Author: Dhanushka

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ අධ්‍යක්ෂ මණ්ඩලය ලබන 20 වැනිදා රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ, මෙම වසරේ විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් ලෝක කුසාලන තරගාවලිය පවත්වන රට සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහායි. ලබන ඔක්තෝබර් මස තුන්වෙනිදා මෙම තරගාවලිය බංගලාදේශයේ පැවැත්වීමටයි මීට පෙර සැලසුම් කර තිබුණේ. කෙසේ වෙතත් මේ වනවිට එරට තුළ ඇති ව තිබන ආණ්ඩු විරෝධී විරෝධතා හේතුවෙන් එහි ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලුවක් මතු වී තිබෙනවා. එම නිසා මෙම තරගාවලිය වෙනත් ස්ථානය පැවැත්වීම කෙරෙහි ක්‍රිකට් කවුන්සිලයේ අවධානය යොමු වී ඇති බව සඳහන්.

තව කියවන්​න

වඳුරු උණ රෝගය වැළඳීමෙන් කොංගෝ ජනරජයේ සිදු වූ මරණ සංඛ්‍යාව 548ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ආසාදිතයින්ගේ සංඛ්‍යාව ද 15,664 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ආසාදිතයින් බොහෝ පිරිසක් ප්‍රතිකාර ගැනීම වෙනුවට රෝග සුව වීම සඳහා යාඥා කිරීමට පල්ලි වෙත යාමෙන් රෝගය පැතිරීම ඉහළ ගොස් ඇති බවයි එරට සෞඛ්‍ය අංශ වැඩිදුරටත් පවසන්නේ.

තව කියවන්​න

තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයකින් වතු කම්කරුවන් 18 දෙනෙකු තුවාල ලබා ඉන් කාන්තාවන් හය දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇති බව බගවන්තලාව පොලිසිය පැවසිය. බගවන්තලාව පොලිස් වසමට අයත් කර්කස්වොල් තේ වත්තේ ගසක බැද තිබු බඹර කුඩුවක් එකවරම ඇවිස්සි ඒ අසල වැඩ කරමින් සිටි වතු කම්කරුවන් 18 දෙනෙකුට බඹරුන් පහර දි ඇත. බඹර ප්‍රහාරයෙන් තුවාල ලබා සිටි අසාධ්‍ය තත්ත්වයෙන් නොවන වතු කම්කරුවන් දස දෙනෙකුට එම වතුයායේ රෝහලෙන් ප්‍රතිකාර ලබා දි ඇති අතර, ප්‍රහාරයෙන් තුවාල ලබා අසාධ්‍ය තත්ත්වයෙන් සිටි අට දෙනෙකු පමණක් බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කිරිමට වතු පාලන…

තව කියවන්​න

ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු ඔස්ට්‍රේලියානු කාන්තා බිග් බෑෂ් ලීගයේ (WBBL) ඉදිරි වාර තුන සඳහා සිඩ්නි තන්ඩර්ස් සමඟින් ගිවිසුම් ගතවී තිබෙනවා. එළබෙන බිග් බෑෂ් කාන්තා ලීගය මෙම වසරේ ඔක්තෝබර් 27වනදා ආරම්භ වීමට නියමිතයි.

තව කියවන්​න

අයර්ලන්තය සහ සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර පවත්වන එක්දින ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වනවා. ඒ අනුව මෙම තරගාවලියේදී දෙරට අතර පැවෙත්වෙන පලමු එක් දින තරගය අද පස්වරු 3.15 ට බෙල්ෆාස්ට් හී සිවිල් සර්විස් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි. දෙරට අතර පැවැත්වෙන 2 වැනි සහ 3 වැනි එක්දින තරගය ලබන 18 වැනිදා සහ 20 වැනිදා ද පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. මෙය ෂක්‍ක්‍ කාන්තා ශූරතාවලියට අයත් තරගාවලියක් වන බැවින්, එහි ප්‍රතිඵලයන් කණ්ඩායම් දෙකටම ඉතා වැදගත් වනු ඇති බවයි ක්‍රිකට් විචාරකයින් පවසන්නේ.

