Author: Dhanushka

හිටපු එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයෙකු සහ ක්‍රිකට් පුහුණුකරුවෙකු වන ඉයන් බෙල් එළඹෙන එංගලන්ත සංචාරය සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සහය කාර්ය මණ්ඩලය සමග එක්වීමට නියමිතයි. ඔහු මේ සදහා තෝරාගෙන ඇත්තේ එරට තත්ත්වයන් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණු කිරීම සඳහායි. ඉයන් බෙල් ඇතුළත් කිරීම මඟින් එංගලන්ත තනතීරු සහ කාලගුණය පිළිබද වාටිනා අවබෝධයක් ලබාගැනීම මේ අනුව සිදුවනු ඇති බව සඳහන්. ශ්‍රී ලංකා කණ්ඩායමට අභියෝගාත්මක තරඟයක් වන මෙම සංචාරය සඳහා ක්‍රීඩකයෙකු සහ පුහුණුකරුවෙකු ලෙස ඉයන් බෙල්ගේ පුළුල් අත්දැකීම් මනාව ඉවහල්වනු ඇති බවටයි වාර්තා වන්නේ. මේ අතර තරග 3 කින් සමන්විත එංගලන්ත ටෙස්ට් තරගාවලිය සදහා ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ දින දිවයිනෙන් පිටත්ව ගියා.

තව කියවන්​න

උගන්ඩාවේ, කම්පාලා අගනුවර කසළ කන්දක් නායයෑමෙන් 18 දෙනෙකු මියගොස් තිබෙනවා. වසර ගණනාවක් පැරණි එම කසළ කන්ද අධික වර්ෂාපතනය හේතුවෙන් නායයෑමට ලක්ව ඇති අතර, ඒ ආසන්නයේ පිහිටි නිවාස ඊට යට වී ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ. නායගිය කසළ කන්දට තවත් පුද්ගලයන් රැසක් යට වී සිටින බැවින් ඔවුන් මුදාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මකයි. මේ වනවිට ඊට යට වූ 14 දෙනෙකු බේරාගැනීමට හැකිවූ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

තව කියවන්​න

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව නඩු විභාගය අවසන් වන තුරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය දී ඇති නියෝගය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් ගොනුකර ඇති පෙත්සමේ නියෝගය ප්‍රකාශ කිරීම අද කල් තැබුණා. එම නියෝගය අද දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණා. එහෙත් අභියාචනාදීකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල සඳහන් කළේ එම තීන්දුව ප්‍රකාශ කිරීම සැප්තැම්බර් මස 4 වන දා සිදු කරන බවයි. කෙහෙළිය රඹුක්වැල්ල විසින් ඉදිරිපත් කළ පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන්නේද? නැද්ද? යන තීන්දුව සහ ඔහු ඇප මත…

තව කියවන්​න

බලන්ගොඩ හල්පේ ප්‍රදේශයේ  ගසක් කපමින්  සිටි  පුද්ගලයෙකු  එම  ගස  ඇගට  වැටිම හේතුවෙන් මියගොස් ඇතැයි  පොලිසිය පවසයි. මෙලෙස  මියගොස් ඇත්තේ  සමනල වැව පොලිස් බල ප්‍රදේශයේ හල්පේ ප්‍රදේශයේ පදිංචිව සිටි  වයි.ජි.ධර්මදාස  (61) නැමති අයෙකු බව  පොලිසිය පැවැසීය. එම ගස කපා  කබයකින්  අඳින  විට  එම  ගසට  යට වි  මෙලෙස මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

තව කියවන්​න

මෙරටට ගෙන්වීමට තහනම් කර ඇති කෘෂි රසායනික ද්‍රව්‍ය සමඟ සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවට ගැණුනා. දිවුලපිටිය පොලිසිය විසින් දිවුලපිටිය නගරයේ කළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගැනුණේ. පලිබෝධනාශක රෙජිස්ටාර්වරයාගේ අනුමැතිය නොමැතිව හා මෙරටට ගෙන්වීමට තහනම් කෘෂි රසායනික ද්‍රව්‍ය තොගයක් ත්‍රී රෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී සැකකරුවන් අත්අඩංගුවට ගැනුනා. ඔවුන් ළඟ තිබී රසායනික ද්‍රව්‍ය පැකට් 500 බැගින් අඩංගු පෙට්ටි 10ක් සොය ගැණුනා. එහි වටිනාකම රුපියල් ලක්ෂ 5කට ආසන්න බවයි පොලිසිය ප්‍රකාශ කළේ. ඔවුන් 39 /45 සහ 55 වයස්කාණ්ඩවල පසුවන මාලිගාවත්ත සහ දෙමටගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

