- අගමැතිනිය සහ IMF විධායක අධ්‍යක්ෂක අතර හමුවක්
- ලබන සිකුරාදා විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක්
- අම්පාරේ වගා හානි වන්දිය අද ගොවි ගිණුම්වලට
- ඔස්ට්‍රෙලියාවට එරෙහි ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කරයි
- රුපියල් 36,000 ක් අල්ලස් ගත් තාක්ෂණ නිලධාරියෙක් අවුරුදු 56කට හිරේ
- සමන් දේවාලයේ නිලවරණය වළකා අතුරු නියෝගයක්
- 2025 වසරට විදේශ රැකියා 340,000ක ප්‍රමාණයක්
- වෛද්‍ය පරිපාලකයන්ගේ විද්වත් සංගමයට නව සභාපතිවරයෙක්
Author: Dhanushka
ආර්ථික අර්බුදය යම් කිසි මට්ටමකින් විසඳීමට තමන්ට හැකි වුවත් නිසි ආර්ථික පරිවර්තනයක් සිදු නොකර මෙම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යා නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ අනුව මෙවර ජනාධිපතිවරණයේ දී ජනතාව තම අනාගතය පිළිබඳ සිතා බලා තීරණයක් ගතයුතු බවයි සමාජ මාධ්‍ය ඔස්සේ ඉදිරිපත් වූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීමේ වැඩසටහනට එක්වෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ රට හමුවේ ඇති ආර්ථික අර්බුදය විසඳීමට නම් පක්ෂ බේදයෙන් තොරව අලුතින් සිතා අලුත් වැඩපිළිවෙළකට යා යුතු බවයි.
2009 වසරට පෙර නිකුත් කර ඇති සියලුම බර වාහන රියදුරු බලපත්‍ර ඉදිරි මාස තුනක කාලය තුළ අවලංගු කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. පැරණි රියදුරු බලපත්‍ර සියල්ලම භාවිතයෙන් ඉවත් කිරීම යටතේ, මෙම තීරණය ගත් බවයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා සදහන් කළේ. එමෙන්ම පසුගිය කාලයේ මුද්‍රණය කරගත නොහැකිව තිබූ රියදුරු බලපත්‍ර ලක්ෂ තුනක ප්‍රමාණයක් ද ඉදිරි මාස කිහිපය ඇතුළත මුද්‍රණය කර අවසන් කරන බව ද ඔහු ප්‍රකාශ කළා.
සංචාරක ශ්‍රී ලංකාව සහ එංගලන්තය සමඟ පැවැත්වීමට නියමිත තරග 3 කින් සමන්විත ටෙස්ස් ක්‍රිකට් තරගාවලිය හෙට ආරම්භ වනවා. මේ අනුව හෙට දින ආරම්භ වන පලමු ටෙස්ට් තරගය ලබන 25 වනදා දක්වා මැන්චෙස්ටර් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි. දෙවනවන ටෙස්ට් තරගය අගෝස්තු මස 29 දා සිට සැප්තැම්බර් 02 දක්වා ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ පැවැත්වෙනු ඇති. එමෙන්ම 3 වන ටෙස්ට් තරගය සැප්තැම්බර් මස 6 වනදා සිට 10 දක්වා ද ඕවල් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරයට අනවසරයෙන් ඇතුළුවීම පිටුපස ඉරානය සිටින බව අමෙරිකානු බුද්ධි අංශ තහවුරු කර තිබෙනවා. ත්‍ඊෂ සහ අනෙකුත් ආයතන එක්ව ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් මේ බව දැනුම් දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. අමෙරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන කෙරෙහි අසමගියක් ඇතිකිරීමට සහ විශ්වාසය බිඳදැමීමේ අරමුණින් ඉරානය විසින් අමෙරිකානු මැතිවරණයට මැදිහත් වී ඇති බවයි අදාළ වාර්තාවේ සඳහන් වන්නේ.
හිමාල කඳු මුදුනේ අඩි 18,753 ක් උසක සිට, හිම මත ලිස්සා යමින්, පැරෂූට් ආධාරයෙන් පැන (ski-base jumping) ලෝක වාර්තාවක් පිහිටුවීමට 34 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික ජෝෂුවා බ්‍රෙග්මන් සමත් විය. ජෝෂුවා බ්‍රෙග්මන් විසින් බිඳ හෙලනු ලැබුවේ, 2019 දී ප්‍රංශ ක්‍රීඩක මැතියස් ගිරාඩ් විසින් පිහිටුවන ලද මීටර 4,359 (අඩි 14,301) වාර්තාව යැයි ද පැවැසෙයි. නේපාලයේ ළමා ජාවාරම් සිදුවන අතර, එය වැළැක්වි යුතු බවත් ලෝකයේ අවධානය ඊට යොමු විය යුතු බවත් පෙන්වා දෙමින්, ජෝෂුවා බ්‍රෙග්මන් මෙම වික්‍රමය සිදු කිරීම විශේෂත්වයකි.