තව කියවන්​න

ගාසා තීරයේ පවතින ගැටුම් හේතුවෙන් මේ දක්වා 40,000 කට ආසන්න පිරිසක් මියගොස් ඇති බව එක්සත් ජාතින්ගේ සංවිධානය තහවුරු කර තිබෙනවා. පසුගිය වසරේ ඔක්තෝම්බර් මස සිට ඊශ්‍රයාලය විසින් එල්ල කරන ප්‍රහාර හමුවේ පුද්ගලයින් 92,400 ක් තුවාල ලබා ඇති බවයි එම සංවිධානය පවසන්නේ. මෙහිදී ළමයින් සහ කාන්තාවන් වැඩි පිරිසක් මිය යාම ශෝචනීය තත්වයක් බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කළා.

තව කියවන්​න

ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 39 දෙනකු ඉදිරිපත් වුවත් මෙවර ද කාන්තාවන් කිසිවකුත් ඉදිරිපත් නොවීම විශේෂත්වයකි. කාන්තාවක ජනාධිපතිවරණයකට අවසන් වතාවට ඉදිරිපත් ඇත්තේ 1999 වර්ෂයේදීය. ඒ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියයි. ජනාධිපතිවරණයකට 2005 න් පසු කිසිදු අපේක්ෂිකාවක ඉදිරිපත් නොවීම ද විශේෂත්වයකි. සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය 1988 ජනාධිපතිවරණයට ඉදිරිපත්වූ අතර චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ ශ්‍රීමා දිසානායක මහත්මීහු ( දිවංගත ගාමිණී දිසානායක මහතාගේ බිරිඳ) 1994 වර්ෂයේ පැවැති ජනාධිපතිවරණයට ඉදිරිපත් වූහ.

තව කියවන්​න

ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය පළ කිරීමට කැමැති යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පණිවුඩකරුවන් යවා තිබෙන නමුත් ජනාධිපතිවරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබෙන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. විශ්වාසය තැබිය නොහැකි පුද්ගලයකුගේ සහයෝගය තමන්ට අවශ්‍ය නැති බව එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ජනාධිපතිවරයා පවසා ඇතැයි ද මහින්ද අමරවීර මහතා කීය.

තව කියවන්​න

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම කළ යුත්තේ ඉලක්කම් වලින් බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරනවා. එහි සභාපති ආර්.ඒ.එල්.එම්. රත්නායක මහතා කියා සිටින්නේ අපේක්ෂකයෙකුට ඡන්දය සලකුණු කිරීමේදී 1 ඉලක්කමෙනුත් මනාපයන් 2 හා 3 ඉලක්කමෙනුත් සටහන් කළ යුතු බවයි. මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ඉදිරියේදී සිදු කරන බවද හෙතෙම කියා සිටියා. ඡන්ද ගණන් කිරීමේදී මුල් වටයේදීම අපේක්ෂකයෙකුට අංක එක සඳහන් වන මනාපය ගණන් කරන බවත් එහිදී සමස්ත ප්‍රතිවලින් 50%ක් කිසියම් අපේක්ෂකයෙකු ලබාගෙන තිබුණහොත් මනාප ගණන් කිරීමේ අවශ්‍යතාවයක් පැන නොනගින බවද හෙතෙම පැවසුවා.

තව කියවන්​න

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ ජ්‍යේෂ්ඨ සිසුන් සිව්දෙනෙක්ට පළමු වසරේ සිසුන් දෙදෙනකුට පහරදී තිබෙනවා. එම සිසුන් දෙදෙනා නවාතැන් ගෙන සිටි අක්බාර් නේවාසිකාගාරයට අදාළ ජ්‍යේෂ්ඨ සිසුන් පිරිස ඇතුළු වී බරපතළ ලෙස ඔවුන් දෙදෙනාට පහර දී ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව එම ජ්‍යේෂ්ඨ සිසුන් සිව්දෙනාට මේ වන විට විනය පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර ඔවුන්ගේ ශිෂ්‍යභාවය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා. පහර කෑමෙන් තුවාල ලත් සිසුන් දෙදෙනා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු බරපතළ තත්ත්වයෙන් පසු වූ එක් සිසුවකු වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ. පහරකෑමට ලක් වූ සිසුන්ගෙන් ලබාගත් තොරතුරු ඔස්සේ පහර දුන් සිසුන් සිව්දෙනා…

තව කියවන්​න