තව කියවන්​න

විදුලිබල මණ්ඩලයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් බියගම ජල පවිත්‍රාගාරයට අගෝස්තු මස 11 වැනි ඉරිදා රවරු 9.00 සිට පස්වරු 9.00 දක්වා පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණඩලය පවසනවා. ඒ අනුව පෑලියගොඩ, වත්තල, ජ ඇල, කටුනායක, සීදූව , නගර සභා බල ප්‍රදේශවලට සහ කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජා-ඇල, කටාන, මිනුවන්ගොඩ, ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය මෙන්ම ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකට මෙලෙස ජල සැපයුම අත් හිටුවන බව එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරනවා. ජල සැපයුම අත්හිටුවීම නිසා පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාවය පිළිබඳ මණ්ඩලය කණගාටුව පළ කෙරෙන අතර ජලය අරපිරිමැස්මෙන් පරිභෝජනය කරන ලෙස ද එම මණ්ඩලය පාරිභෝගිකයන්ගෙන් ඉල්ලීමක්…

තව කියවන්​න

පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සමගි ජන බලවේගයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. සී අලවතුවල මහතා ඒ බව දැනුම් දී තිබෙනවා. 2024 ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ඉදිරිපත් වී සිටින අතර ඒ වෙනුවෙන් පසුගිය 05 වනදා ඇප මුදල් ද තැන්පත් කරනු ලැබුවා.

තව කියවන්​න

පැරිස් ඔලිම්පික් උළෙලේ පිරිමි මීටර් 100 රන් පදක්කම දිනූ අමෙරිකාවේ නෝවා ලයිල්ස්ට කොවිඩ් වෛරසය වැළඳී තිබෙනවා. ඔහුට මෙම සතිය මුලදී කොවිඩ් වැළදුන බව තහවුරු වූ නමුත් ඊයේ රාත්‍රියේ පැවති මීටර් 200 ධාවන තරගයට එම තත්වය මත සහභාගී වී තිබෙනවා. ඔහු එම තරගය තත්පර 19.7 ක කාලයකින් නිම කර ලෝකඩ පදක්කමක් ද ජයග්‍රහණය කරනු ලැබුවා.

තව කියවන්​න

රජයේ දේපළ අයථා ලෙස පරිහරණය කරන්නන් හට ඒවා නැවත භාරදෙන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම් දෙනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම පවසන්නේ මීට පෙර රජයේ තනතුරු දැරූවන් නීත්‍යානූකූල නොවන ලෙස රාජ්‍ය දේපළ භාවිතා කරන බවට පැමිණිලි රැසක් ලැබි ඇති බවයි. මේ පිළිබදව සොයා බලා කඩිනම් පියවර ගන්නා ලෙසට රාජ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කර තිබෙනවා.

තව කියවන්​න

ලෝක ආදිවාසී දිනය අදට (09) යෙදී තිබෙනවා. ලෝක ආදිවාසී ජනතාවගේ ජාත්‍යන්තර දිනය සමරනු ලබන්නේ ලෝක ආදිවාසී ජනගහණයේ අයිතිවාසිකම් නැංවීම හා සුරැකීම සඳහායි. ඒ අනුව මෙවර එහි තේමාව වී ඇත්තේ “ආදිවාසි සංස්කෘතියේ වෙනස්කම් පිළිබඳ තීරණ ගැනීමට ආදිවාසි තරුණ තරුණියන් නියෝජිතයන් ලෙස හඳුනා ගැනීම”යන්නයි. මෙරට ආදිවාසී ජනයාද දඹාන, කොටබකිණිය ගම්මානයේදී අද ජාතික ආදිවාසි දිනය සමරනු ලබයි.

තව කියවන්​න