ඉන්දියාව සමඟ සමීප ආර්ථික ඒකාබද්ධතාවයක් ඇති කර ගනිමින් ජපානයේ සිට ඉන්දියාව දක්වා ආර්ථික සහයෝගීතා ගිවිසුම් වලට එළඹීම ශ්‍රී ලංකාවේ අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ශ්‍රී ලාංකීය ජනතාව වසර දෙකක් පුරා මුහුණදුන් දුෂ්කරතා අවම කර ගනිමින් බංකොලොත් භාවයෙන් මිදීමට හැකි වූයේ ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි මහතාගේ සහ ඉන්දියාවේ ත්‍යාගශීලීභාවය නිසා බව ද සිහිපත් කළ ජනාධිපතිවරයා ඒ වෙනුවේ සිය ස්තූතිය පිරිනමන බව කීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි ගෝලිය දකුණේ හඩ සමුළුවේ රාජ්‍ය නායක සැසිය අනුරාධපුර ජනාධිපති මන්දිරයේ සිට මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අමතමිනි. “තිරසර අනාගතයක් සඳහා සවිබල ගැන්වූ ගෝලීය දකුණක්” යන තේමාව යටතේ තුන්වැනි වරට පැවත්වෙන මෙම සමුළුව ඉන්දීය…
මුහුදු බඩ දුම්රිය මාර්ගයේ කොස්ගොඩ ඉදුරුව ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයේදී අද(19) දහවල් දර පටවාගෙන ගිය ලොරි රථයක් දුම්රියක ගැටී එහි ගමන්ගත් දෙදෙනාගෙන් එක් අයෙක් මරුමුවට පත්වී අනෙක් තැනැත්තා බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බව කොස්ගොඩ පොලීසිය කියයි. මෙසේ මිය ගොස් ඇත්තේ අවුරුදු පනස් පහක් පමණ වයසැති අයෙක් බවත් ඔහු සහ බරපතල තුවාල ලබා ඇති තැනැත්තා ඉදුරුව මහ ඉදුරුව ප්‍රදේශයේම පදිංචි අය බවද පොලීසිය කියයි. ගාල්ලේ සිට කොළඹ දෙසට යමින් සිටි දුම්රියක කොස්ගොඩ සිට් පැමිණි දර පටවා ගෙන පැමිණි ලොරි රථයක් ගැටී ඇති බවද පොලීසිය කියයි. දුම්රියේ ගැටුණු ලොරි රථය කුඩු පට්ටම්වී ඇති බවද පොලීසිය කියයි.
මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ජාතික කොඩිය හෝ ආගමික ලකුණු භාවිත කිරීම සපුරා තහනම් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි ජාතික කොඩිය ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සදහා භාවිත කරන පාර්ශ්ව සඳහා දැඩි ක්‍රියා මාර්ග ගැනීමට සිදුවන බවද මැතිවරණ කොමිෂන් සභාවෝ නිලධාරීහු පවසති
යාපනය, ඓතිහාසික තිස්ස විහාරය එම ස්ථානයෙන් ඉවත් කරන ලෙස බල කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන්න් ඇතුළු පිරිසක් අද (19) විහාරය ඉදිරිපිට විරෝධයක නිරත වූහ. එහිදී ඔවුහු සදහන් කර සිටියේ උතුරේ තම නිජභූමිය තුලින් මෙම විහාරය ඉවත් කළ යුතු බවයි. මෙම අවස්ථාවට කිහිප දෙනකු සම්බන්ධවී සිටි අතර ඔවුහු සෑම පොහොය දිනකම මෙසේ විහාරස්ථානය ඉවත් කරන තුරුම විහාරය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වන බව සදහන් කළහ.
කොළඹ තරු පහේ හෝටලයක පිවිසුම් දොරටුව අසල තිබී ජීව උණ්ඩයක් හමුවූ බව කොටුව පොලිසිය කියයිග එලෙස හමු වී ඇත්තේ 9 එම් එම් වර්ගයේ ගිනි අවි වලට යොදන ජීව උණ්ඩයකිග හෝටල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ කටයුතුවල යෙදී සිටි සේවකයෙකු පිවිසුම් දොරටුව අසල ඇති අරලිය ගස අසල තාප්පය පාමුල පිරිසිදු කිරීමේ යෙදී සිටියදී මෙම ජීව උණ්ඩය හමුවී ඇතැයි පොලිසිය සඳහන් කරයිග ජීව උණ්ඩය හමුවී ඇත්තේ ප්‍රභූන් හෝටලය වෙත පැමිණීමෙන් අනතුරුව ආරක්ෂක නිලධාරීන් රැඳී සිටින ස්ථානයෙන් බවට පොලිසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් කීයග
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222