Author: Dhanushka

තේ නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා තේ වගා කරුවන්ට කිලෝග්‍රෑම් 50 රසායනික පොහොර මිටියක් රුපියල්  4,000 ක සහනයක් සහිතව තේ වගා කරුවන්ට දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. පසු ගිය කාල පරිච්ඡේදය තුළ පොහොර මිල ඉහළ යාම හා රසායනික පොහොර තහනම් කිරීම වැනි කරුණු හේතුවෙන් තේ වගාවේ පොහොර භාවිතය අඩු වීම තේ නිෂ්පාදනය පහළ යාමට බලපා ඇති බව හඳුනාගනු ලැබ ඇත. එබැවින්, තේ නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා පොහොර භාවිතය ප්‍රචලිත කිරීම අරමුණු කර ගනිමින් තේ වගා කරුවන්ට සහනයක් ලබා දීම කාලීන අවශ්‍යතාවක් වී තිබෙන බව රජය පවසයි. ඒ අනුව, රජයේ පොහොර සමාගම වන ස්ටේට් ෆර්ටිලයිසර් කම්පැනි ලිමිටඩ් මඟින් කිලෝග්‍රෑම් 50 රසායනික පොහොර…

තව කියවන්​න

කළුතර නෑබඩ ප්‍රදේශයේ ප්‍රසිද්ධ වැවිලි සමාගමකට අයත් රාජ්‍ය වතුයායක සේවය නොකරන සේවකයෙකුගේ නමට මාස ගණනක් තිස්සේ රුපියල් හය ලක්ෂයකට ආසන්න මුදලක් වැටුප් ලෙස ගෙවූ ලිපිකරුවෙකු අත්අඩංගුවට ගත් බව වරකාගොඩ පොලීසිය පවසයිග මෙම වතුයායේ කාර්ය මණ්ඩලය සඳහා 2024 ජූලි මාසයේ වැටුප් ගෙවීමේදී වැඩිපුර මුදලක් වැයවී තිබීම පිළිබඳව වතු සමාගමේ ගිණුම් අංශය මගින් කරන ලද පරීක්ෂණයකදී මෙලෙස සේවයේ නොමැති අයෙකුගේ නමට 2023 වසරේ නොවැම්බර් මාසයේ සිට 2024 ජූලි මාසය දක්වා මාස 10ක් වැටුප් ගෙවා ඇති බව අනාවරණය වී තිබේග වතුයායේ කළමනාකාරවරයෙකු විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව පරීක්ෂණ පවත්වා සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරු උඩුගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකිග

තව කියවන්​න

ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් අතරින් මෙරට අනාගතය බාර ගැනීමට සුදුසුම අපේක්ෂකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බව  හිටපු අමාත්‍ය එස්. බී නාවින්න මහතා ජනපතිට සහය දීමට ඉදිරිපත් වෙමින් පැවසීය. මෙරට පැවති අර්බුදයෙන් පසුව ගත වූ වසර දෙකක කාලය තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට වෙනුවෙන් සිදුකළ වැඩ කොටස මෙරට සියලු පුරවැසියන් අමතක නොකළ යුතු බවද හිටපු අමාත්‍යවරයා කීය . වසර 4කට පසුව යළිත් තමා ක්‍රියාකාරී දේශපාලනයට පැමිණියේ මෙරට ඉදිරි අනාගතය යහපත් කිරීම වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමට බවද කොළඹ 07 මල්පාරේ පිහිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලයට පැමිණි නාවින්න මහතා පැවසීය.

තව කියවන්​න

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි. මැන්චෙස්ටර් හි පැවැත්වෙන තරගය මෙරට වේලාවෙන් ප.ව 3.30 ට ආරම්භ වීමට නියමිතයි. මෙම තරගයේ පළමු දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්තය කිසිදු කඩුල්ලක් නොදැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 22 ක් ලබා සිටියා.

