Author: Dhanushka

හිටපු ක්‍රිකට් නායක තිලකරත්න ඩිල්ෂාන් ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කිරීමට තීරණය කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාගෙන් පුරප්පාඩු වූ සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික්, බේරුවල සංවිධායක ධුරය හිටපු ක්‍රිකට් නායක තිලකරත්න ඩිල්ෂාන්ට මේ අනුව ලබා දී ඇති බව සදහන්. ඊට අදාළ පත්වීම් ලිපිය අද පෙරවරුවේ විපක්ෂනායක කාර්යාලයේදී විපක්ෂ නායකවරයා හමු වු අවස්ථාවේදි තිලකරත්න ඩිල්ෂාන් වෙත ලබා දුන්නා.

තව කියවන්​න

වැඩබලන පොලිස්පතිවරයෙකු පත්කරන ලෙස ජනාධිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ නීතිඥ ආර්.එස්.පී. රණසුරිය මහතා විසින්. එහි වගඋත්තරකරුවන් ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා නීතිපතිවරයා නම් කර තිබෙනවා.

තව කියවන්​න

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද සදහන්. එමෙන්ම ඇතැම් ප්‍රදේශවලට මිලි මීටර 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියේ.

තව කියවන්​න

ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද වීමසීම සැප්තැම්බර් 04, 05 සහ 06 යන දින සිදු කිරීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. සලකුණු නොකරන ලද තැපැල් ඡන්ද පත්‍රිකා සඳහා නැවත ලබාදෙන ලකුණු කිරීමේ දිනය සැප්තැම්බර් මස 11 සහ 12 යන දින වෙන්කර තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව කියා සිටියා. ඒ අනුව දිස්ත්‍රික් ලේකම් හා මැතිවරණ කාර්යාලය සහ පොලිස් නිලධාරීන්ට තැපැල් ඡන්ද සලකුණු කිරීම මෙම දින වල සිදු කළ හැකි බවයි එම කොමිෂන් සභාව සඳහන් කළේ.

තව කියවන්​න

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර පළමු පුහුණු ටෙස්ට් ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා. ඒ අනුව තරගය අද පස්වරු 3.30 ට ආරම්භ වනු ඇති. ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස එංගලන්ත හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඉයන් බෙල් කටයුතු කරනු ලබනවා. ඒ අනුව ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලිය යටතේ පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය ලබන 21 වන දා ආරම්භ වීමට නියමිතයි.

තව කියවන්​න

කොල්කටා නගරයේ අභ්‍යාසලාභී වෛද්‍යවරියක් දූෂණය කර මරා දැමීමෙන් පසු වෛද්‍යවරුන්ගේ විරෝධතාවක් රට පුරා පැතිර යාමෙන් පසු ඉන්දියාවේ නගර කිහිපයක රෝහල් සේවා අඩාල වී තිබෙනවා. 31 හැවිරිදි මෙම වෛද්‍යවරිය ඝාතනය කිරීම සම්බන්ධයෙන් පොලිස් ස්වේච්ඡා සේවකයෙකු අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ. ඝාතනයට ලක් වූ මෙම වෛද්‍යවරියගේ මළ සිරුරු සොයාගෙන තිබුණේ පසුගිය 9 වැනිදා ආර්.ජී.කාර් වෛද්‍ය විද්‍යාලයේ සම්මන්ත්‍රණ ශාලාවක් තුළදියි. මේ හේතුවෙන් මුම්බායි හි බටහිර මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ රජයේ වෛද්‍යවරුන් 8,000කට අධික සංඛ්‍යාවක් හදිසි සේවා හැර අනෙකුත් සියලුම රෝහල් සේවා නතර කර තිබෙනවා.

තව කියවන්​න

ජල ගාස්තු අඩු කිරීම සඳහා වන කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබී තිබෙනවා. ඒ අනුව ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලි ගාස්තු අඩු කිරීම හේතුවෙන් ඉන්ධන, රසායනික ද්‍රව්‍ය යනාදි පිරිවැය අඩුවීම සැලකිල්ලට ගනිමින් ජල ගාස්තු යම් ප්‍රතිශතයකින් අඩු කිරීමේ හැකියාවක් පවතින බවට එහිදි තීරණය කළා. මේ අනුව සමෘද්ධිලාභීන් සහ නාගරික වතු ජනාවාස හරුණුකොට ගෘහස්ත කාණ්ඩය සදහා සියයට 7 කින් ද, රජයේ රෝහල් සඳහා සියයට 4.5 කින් ද, පාසල් සහ පුණ්‍ය ආයතන සදහා සියයට 6.3 කින් ද ජලගාස්තු අඩුවනු ඇති. මෙහි සමස්ත අඩු කිරීමේ සාමාන්‍ය වන්නේ සියයට 5.94 ක්.

තව කියවන්​න

බස්නාහිර සහ සබරගමුව පළාත්වලටත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් අද දින විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා . එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවධාරණය කර සිටියේ.

තව කියවන්​න

එළඹෙන ජනාධිපතිවරණය සඳහා සර්වජන බලයේ ජනාධිපති ධුර අපේක්ෂක දිලිත් ජයවීර මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර තිබෙනවා. එලෙස ඔහු වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කරනු ලැබුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින්.

තව කියවන්​න

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මගී යාත්‍රා සේවය එළඹෙන සිකුරාදා දින සිට යළි ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා. ඉන්දියාවේ නාගපට්නම් සිට ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ දක්වා මෙම මගී යාත්‍රා සේවය ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති බව වාර්තා වනවා. පුද්ගලික සමාගමක් විසින් මෙම මගී යාත්‍රා සේවය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර මාර්ගගත ක්‍රමය ඔස්සේ ආසන වෙන් කිරීමේ අවස්ථාවට මේ අනුව හිමි වනු ඇති බව සඳහන්.

තව කියවන්​න