Author: Dhanushka

පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත පුත්තලම අරුවක්කාලු මයෝසීන හුණුගල් නිධිය ආශ්‍රිත ප්‍රදේශය සුරක්ෂිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. වසර මිලියන 26-195 අතර ඉතා ඈත යුගයකට අයත් පුරාවිද්‍යාත්මක සාධක අන්තර්ගත වූ අවසාධිත පාෂාණ තැන්පතුවක් පුත්තලම දිස්ත්‍රික්කයේ වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අරුවක්කාලු ප්‍රදේශයේ පිහිටා ඇති බව භූ විද්‍යාත්මක හා පුරාවිද්‍යාත්මක පර්යේෂණ මඟින් තහවුරු වී ඇත. එම භූමියෙහි පිහිටා ඇති හුණුගල් නිධිය තුළින් මයෝසීන යුගයට අයත් වඳ වී ගිය සහ දැනට ජීවත් වන සත්ත්ව වර්ග 40කට වඩා වැඩි ප්‍රමාණයක පොසිල සාධක හමුවී තිබේ. ඒ අනුව, එම ප්‍රදේශය සුරක්ෂිත කිරීම පිණිස 1940 අංක 9 දරන පුරා වස්තු ආඥාපනතේ සහ 1998 අංක 24 දරන පුරාවස්තු (සංශෝධන) පනතේ…

තව කියවන්​න

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

තව කියවන්​න

මියන්මාරයේ සයිබර් අපරාධ කලාපයේ සිරවී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 20 දෙනෙකු ඉන් මුදාගැනීමට සමත්ව තිබේ. අදාළ ශ්‍රී ලාංකිකයින් පිරිස මේ වන විට තායිලන්තයේ ආගමන විගමන දෙපාර්තමේන්තුව භාරයේ සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය. ඔවුන් සියලුදෙනා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බව සඳහන් ය. තායිලන්තයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා එම පිරිස මෙරටට ගෙන්වාගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය. මියෙන්මාරයේ සයිබර් අපරාධ කලාපයේ ශ්‍රී ලාංකිකයින් 56 දෙනෙකු පමණ බලහත්කාරයෙන් රඳවාගෙන සිටි අතර ඉන් අට දෙනෙකු පසුගිය මාර්තු මාසයේ මුදාගනු ලැබීය. තවත් ශ්‍රී ලාංකිකයින් 28 දෙනෙකු පමණ මියන්මාරයේ සයිබර් අපරාධ කලාපයේ රඳවාගෙන සිටින බව වාර්තා…

තව කියවන්​න

2024 වර්ෂයේ රජයේ සහ හා රජයේ අනුමත පෞද්ගලික සිංහල හා දෙමළ පාසල්වල දෙවන පාසල් වාරය අවසන් කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව එම පාසල්වල දෙවන පාසල් වාරය හෙට දිනයෙන් අවසන් වීමට නියමිතයි. තෙවන පාසල් වාරයේ පළමු අදියර මේ මස 26වන සඳුදා දින ආරම්භ වන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙන්නේ.

තව කියවන්​න

ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අද (15) වීදි සංචාරය කිරීමට නියමිතව තිබේ. මෙවර ඇසළ පෙරහැර මංගල්‍යයේ කුඹල් පෙරහැර පසුගිය 10 වැනිදා සිට ඊයේ (14) දිනය දක්වා වීදි සංචාරය කෙරුණි. අද දිනයේ සිට රන්දෝලී පෙරහැර වීදී සංචාරය සිදුකෙරෙන අතර අවසන් රන්දෝලී පෙරහැර 19 වන දින රාත්‍රී වීදි සංචාරය කිරීමට නියමිත බව ශ්‍රී දළදා මාළිගාවේ ප්‍රධාන දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සඳහන් කළේය.

තව කියවන්​න

ජලභීතිකාව හේතුවෙන් මේ වසරේ ගත වු කාලය තුළ පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වසංගත රෝග විද්‍යායතනය පවසයි. එහි ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ මහතා සඳහන් කළේ, ජලභීතිකාව පිළිබඳ ජනතාවගේ නොදැනුවත්භාවය හේතුවෙන් මෙලෙස මරණ වාර්තා වන බවය.

