Author: Dhanushka
නව සේවා ව්‍යවස්ථාව අහෝසි කරන ලෙස බලකරමින් අද දිනයේදීත් සියළු සේවාවලින් ඉවත් වීමට ග්‍රාම නිලධාරී වෘත්තිය සමිති තීරණය කර තිබෙනවා. අදාළ ගැටළුව පිළිබදව ඔවුන් ඊයේ දින බලධාරින් සමඟ සාකච්ඡා කළ අතර එය අසාර්ථක වීම හේතුවෙන් වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවටයි ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරි සංගමයේ සභාපති නන්දන රණසිංහ මහතා කියා සිටියේ. ග්‍රාම නිලධාරින්ගේ වෘත්තිය සමිති වර්ජනය හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවයට පත්ව තිබෙනවා.
ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ නොහැකි බවට දන්නා අපේක්ෂකයින් වුවද ඇප මුදල් තැන්පත් කිරීම සිදුකරනු ලබන්නේ ප්‍රධාන අපේක්ෂකයන්ට සහය පළ කිරීමට බව හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. අදාළ පිරිස් පිළිබදව මැතිවරණ කොමිසම විසින් තීරණයක් නොගතහොත් එය දැඩි අර්බුදයක් වනු ඇති බවටයි ඒ මහතා අවධාරණය කර සිටියේ.
2028 ලොස් ඇන්ජලීස් හි පැවැත්වීමට නියමිත මීළඟ ඔලිම්පික් උළෙලට ක්‍රිකට් ක්‍රීඩාව නැවතත් ඇතුළත් කිරීමට එරට බලධාරින් තීරණය කර තිබෙනවා. ඒ, වසර 128 කට පසුවයි. 1896 යේ ග්‍රීසියේ ඇතෑන්ස් හි පැවති ඔලිම්පික් උළෙලේ ලැයිස්තුගත ක්‍රීඩා අතරට ක්‍රිකට් ක්‍රීඩාව නම් කර තිබුණද පසුව ඒ සදහා සීමිත කණ්ඩායමක් සහභාගි වීම හේතුවෙන් ක්‍රිකට් ක්‍රීඩාව ඉවත් කරනු ලැබුවා.
අගහරු ග්‍රහයාගේ ද්‍රව ජලය සහිත ජලාශ තත්ත්වයක් පවතින බව විද්‍යාඥයින් හඳුනාගෙන තිබෙනවා. අඟහරු ග්‍රහයා වෙත නාසා ආයතනය විසින් 2018 වර්ෂයේදී ගුවන් ගත කරන ලද ඉන්සයිඩ් ලැන්ඩර් නම් යානයෙන් එම දත්ත විශ්ලේෂණය කර ඇති බව වාර්තා වනවා. මෙම ග්‍රහයාගේ ද්‍රැවවල අයිස් වූ ජලය සහ වායුගෝලයේ වාෂ්ප තිබීම පිළිබදව සාක්ෂි පැවතියද එම ග්‍රහලෝකයෙන් ජලය හඳුනාගත් පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.
ජනාධිපතිවරණ ඡන්ද විමසිමේ කටයුතු නිරීක්ෂණය කිරිම සඳහා යුරෝපා සංගමයේ සහ පොදුරාජ්‍ය මණ්ඩල නිරීක්ෂකයින්ට අවසරය ලබාදුන් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා සඳහන් කළේය. එම සංගම් කළ ඉල්ලිමකට අනුව මෙලෙස අවසරය ලබාදි ඇත. ඒ අනුව යුරෝපා සංගමයේ සහ පොදුරාජ්‍ය මණ්ඩලයේ මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් ඉදිරි දිනවල දි දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වේ.
