- අගමැතිනිය සහ IMF විධායක අධ්‍යක්ෂක අතර හමුවක්
- ලබන සිකුරාදා විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක්
- අම්පාරේ වගා හානි වන්දිය අද ගොවි ගිණුම්වලට
- ඔස්ට්‍රෙලියාවට එරෙහි ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කරයි
- රුපියල් 36,000 ක් අල්ලස් ගත් තාක්ෂණ නිලධාරියෙක් අවුරුදු 56කට හිරේ
- සමන් දේවාලයේ නිලවරණය වළකා අතුරු නියෝගයක්
- 2025 වසරට විදේශ රැකියා 340,000ක ප්‍රමාණයක්
- වෛද්‍ය පරිපාලකයන්ගේ විද්වත් සංගමයට නව සභාපතිවරයෙක්
Author: Dhanushka
වගා හානි වන්දි මුදල අක්කරයකට රුපියල් ලක්ෂයක් වශයෙන් ගෙවීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. ඊට ජනාධිපතිවරයාගේ එකඟත්වය පළ වී ඇති බවයි විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කළේ. ඒ අනුව නියඟය, ගංවතුර සහ වන සතුන්ගෙන් සිදුවන හානි සඳහා වන්දි ලබා දීම සිදු කෙරෙනු ඇති.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළකරන, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම විසින් පිහිටුවන නව සන්ධානයේ සභාපති ධූරය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට ලබාදීමට තීරණය කර තිබෙනවා. මෙම නව සන්ධානය “ජන ජය පෙරමුණ” ලෙස නම් කිරීමට යෝජනා වී ඇති අතර එහි මහලේකම් ධුරයට අමාත්‍ය රමේෂ් පතිරණ මහතාව නම් කර ඇති බවද සදහන්. නව සන්ධානය පිහිටුවීම පිළිබඳ මූලික සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. නව සන්ධානයේ නිලධාරි මණ්ඩලය, විධායක සභාව මෙන්ම ඊට සෙසු පක්ෂ සම්බන්ධ කර ගැනීම පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.
මේ අතර ඉදිරි පැය 48 තුළ ගිං ගඟ නිම්නයේ පහත් බිම්වලට ගං වතුර තත්වයක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා. ඒ අනුව නෙලුව, තවලම, නාගොඩ, නියාගම, වැලිවිටිය – දිවිතුර, ඇල්පිටිය, අක්මීමන, බද්දේගම සහ බෝපේ – පෝද්දල ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් පහත් බිම් ප්‍රදේශවල ජීවත් වන ජනතාව මේ සම්බන්ධයෙන් අවදානය යොමු කළ යුතු බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ් මංගල ජනාධිපතිවරණ රැලිය අනුරාධපුර නගරයේදී අද පස්වරු 2 ට පැවැත්වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පවසනවා. ඔහු කියා සිටියේ මෙම රුලිය අනුරාධපුරයේ පැවැත්වීමට හැකි වීම පොදුජන පෙරමුණ ලැබූ තවත් ජයග්‍රහණයක් බවයි.
2024 පන්දුවාර 20යි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය එක්සත් අරාබි එමීර් රාජ්‍යට පිරිනමා තිබෙනවා. මිට පෙර තරගාවලියේ සත්කාරකත්වය හිමිව තිබුණේ, බංග්ලාදේශයටයි. නමුත් වර්තමානයේ බංග්ලාදේශයේ පවතින දේශපාලනික ගැටලු හේතුවෙන් මේ අතමෙම තීරණය ගැනීමටයි අයි.සී.සීය පියවර ගෙන ඇත්තේ. එහි නිල වෙබ් අඩවියේ දැක්වෙන්නේ තරගාවලිය ඔක්තෝබර් 3 වැනිදා සිට 20 වැනිදා දක්වා ඩුබායි සහ සාජාහිදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි.
පකිස්ථානයේ වන්දනාකරුවන් රැගත් බස් රථයක් ඉරානයේ යාසාඩ්හිදි පෙරළීයාමෙන් මගීන් 28 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ රාත්‍රියේ සිදු වු මෙම අනතුරින් තවත් මගීන් 23 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ. ඔවුන්ගෙන් 14 දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව සදහන්.
