- වසර 27කට පසු දිල්ලියේ බලය මෝදිගේ පක්ෂයට
- නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද විදේශීය දුම්වැටි සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
- මුල් දින 05 තුල සංචාරකයින් 44,000ක් දිවයිනට
- පාරිභෝගික අධිකාරියෙන් මේ වන විට සහල් වැටලීම් 2,000 ක්
- විදුලි බිල පනත සංශෝධනයට අදාලව මහජන අදහස් ලබා ගැනීමේ කාලය දීර්ඝ කෙරේ
- කලාපීය ආරක්ෂාව ගැන ඉන්දියාවෙන් ලංකාවට සහතිකයක්
- ඇලස්කාවේ අතුරුදන් වූ ගුවන් යානයේ සුන්බුන් හමුවෙයි
- පාරිභෝගික අධිකාරියේ සහල් වැටලීම් අඛණ්ඩව
Author: Dhanushka
ඔක්තෝබර් මාසයේදී පැවැත්වීමට නියමිත කාන්තා පන්දු වාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන දකුණු අප්‍රිකානු සංචිතය නම් කර තිබෙනවා. මේ අනුව ලෝරා වුල්වර්ට්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩිකාවන් 15 දෙනෙකු ඇතුළත්. මෙතෙක් ජාත්‍යන්තර වරම් දිනා නොමැති 18 හැවිරිදි ශෙෂ්නි නයිදු ද සංචිතයට ඇතුළත් කර ඇති අතර 20 හැවිරිදි අයේන්දා ලූබි ද සංචිතයට නම් කර තිබෙනවා.
රුසියාව එල්ල කළ මිසයිල ප්‍රහාරයෙන් පුද්ගලයින් 51 දෙනෙකු මිය ගිය බව යුක්‍රේනය පවසනවා. මධ්‍යම යුක්‍රේනයේ, පෝල්ටෝවා නගරයට එල්ල කළ රුසියානු මිසයිල ප්‍රහාරයෙන් පුද්ගලයින් 51 දෙනෙකු මියගොස් තවත් 271 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. යුක්‍රේන හමුදා ඇකඩමියකට හා රෝහලකට මෙලෙස පහර දී තිබෙනවා. එම ප්‍රහාරයෙන් හමුදා සාමාජිකයන් ද මිය ගොස් ඇති බව බව යුක්‍රේනය හමුදාව තහවුරු කර සිටියා. යුක්‍රේන ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ ගුවන් ප්‍රහාර එල්ල වන බවට සීනු නාද වුවද ජනතාවට ආරක්ෂිත ස්ථාන කරා ගමන් කිරීමට ප්‍රමාණවත් කාලයක් නොමැති වූ බවයි.
ශ්‍රී ලංකා පොලීසියේ 158 වන පොලිස් සංවත්සර දිනය අදට (03) යෙදී තිබේ. සංවත්සරයට සමගාමීව ආගමික වතාවත් සහ සමාජ ක්‍රියාකාරකම් මාලාවක් ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය. එසේම දිවයින පුරා මහජන සම්බන්ධතා සහ සම්බන්ධීකරණය වැඩිදියුණු කිරීමේ අරමුණු කරගෙන විවිධ ක්‍රියාකාරකම් ද පැවැත්වෙන බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
ගොවි ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා සිය රජයක් තුළ ක්‍රමවත් වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි. කලවාන ප්‍රදේශයේ පැවති ජන රැලියකට එක්වෙමින් නාමල් රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.
බ්‍රිතාන්‍ය විසින් පැහැදිලි අවදානමක් සහිත ආයුධ ඊශ්‍රායලයට විකිණීම අත්හිටුවා තිබේ. අදාළ ආයුධ ජාත්‍යන්තර නීතීය උල්ලංඝනය කිරීමට භාවිත කළ හැකි බැවින් බ්‍රිතාන්‍ය මෙම තීරණය ගෙන ඇති බව සඳහන්ය. බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඩේවිඩ් ලැමී ප්‍රකාශ කර ඇත්තේ බ්‍රිතාන්‍ය විසින් ඊශ්‍රායලයට ලබාදී තිබූ ආයුධ අපනයන බලපත්‍ර 350න් 30ක් අත්හිටුවීමට තිරණය කර ඇති බවය. ප්‍රහාරක ජෙට් යානා, හෙලිකොප්ටර් සහ ඩ්‍රෝන යානා සඳහා වන අමතර කොටස් එම තහනමට ලක්වූ ආයුධ අතර වන බව සඳහන්ය.
