහිපයක නිලධාරින් මැතිවරණ කොමිසම හමුවකට කැඳවා තිබෙනවා.
නව පාර්ලිමේන්තුවක් යටතේ ප්‍රාදේශීය මාධ්‍යවේදින්ගේ ගැටළු සහ පැමිණිලි ඉදිරිපත් කිරීමට මාධ්‍ය කොමිසමක් ස්ථාපිත කිරීමට තමන් පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එමෙන්ම ඔවුන්ගේ සේවා ගිවිසුම් පිළිබඳව සොයා බැලීම සදහා එම කොමිසමට බලතල ලබාදීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සදහන් කළා. මාධ්‍යවේදීන් ඇගයීම වෙනුවෙන් සංවිධානය කිර තිබූ වැඩසටහනකට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළා.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. නැගෙනහිර, ඌව සහ උතුරු පළාත්වල ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සදහන්. එමෙන්ම ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.
යුක්තිය මෙහෙයුම යටතේ ක්‍රියාත්මක වන මත්ද්‍රවශ වැටලීම් පිළිබඳ පොලිස් මාධ්‍ය ප්‍රකාශයක කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව යුක්තිය මෙහෙයුමේ දෙවන අදියර යටතේ සිදු කළ වැටලීම් 780 කට අදාළව සැකකරුවන් 750 ක් සහ සැකකාරියන් 26 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා. ඉන් සැකකරුවන් 22 ක් වැඩිදුර විමර්ශනය සඳහා රඳවා තබාගැනීමේ නියෝග ලබා ගැනීමට නියමිත අතර සැකකරුවන් 03 දෙනෙකුගේ වත්කම් විමර්ශනය කිරීමටද, තිදෙනෙකු පුනරුත්ථාපනය සඳහා ද යොමු කිරීමට නියමිත බව සඳහන්.
ජනාධිපතිවරණයට අදාළව මේ වනවිට පැමිණිලි 121 ක් ලැබී තිබෙනවා. ඒ අතරින් දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලට පැමිණිලි 41 ක් සහ ජාතික මැතිවරණ පැමිණිලි මධ්‍යස්ථානයට පැමිණිලි 80 ක් ද ලැබී තිබුණා. මේ අතර ජනාධිපතිවරණය සඳහා මේ දක්වා අපේක්ෂකයින් 18 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.
2024 වර්ෂය සඳහා ජාතික පාසල්වල අතරමැදි පන්තිවලට චක්‍රලේඛයකට අනුව ළමුන් ඇතුළත් කිරීම අවසන් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශය කියා සිටියේ ජනාධිපති මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් ළමුන් ඇතුළත් කිරීමට ලිපි නිකුත් කිරීම හෝ නිලධාරීන් ස්ථාන මාරු කිරීම අත්හිටුවා ඇති බවයි.
අමෙරිකා එක්සත් ජනපදයේ ඔක්ලහෝමා නගරයේදී ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කරන්නේ අනතුර සිදුවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි. ඔක්ලහෝමා නගරයේ පිහිටි සන්ඩාන්ස් ගුවන් තොටුපලින් ගමන් ආරම්භ කර විනාඩි කිහිපයක් ඇතුළත මෙම අනතුර සිදුව තිබෙනවා. අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණක් එරට ජාතික ගමනාගමන ආරක්ෂණ මණ්ඩලය ආරම්භ කර ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා.
ඊශ්‍රායලයේ පවතින ගැටුම්කාරි තත්ත්වය හමුවේ එරට සිටින ශ්‍රී ලාංකිකයන් සහ සියළු විදෙස් ශ්‍රමිකයන් සඳහා හදිසි අවස්ථාවක් ඇති වුවහොත් ඇමතීමට වට්ස්අප් අංකයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව 071 – 664 0560 යන දුරකථන අංකයට ඇමතුම් ලබාදෙන ලෙසයි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා කියා සිටියේ.
ඡන්ද පත්‍රිකාවේ දිග අඟල් භාගයකින් පමණ වැඩි වන විට එක් අපේක්ෂකයෙක් සඳහා මැතිවරණ කොමිසම දරණ වියදම ද රුපියල් මිලියන 200 කින් පමණ ඉහළ යන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ අපේක්ෂකයන් වැඩි වන විට ඡන්ද පත්‍රිකාවේ මුද්‍රණ වියදම පමණක් නොව ඔවුන්ට ලබාදෙන නිදහස් තැපෑල, ඔවුන්ගේ ආරක්ෂාව ඇතුළු කටයුතු සඳහා වැය වන වියදම ද ඉහළ යන බවයි. සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී අරමුණකින් තොරව වෙනත් කාරණා මත අපේක්ෂකත්වය ඉහළ යාම නිසා මෙලෙස වැඩිවන මුදල මෙරට මහජනතාවට දැරීමට සිදුවන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
විදෙස් ගමන් බලපත්‍ර මුද්‍රණයට අවශ්‍ය කඩදාසි නොමැතිවීම හේතුවෙන් දෛනිකව නිකුත් කරන විදෙස් ගමන් බලපත්‍ර ප්‍රමාණය සීමා කර ඇති බවට වාර්තා වනවා. ප්‍රමුඛතාවය මත පමණක් දිනකට බලපත්‍ර 50 ක් පමණ නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව සදහන්. මේ සම්බන්ධයෙන් ආගමන විගමන පාලකවරයා හෝ එහි උසස් නිළධාරියෙකු සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද එය ව්‍යර්ථවූයේ ඔවුන් දුරකතන වලට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන්.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222