මොරගොඩ,කලුඑබේ රක්ෂිතයේ නිධන් වස්තු ලබාගැනිමේ අරමුණින් කැනීම් කරමින් සිටි චිවරධාරියෙකු ඇතුළු පුද්ගලයන් හත් දෙනෙකු අත්අඩංගුවට ගත් බව මොරගොඩ පොලිසිය කියයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මෙගොඩවැව ප්‍රදේශයේ ආරන්‍ය සේනාසනයක විසු හිමි නමක් සහ අගලවත්ත හා ආඩියාගල පදිංචි වයස අවුරැදු 30ත් 60ත් අතර වියේ පසුවන පුදගලයන් හත් දෙනෙකි. පුද්ගලයන් පිරිසක් මොරගොඩ,කලුඑබේ රක්ෂිතයේ නිධන් වස්තු ලබාගැනිමේ අරමුණින් කැනීම් කරමින් සිටින බවට එම ගම්මානයේ පුද්ගලයන් පිරිසක් විසින් පොලිසියට සිදුකළ දැනුම් දිමක් මත සිදුකළ වැටලිමේදි සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි. සැකකරුවන් නිදන් කැණිම සදහා භවිතා කරන ලද උදළු,අලවංගු,තාච්චි වැනි උපකරණ කිහිපයක්ද මෙහිදි පොලිසිය විසින් සිය භාරයට ගෙන තිබේ.
කුරුණෑගල, ඇතුගල කන්දෙන් බිමට ඇද වැටී පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා. ඊයේ (19) උදෑසන ඇතුගලෙන් පුද්ගලයෙකු බිම වැටුණු බවට 119 තොරුතුරු මධ්‍යස්ථානයට දුරකථන ඇමතුමක් ලැබී තිබෙනවා. බරපතළ තුවාල ලබා සිටි එම පුද්ගලයා කුරුණෑගල රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටින බව පොලීසිය පවසනවා. තුවාලකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
රජයට අයත් ලංකා පොහොර සමාගම හා කොමර්ෂල් පොහොර සමාගම් දෙක පසුගිය වසර තුළ වාර්තාගත ලාභයක් උපයා ඇතැයි එම පොහොර සමාගම් දෙකේ සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා පවසනවා. මෙතෙක් පොහොර සමාගම් දෙකක් වශයෙන් වශයෙන් පැවැති එම සමාගම් දෙක 2024 වසරේ සිට රාජ්‍ය පොහොර සමාගම ීඒඑැ ත්‍ැරඑසකස‘ැර ක්‍දපච්බහ නමින් ඒකාබද්ධ කරනු ලැබුවා. රාජ්‍ය පොහොර සමාගමේ ඉදිරි කටයුතු හා මෙවර යල කන්නයේ මෙන්ම ඉදිරි මහ කන්නයේ දී පොහොර සැපයීම පිළිබඳ ප්‍රගති සමාලෝචන රැස්වීමක් පසුගියදා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. එහිදී අදහස් පළ කළ රාජ්‍ය පොහොර සමාගමේ සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා ඒකාබද්ධ කරන ලද මෙම පොහොර සමාගම් දෙක…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා මැල්කම් කාදිනල් හිමිපාණන් බැහැදැකීමට පැමිණ ආශිර්වාද ලබා ගෙන තිබෙනවා. එහිදී තරුණ නායකයකු ලෙස ජනතාව නගාසිටවා රටේ අනන්‍යතාවය රැකෙන ලෙස වැඩකටයුතු කරන මෙන් උන්වහන්සේ ඔහුට අවවාද අනුශාසනා කිරීමෙන් පසු පාස්කු ප්‍රහාරයට වගකිවයුතු අය සම්බන්ධයෙන් සොයා බැලීමට ස්වාධීන කොම්ෂන් සභාවක් පත් කිරීමේ අවශ්‍යතාවය ද පෙන්වා දුන්නා. ඒ අනුව මෙම කරුණ සම්බන්ධයෙන් පරික්ෂණ කිරීමට අධිකරණමය ස්වාධීන කොම්ෂන් සභාවක් පත්කිරීමේ අවශ්‍යතාවය ද නාමල් රාජපක්ෂ මහතා එහිදී පිළිගෙන තිබෙනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222