අමෙරිකාවේ චිකාගෝ හි දුම්රියක් තුළ දී පුද්ගලයින් සිව්දෙනෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, තිදෙනෙකු එම ස්ථානයේ දීම මියගොස් ඇති අතර අනෙක් පුද්ගලයා රෝහලක් වෙත ඇතුළත් කිරීමෙන් පසු මියගිය බවය. වෙඩි තැබීම සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු ගිනිඅවිය සමඟ එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ. වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. 2024 වසරේ මේ දක්වා අමෙරිකාවේ සමූහ වෙඩි තැබීම් 378ක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ජපානය විසින් මේ වන විට ශ්‍රී ලාංකිකයින්ට ලබාදී ඇති රැකියා ක්ෂේත්‍රවලට අමතරව තවත් ක්ෂේත්‍ර රැසක රැකියා අවස්ථා විවෘත කිරීමට ජපානය එකඟ වී ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා. මේ අනුව ශ්‍රී ලාංකිකයින්ට ජපානයේ ඉදිකිරීම්, සාත්තු සේවා, නිෂ්පාදන, මෝටර් රථ කාර්මික ශිල්ප හා ඇසුරුම් සේවා වැනි ක්ෂේත්‍රවල රැකියා අවස්ථා ලබාදීමට ජපන් රජය විසින් එකඟ වී ඇති බව ද සදහන්. එමෙන්ම ශ්‍රී ලාංකිකයින්ගේ අවශ්‍යතාවයට සරිලන පරිදි පුහුණු කිරීම් මෙම දිනවල සිදුකරන බවටයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට අද දිනයේදී මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මීට අමතරව වයඹ පළාතට මෙන්ම මහනුවර, නුවරඑළිය දිස්ත්‍රික්කවලට ද විටින් විට වැසි ඇතිවිය හැකි බවයි. එමෙන්ම මධ්‍යම කඳුකරයට තද සුළං ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළා.
ශ්‍රී ලංකාවේ සමිත දුලාන් මෙවර පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ එෆ් 64 හෙල්ල විසිකිරීම පිරිමි ඉසව්වේ රිදී පදක්කම දිනා ගනු ලැබුවා. ඒ, නව ලෝක වාර්තාවක් ද සමගින්. සමිත දුලාන් පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ එෆ් 64 හෙල්ල විසිකිරීම පිරිමි ඉසව්වට එක්වූ අතර මීටර 67 යි දශම 0යි 3 ක දක්ෂතාවයක් ප්‍රදර්ශනය කළ ඔහුට හිමිවුණේ රිදී පදක්කමයි. එෆ් 64 කාණ්ඩයේ ක්‍රීඩකයන්ගේ ආබාධ වලට අනුව ඔවුන් තවදුරටත් එෆ් 42, 44, 62 සහ 64 ලෙස වර්ග කර තිබෙනවා. ඒ අනුව එෆ් 44 කාණ්ඩයට ඇතුළත්ව සිටි සමිත දුලාන්ගේ දක්ෂතාව එම කාණ්ඩයේ ලෝක වාර්තාවක් ලෙස සටහන් වුණා. මින් පෙර එහි ලෝක වාර්තාව සතු වූයේ ද සමිත දුලාන්…
පසුගිය සෙනසුරාදා ගාසා තීරයේදී මියගිය ප්‍රාණ ඇපකරුවන් හය දෙනා බේරා ගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු එරට වැසියන්ගෙන් සමාව ඉල්ලා තිබෙනවා. ඔහු මේ බව කියා සිටියේ දහස් ගණනක ඊශ්‍රායල ජනතාවක්, අගමැතිවරයා සහ ඔහුගේ රජයට විරෝධය පළ කරමින් රට පුරා වීථි බැස දෙවන දිනටත් විරෝධතා ක්‍රියාත්මක කිරීම ආරම්භ කිරීමෙන් පසුවයි. හමාස් සංවිධානය විසින් ගාසා තීරයේ රඳවාගෙන සිටි ප්‍රාණ ඇපකරුවන් හය දෙනෙකුගේ මළ සිරුරු ඊශ්‍රායල සොල්දාදුවන් විසින් සොයා ගැනීමෙන් අනතුරුවයි මෙලෙස ජනතාව වීදී බැස ඇත්තේ. විරෝධතාකරුවන් චෝදනා කළේ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරගැනීමේ සාකච්ඡා නිවැරදි ආකාරයට නොකිරීම හේතුවෙන් මෙම තත්ත්වය උදා වූ බවයි.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222