තව කියවන්​න

දිවයිනට පැමිණි විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව 1,250,000 ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව වසරේ මේ දක්වා කාලය තුළ සංචාරකයින් 1,271,432 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේය. ඉන් වැඩි දෙනෙකු ඉන්දීය සංචාරකයින් වන අතර එම සංඛ්‍යාව 237,649කි. එමෙන්ම රුසියාව, බ්‍රිතාන්‍ය, ජර්මනිය, චීනය සහ ප්‍රංශය ඇතුළු රටවලින් ද වැඩි වශයෙන් සංචාරකයින් දිවයිනට පැමිණ තිබේ. මේ අතර මේ මස මුල් දින 11 තුළ සංචාරකයින් 73,373 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.

තව කියවන්​න

අප්‍රිකානු මහාද්වීපයේ ප්‍රදේශ කිහිපයක පැතිරයන ‘එම්පොක්ස්’ වසංගතය ලොව අවධානයට ලක්විය යුතු මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය දැනුම්දී තිබේ. කොංගෝ හි එම රෝගය වැළඳී දී පුද්ගලයින් 450 ක් පමණ ජීවිතක්ෂයට පත්විය. ආසාදිත වූ ගණන 14,000කට ආසන්නය. මෙම වසංගතය ආරම්භක කාලයේදී හැඳින්වූයේ ‘මංකිපොක්ස්’ යනුවෙනි. මේ වනවිට මෙම රෝගය බුරුන්ඩි, මධ්‍යම අප්‍රිකානු ජනරජය, කෙන්යාව සහ රුවන්ඩාව වැනි රටවලින් වාර්තා වී තිබේ. ‘එම්පොක්ස්’ ආසාදනය වන්නේ ලිංගික සබඳතා සහ වෙනත් සමීප සබඳතා ඔස්සේ සහ ආසාදිතයෙක් සමග කතාකරන විට හෝ එවැනි පුද්ගලයෙක් ආසන්නයේ සිට හුස්ම ගන්නා විටදී බව ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසීය. එහි මූලික රෝග ලක්ෂණ ලෙස උණ ඇතිවීම, සමෙහි තුවාල මතුවීම ලෙස…

තව කියවන්​න

2024 වර්ෂයේ රජයේ සහ හා රජයේ අනුමත පෞද්ගලික සිංහල හා දෙමළ පාසල්වල දෙවන පාසල් වාරය අවසන් කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව එම පාසල්වල දෙවන පාසල් වාරය අගෝස්තු 16 වන සිකුරාදා දින අවසන් වේ. තෙවන පාසල් වාරයේ පළමු අදියර අගෝස්තු 26 වන සඳුදා ආරම්භ වේ.

තව කියවන්​න

දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් අවුරුදු 02ක කුඩා දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබේ. අද (14) උදෑසන එම අනතුර සිදුව තිබුණේ, දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඇල්පිටිය පොලිස් වසමේදීය. මත්තල දෙස සිට කොට්ටාව දෙසට ගමන් ගත් වෑන් රථයක ටයරයේ හුළං බැසීම හේතුවෙන් අධිවේගී මාර්ගයේ මැද ආරක්ෂිත වැටේ වැදී පෙරළීමෙන් එම අනතුර සිදුව තිබුණි. අනතුරින් වෑන් රථයේ ගමන්ගත් කුඩා දරුවන් තිදෙනෙකු තුවාල ලබා ඇල්පිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් කුඩා දැරියක් මියගොස් තිබේ. එලෙස මියගොස් තිබුණේ කතරගම වැඩිහිටිකන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 02යි මාස 02ක දැරියකි. අනතුර සිදුවන අවස්ථාවේ වෑන් රථයේ කුඩා දරුවන් ඇතුළු වැඩිහිටියන් 12 දෙනෙකු පමණ ගමන් කර ඇති බව පොලීසිය පවසයි. සිද්ධිය…

තව කියවන්​න