Author: Dhanushka
2025 වසර සඳහා ඔස්ටේ්‍රලියාවේ විශ්වවිද්‍යාල සඳහා බඳවා ගන්නා විදේශීය සිසුන් ප්‍රමාණය තවදුරටත් අඩු කිරීමට එරට රජය කටයුතු කර තිබෙනවා. ඒ අනුව ලබන වසරේදී එරට විශ්වවිද්‍යාල සඳහා බඳවා ගන්නා විදේශීය සිසුන් සංඛ්‍යා 2, 70,000 කට සීමා වනු ඇති. ඕස්ටේ්‍රලියාවේ නිවාස කුලී අගයන් විශාල ලෙස ඉහළ යාමටද හේතු වී ඇත්තේ බලාපොරොත්තු නොවූ ආකාරයට විදෙස් සිසුන් එරටට පැමිණීම බවයි එරට බලධාරීන් පවසන්නේ.
පොලිස් අත්අඩංගුවට ගනු ලබන පුද්ගලයින් කෲර වධ හිංසනයන්ට ලක්වීම වැළැක්වීම සඳහා අධිකරණය විසින් ලබාදුන් නියෝගවලින් කිසිදු ප්‍රතිඵලයක් අත් වී නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය පවසනවා. අදාළ නියෝග ජාතික පොලිස් කොමිසමේ හෝ පොලිස්පතිවරයාගේ සැලකිල්ලට භාජනය කර නොමැති බවයි ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දෙන්නේ. කෲර වධ හිංසන සිද්ධියකට අදාල මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට කැඳවූ අවස්ථාවේදි ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු එස්. තුරෙයි රාජා මහතා විවෘත අධිකරණයේ ප්‍රකාශයක් සිදුකරමින් මේ බව සඳහන් කළා.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් කාංචන බානගොඩ මහතා පත් කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2024 අගෝස්තු මස 16 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි රියර් අද්මිරාල් බානගොඩ මහතාව එම තනතුරට පත්කර තිබුණා. ඊට අදාළ පත්වීම් ලිපිය රියර් අද්මිරාල් කාංචන බානගොඩ මහතාට නිල වශයෙන් භාර දීම ඊයේ දින නාවික හමුදා මූලස්ථානයේදී සිදු වුණා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන මස පළමු සතිය තුළ එළිදැක්වීමට නියමිතව තිබේ. එම පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා ප්‍රකාශ කළේ සිය ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කිරීමේ අවසන් කටයුතු මේ දිනවල සිදුවන බවය. මේ අතර සමෘද්ධි ව්‍යාපාරය ශක්තිමත් කරමින් එය ආරක්ෂා කිරීමට පියවර ගතයුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි.
දැදුරු ඔයේ දියනෑමට ගොස් ගිලි අතුරුදන් වූ මවගේ සහ බාල පුතුගේ සිරුරු හමුවී තිබේ. ඊයේ (25) දහවල් කාලයේ දී බෝගමුව ප්‍රදේශයෙන් දැදුරු ඔයේ දිය නෑමට ගිය එකම පවුලේ මවක් සහ දරුවන් දෙදෙනෙකු දියේ ගිලී අතුරුදන් විය. ඊයේ සවස් කාලය වන විට ඉන් එක් දරුවෙකුගේ සිරුර සොයාගෙන තිබු අතර මව සහ අනෙක් දරුවා සොයා මෙහෙයුම් ක්‍රියාත්මක විය. පොලීසිය පැවසුවේ අද අලුයම් කාලයේ දී දියේ ගිලී අතුරුදන්ව සිටි මව සහ අනෙක් දරුවා ගේ සිරුරු සොයාගෙන ඇති බවයි. මෙලෙස මියගොස් ඇත්තේ පේරගහවත්ත ප්‍රදේශයේ පදිංචි ව සිටි 36 හැවිරිදි මවක් සහ ඇගේ 9 හැවිරිදි සහ 5 හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනාය. සිද්ධිය සම්බන්ධයෙන් බෝගමුව පොලීසිය…
ඔස්ට්‍රේලියාවේ අද (26) සිට ක්‍රියාත්මක වන පරිදි “right to disconnect” “විසන්ධි කිරීමේ අයිතිය” යන නීතිය හඳුන්වා දී තිබේ. එම නව නීතිය තුළින් සේවකයින්ට රාජකාරි වෙලාවෙන් පසු රැකියාවට අදාළ කෙටි පණිවුඩ, දුරකථන ඇමතුම් සහ ඊමේල් පණිවුඩ නොසලකා හැරීමට සහ ප්‍රතිචාර නොදක්වා සිටීමට ඉඩ ප්‍රස්ථාව හිමිව ඇත. ඒ සඳහා ආයතන ප්‍රධානීන්ට කිසිදු දඬුවමක් කළ නොහැකි බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඔස්ට්‍රේලියානු රජය සඳහන් කර ඇත්තේ, සේවකයින්ට සිය පෞද්ගලික ජීවිතයට රැකියාවෙන් සිදුවන හානිය වළක්වාගැනීම සඳහා මෙම නීතිය හඳුන්වා දුන් බවය.