මහනුවර ඇසළ පෙරහර වීදි සංචාරය කෙරෙන ඩී. එස්. සේනානායක වීදියේ පෞරාණික භාණ්ඩ අලෙවිසැල් දෙකක තිබී රිවෝල්වර් වර්ගයේ ගිනි අවි දෙකක් සහ කඩුවක් සොයා ගැනීමට විශේෂ කාර්‍ය බලකාය සමත් ව තිබෙනවා. එහිදී මෙම ගිනිඅවි සහ ආයුධ සන්තකයේ තබා ගැනීම හේතුවෙන් අදාල අලෙවිසැල් දෙකෙහි හිමිකරුවන් දෙදෙනාද අත්අඩංගුවට ගෙන තිබෙනවා. මහනුවර පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළේ, මෙම රිවෝල්වර කෞතුක වටිනාකමක් සහිත භාණ්ඩ මිස ක්‍රියාත්මක තත්ත්වයෙ ගිනි අවි නොවන බවයි
2024 ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගෙන් නාමයෝජනා බාර ගැනීම ලබන 15 වනදා පෙරවරු 9 සිට පෙරවරු 11 දක්වා රාජගිරිය මැතිවරණ කොමිෂන් සභා කාර්යාල පරිශ්‍රයේදී සිදු කරනු ලබනවා. ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා සඳහන් කළේ එදින මැතිවරණ කොමිෂන් සභාවට සහ ඒ අවට කලාපයට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවන බවයි. ඒ සඳහා පොලීසියේ සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ 1500 ක පමණ පිරිසක් යෙදවීමට අවශ්‍ය කටයුතු සැලසුම් කර තිබෙනවා. මේ අතර මැතිවරණ කාර්යාලයේ ආරක්ෂාව වෙනුවෙන් එදින විශේෂ රථ වාහන සැලැස්මක්ද ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කළා.
අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ඩිජිටල්කරණය යනු පාසල්වලට ස්මාර්ට් බෝඩ් හෙවත් සුහුරු පුවරු ලබා දීම නොවන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව පැවසුවේ පාසල් ඩිජිටල්කරණ ක්‍රියාවලිය පිළිබඳ අධ්‍යාපන නිලධාරීන් දැනුවත් කිරීම වෙනුවෙන් පැවති වැඩසටහනකට සහභාගි වෙමින්. එහිදී අමාත්‍යවරයා කියා සිටියේ මෙරට සාමාන්‍ය අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීම වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 20ක ප්‍රදානයක් චීන රජයෙන් මෙරටට ලැබී ඇති බවයි. 2025 වර්ෂයේ ජනවාරි මස සිට මෙම ඩිජිටල්කරණ ක්‍රියාවලියේ පළමු අදියර ක්‍රියාත්මක කිරීම ඒ අනුව සිදු වනු ඇති.
කැබිනට් අනුමැතිය හිමිවූ විශ්‍රාමිකයන්ගේ රුපියල් 3000 ක අන්තර් කාලීන මාසික දීමනාව හිඟ මුදල් ද සමඟ ඔක්තොම්බර් මස විශ්‍රාම වැටුප සමඟ ගෙවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. මෙම තීරණය ගනු ලැබුවේ පසුගියදා ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ලෙස එය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ගත් එකඟතාවයක් මතයි. ඒ අනුව සැප්තැම්බර් මාසයේ ලැබිය යුතු රුපියල් 3000 ක හිඟ මුදල ද සමඟ ඔක්තොම්බර් මාසයේදී විශ්‍රාම වැටුපට රුපියල් 6000 ක් හිමිවනු ඇති බව සදහන්.
වතු කම්කරුවන්ට දිනකට රුපියල් 1,700 ක් ලබාදීමට රජය ගෙන ඇති තීරණය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පඩිපාලක සභාව අද කැඳවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබෙනවා. මනූෂ නානායක්කාර මහතා දැරූ කම්කරු අමාත්‍ය ධුරය අහෝසි වීමෙන් අනතුරුව එම අමාත්‍යාංශයේ වගකීම් ජනාධිපතිවරයා යටතට පැවරුණු අතර, ඒ අනුව කම්කරු අමාත්‍යවරයා ලෙස අදාළ පියවර ගත් බවයි ජනාධිපතිවරයා පසුගියදා කියා සිටියේ. වතු කම්කරු වැටුප සම්බන්ධයෙන් පඩිපාලක සභාව සමඟ එකඟතාවකට එළඹීමට උත්සහ කරන බවත්, එම තීරණය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය නම් විශේෂ නීති ගෙන ඒමට තමන් සූදානම් බවත්, ජනාධිපතිවරයා එදින ප්‍රකාශ කළා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222