Author: Dhanushka

ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග දෙකට ක්‍රීඩා කිරීම සඳහා එංගලන්ත සංචිතයට නවක වේගපන්දු යවන්නෙකු වන ජොෂ් හල් කැඳවා තිබෙනවා. ඒ, ආබාධයට ලක්වූ වේගපන්දු යවන මාක් වුඩ් වෙනුවටයි. දෙරට අතර අවසන් වූ පළමු ටෙස්ට් තරගයේදී ආබාධයකට ලක් වීම හේතුවෙන් මාක් වුඩ්ට ඉතිරි තරග ක්‍රීඩා නොකරන ලෙසට වෛද්‍ය නිර්දේශ ලැබී තිබුණා. 20 හැවිරිදි වියේ පසුවන වමත් වේගපන්දු යවන්නෙකු වන ජොෂ් හල්, ලෙස්ටර්ෂයර් ප්‍රාන්ත කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයෙක් බව සඳහන්. ඔහු මීට පෙර කිසිඳු ජාත්‍යන්තර තරගයකට සහභාගි වී නැහැ. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට එරෙහිව පැවති පුහුණු තරගයේදී එංගලන්ත ලයන්ස් කණ්ඩායම නියෝජනය කළ ජෝෂ් කඩුලු 05 ක් බිඳලීමට සමත් වුණා.

තව කියවන්​න

බංග්ලාදේශයට බලපා ඇති අධික වැසි තත්වය හමුවේ ඇතිවූ ගංවතුර සහ ආපදාවලින් පුද්ගලයන් 20 දෙනෙකු මියගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මිලියන 5 කට වැඩි පිරිසක් මේ හේතුවෙන් පීඩාවට පත්ව සිටින බවයි. එරට මාර්ග අවහිරවීම් හේතුවෙන් ගළවාගැනීමේ මෙහෙයුම් සහ සහන සේවා කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා. ඉන්දියාවේ වේල්ලක වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් බංග්ලාදේශයේ ජල ගැලීම් තත්වය ඉහළ ගොස් ඇති බවට ඇතමුන් චෝදනා කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ.

තව කියවන්​න

බෙන්තර ගඟේ සංචාරක බෝට්ටු දෙකක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදන් වී තිබෙනවාග අනතුරට ලක්ව ඇත්තේ අලුත්ගම ප්‍රදේශයේ සංචාරක හෝටලයක සේවය නිමවා පිරිසක් රැගෙන යාත්‍රා කරන බෝට්ටුවක් සහ බෙන්තර ප්‍රදේශයේ සංචාරක බෝට්ටුවක් එකිනෙක ගැටීමෙනුයිග බෙන්තර සංචාරක හෝටලකින් පැමිණි දෙදෙනෙකු සිද්ධියෙන් අතුරුදන් වුණාග ඔවුන්ගේ අනන්‍යතාව මෙතෙක් හඳුනාගෙන නොමැති බවයි පොලිසිය පවසන්නේග අතුරුදන් වූවන් සොයා ගාල්ල නාවික හමුදා කඳවුරේ නිලධාරීන් පොලිස් නිලධාරීන් හා ප්‍රදේශවාසීන් එක්ව තවදුරටත් මෙහෙයුම් සිදුකරනවාග

තව කියවන්​න

ඕස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම ඊයේ සිට ශ්‍රී ලංකාවේ සිය ව්‍යාපාර කටයුතු සඳහා නිල වශයෙන් එක්වුණාග අලෙවි නියෝජිතයන් සතු සහ ක්‍රියාත්මක ඉන්ධන පිරවුම්හල් 150ක් සමඟින් ඔවුන් සැප්තැම්බර් මාසයේදී සිල්ලර ඉන්ධන මෙහෙයුම් ආරම්භ කරන බව ඇමැති කාංචන විජේසේකර මහතා පවසනවාග මෙරට ඉන්ධන වෙළඳපොලට පැමිණි සිව්වන විදේශීය සමාගමවන්නේ යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගමයිග

තව කියවන්​න

කුලී ගමන් යන මුවාවෙන් ත්‍රීරෝද රථවලට නැඟ අතරමගදී තියුණු ආයුධ පෙන්වා ත්‍රීරෝද රථ ඇතුළු දේපොළ කොල්ලන සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේග වැලිකඩ පොලිස් වසමේ අරුණෝදය මාවතේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු 27 හැවිරිදි රාජගිරිය ඔබේසේකරපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකිග අදාළ සැකකරු පෑලියගොඩල කැලණියල කඩවතල බොරැල්ල සහ මිරිහාන යන ප්‍රදේශවලදී ත්‍රීරෝද රථල ජංගම දුරකථනල රන් භාණ්ඩ ආදිය කොල්ලකා ඇති බව විමර්ශනවලදී හෙළිවී ඇතග

තව කියවන්​න

ඉන්දියාවේ ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං අමෙරිකාවට පැමිණ තිබේග ඉන්දියාව සහ අමෙරිකාව අතර ඉහළ පෙළේ ආරක්ෂක ගිවිසුම් කිහිපයක්ම අවසන් අදියරේ ඇති බැවින් ඊට අදාළ කටයුතු වෙනුවෙන් රාජ්නාත් සිං අමෙරිකාවට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය පවසයිග ඔහු එළැඹෙන 26 වනදා දක්වා අමෙරිකාවේ රැඳී සිටීමට නියමිතයග

තව කියවන්​න

යතුරුපැදියක් සහ පාපැදියක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් තරුණයෙක් මියගොස් තවත් තිදෙනෙකුට බරපතළ තුවලා සිදුවී තිබේග වැල්ලවාය මොනරාගල ප්‍රධාන මාර්ගයේ බුත්තල පොලිස් බලප්‍රදේශයට අයත් පැල්වත්ත ප්‍රදේශයේදී අනතුර සිදුවී ඇතග අනතුරෙන් මියගොස් ඇත්තේ යතුරුපැදියේ ගමන් ගත් වයස අවුරුදු 23ක තරුණයෙකිග

තව කියවන්​න

ජනාධිපතිවරණයේදී ඡන්දය ලබා ගැනීමේ අරමුණින් දේශපාලන පක්ෂක හා සංවිධාන ගණනාවක් වතුකරයේ ජනතාවට මහාපරිමාණයෙන් රා බෝතල් තොග වශයෙන් බෙදා හරින බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. මේ නිසා ඇතැම් වතුකම්කරුවන් දිනපතා රැකියාවට පැමිණීමේ කැපීපෙනෙන අඩුවක් පවතින බවද වතු අධිකාරීවරුන් සඳහන් කරන බවද මැතිවරණ කොමිෂන් සභාවට ලැබී ඇති පැමිණිල්ලේ සඳහන් ‌වනවා.

තව කියවන්​න

කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී සාරතී දුෂ්මන්ත සහ යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී අංගජන් රාමනාදන් මහත්වරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය ලබා දෙන බව ප්‍රකාශ කළහග කොළඹ මල් පාරේ පිහිටි දේශපාලන කාර්යාලයේදී ජනාධිපතිවරයා හමුවී මොවුහු තම තීරණය දැනුම් දුන්හග අංගජන රාමනාදන් මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉකුත් මහ මැතිවරණයේදී පාර්ලිමේන්තුවට තේරී පත් වූ අතර සාරතී දුෂ්මන්ත මහතා කෑගල්ල දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට පත්වියග

තව කියවන්​න

ජනතාවගේ මුලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පසුගිය දෙවසරේ තමා කැප වූ අයුරින් ඉදිරියට ද අවශ්‍ය වුණහොත් ඕනෑම තීරණයක් ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීයග ජනාධිපතිවරණය පැවැත්වීමෙන් පසු මහ මැතිවරණය පැවැත්වීමට තීරණය කර ඇති බව කී ජනාධිපතිවරයා ඒ සඳහා අවශ්‍ය මුදල් දැනටමත් සොයා ගෙන තිබෙන බව සඳහන් කළේයග ඉන් පසුව පළාත් සභා මැතිවරණයත්ල අනතුරුව පළාත් පාලන මැතිවරණත් පැවැත්වීමට බලාපොරොත්තු වන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේයග ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවැසූයේ මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේ පැවති නව ජනතා පෙරමුණ පක්ෂයේ ජාතික සම්මේලනය අමතමිනිග

තව කියවන්​න