එළැඹෙන 2024 ජනාධිපතිවරණය පැවැත්වීමට පෙර ඒ සම්බන්ධයෙන් සිය අදහස දක්වමින් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව නිවේදනයක් නිකුත් කර තිබේ. එහිදී ඡන්ද දායකයින්ගෙන් මෙන්ම ජනාධිපති අපේක්ෂකයින්ගෙන් ද ඉටුවිය යුතු වගකීම් සහ යුතුකම් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කර ඇත. ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන ප්‍රජාතන්ත්‍රවාදයේ කුලුනු ත්‍රීත්වයේ ස්වාධීනත්වය ආරක්ෂා කරන නායකයෙකු රටට අවශ්‍ය යන්න සිය දැඩි විශ්වාසය බව එම නිවේදනයෙන් සඳහන් කර ඇත. එබැවින් දුෂිත පුද්ගලයින් ආරක්ෂා කරන සහ දූෂිතයින්ට අනුබල දෙන දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම සඳහා ජනතාව සිය වටිනා ඡන්දය බුද්ධිමත්ව භාවිත කිරීම වැදගත් බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව පෙන්වා දෙයි.
තේ වගාව සඳහා අරඹන ලද පොහොර සහනාධාර වැඩසටහන ක්‍රියාත්මක කර තිබේ. රාජ්‍ය පොහොර සමාගම විසින් නිෂ්පාදනය කරන ලද පොහොර වර්ග 05ක මිල ගණන් මේ යටතේ අඩු කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පියවර ගෙන ඇත. ඒ අනුව තේ සඳහා යොදා ගන්නා කිලෝග්‍රෑම් 50ක පොහොර මල්ලක මිල රුපියල් 4000කින් අඩු කර තිබේ. තේ වගාව සඳහා යොදා ගන්නා T 200, T 750, U 709, U 834, T 65 යන පොහොර වර්ග 05ක මිල මෙලෙස අඩු කර ඇත. මෙම පොහොර සහනාධාරය සැපයීම සඳහා වැයවන සමස්ත මුදල රුපියල් මිලියන 2400කි.
නිරිතදිග පාකිස්තානයේ මගී බස්රථ ඉලක්ක කර එල්ලකළ ත්‍රස්ත ප්‍රහාරයකින් විශාල පිරිසක් මියගොස් ඇති බව වාර්තා වෙයි. එරට අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යවරයා එම ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර තිබුණි. ඉන් පුද්ගලයින් 23 දෙනෙක් මියගොස් ඇති බව සඳහන් වෙයි.
ජනාධිපතිවරණයට අදාළව ලැබෙන පැමිණිලි සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පවතින බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා . ඒ අනුව මැතිවරණයට අදාළව පැමිණිලි දහසකට ආසන්න සංඛ්‍යාවක් ලැබී ඇති බව එම කොමිෂන් සභාව සඳහන් කළා. පසුගිය ජුලි මස 31 වනදා සිට මේ දක්වා කාලය තුළ ලැබී ඇති සමස්ථ පැමිණිලි සංඛ්‍යාව 925 ක් බව ද මැතිවරණ කොමිසම නිවේදනය කර තිබෙනවා .
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222