තව කියවන්​න

වැල්ලවාය පොලිස් වසමේ ඇල්ලපාර ප්‍රදේශයේ පිහිටි ළමා නිවාසයකින් ළමයින් හතරදෙනෙකු අතුරුදන්වී ඇතැයි වැල්ලවාය පොලීසිය පවසයි. අවුරුදු 16,14 වියෙහි පසුවන පිරිමි ළමුන් දෙදෙනෙකු සහ 15 හැවිරිදි වියෙහි පසුවන පිරිමි ළමුන් දෙදෙනෙකු මෙලෙස අතුරුදන්වී  ඇත. මෙම ළමයින් සිව්දෙනා ළමා නිවාසයට නොදන්වා පිටවගොස් ඇති බව මූලික පරීක්ෂණ වලදී අනාවරණයවී තිබේ.

තව කියවන්​න

මේ මාසයේ ගෙවුණු දින 14 තුළ මාරක රිය අනතුරු වලින් පුද්ගලයන් 71 දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය ප්‍රකාශ කළේ එම කාලය තුල මාරක රිය අනතුරු 65ක් සිදුව ඇති බවයි. වසරේ ගෙවුණු කාලය තුළ රිය අනතුරු දහතුන්දහස් පන්සිය හැත්තෑ දෙකක් සිදු ඇති අතර ඉන් එක්දහස් තුන්සිය දාසයක් මාර්ග රිය අනතුරු බවයි පොලිසිය කියා සිටියේ.

තව කියවන්​න

රුසියාවේ මොස්කව් අගනුවරට යුක්‍රේනය විසින් දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ලකර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ඉන් ඩ්‍රෝන 11ක් පමණ රුසියානු ප්‍රහාර හමුවේ විනාශ වී ඇති බව සඳහන් ය. රුසියානු බලධාරීන් පවසන්නේ 2022 පෙබරවාරි මාසයේදී දෙරට අතර ගැටුම් ආරම්භ වීමෙන් අනතුරුව රුසියානු අගනුවරට එල්ල කළ දරුණුතම ඩ්‍රෝන ප්‍රහාරය මෙය බවයි. රුසියානු මර්මස්ථාන වෙත එල්ලවන යුක්‍රේන ප්‍රහාරවල වැඩිවීමක් දක්නට ලැබෙන බවද සඳහන් වෙයි.

තව කියවන්​න

2024 ජනාධිපතිවරණය සඳහා අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රකා බෙදා හැරීමේ කටයුතු සැප්තැම්බර් 3 වනදා ආරම්භ කරන බව නියෝජ්‍ය තැපැල්පති  රාජිත රණසිංහ මහතා පවසයි. ඒ මහතා පැවසුවේ එම කටයුතු සඳහා විශේෂිත දිනය ලෙස සැප්තැම්බර් මස 08 වනදා නම් කර ඇති බවයි. රජයේ නිවාඩු දිනයක් වන ඉරිදා දිනයේ පෙරවරු 08 සිට පස්වරු 06 දක්වා මෙම බෙදාහැරීම සිදු කරන බව ඒ මහතා පැවසීය.

තව කියවන්​න

වසරේ ගත වූ කාලසීමාව තුළ සිදු වූ රිය අනතුරුවලින් පුද්ගලයින් 1,417 දෙනෙකු ජීවිතක්ෂවට පත්ව ඇති බව පොලිසිය පවසනවා. රථවාහන කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා පැවසුවේ වාර්ෂිකව යතුරුපැදි අනතුරුවලින් පුද්ගලයින් 1,000 ක් පමණ මියයන බවයි.

තව කියවන්​න

ජනාධිපතිවරයා සතු විධායක බලතල ඉවත් නොකළ යුතු බව ජනාධිපති අපේක්ෂක ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා. දූෂිත දේශපාලන සංස්කෘතිය අවසන් කරන, ස්වාධීනව සහ බුද්ධිමත්ව කටයුතු කරන ජාතික නායකයන්ට රට භාරදීමට සියලු දෙනා කටයුතු කළ යුතු බවයි ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේ. එකම කණ්ඩායම් විවිධ දේශපාලන පක්ෂ නිර්මාණය කර ගනිමින් ජනතාව ළඟට පැමිණියද ඔවුන්ගේ මානසිකත්වය වෙනස් වී නොමැති බවත් ඔවුන් රටේ අනාගතය ගැන සිතා කටයුතු නොකරන බවත් සරත් ෆොන්සේකා මහතා මාධ්‍යට අදහස් දක්වමින් පවසා සිටියා.

තව කියවන්​න