Author: Dhanushka

ගම්පොල පුස්සැල්ලාව ප්‍රදේශයේදී එල්ල වූ බඹර ප්‍රහාරයකින් පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පුස්සැල්ලාව පොලිසිය පවසනවා. මෙලෙස මියගොස් අත්තේ 8 හැවිරිදි පුස්සැල්ලාව බ්ලැක්ෆොරස් වත්තේ පදිංචි පාසල් සිසුවෙක්. මෙම සිසුවාගේ මව පියා සහෝදරයා ඇතුළු අට දෙනකු බඹර ප්‍රහාරයට ලක්ව ඉන් 6 දෙනෙකු ගම්පොළ සහ වහුගපිටිය රෝහල්වලට ඇතුළත් කර තිබෙනවා. ගම්පොළ නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ මොවුන්ගේ නිවස අසල ඇති විශාල මාර ගසක බඹර වද 6ක් පමණ බැඳ ඇති අතර ඉන් එක් කූඩුවක මැස්සන් ඇවිස්සී මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ. මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා පේරාදෙණිය රෝහල තැන්පත් කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් පුස්සැල්ලාව පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදු…

තව කියවන්​න

සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙකුගේ ප්‍රධානතම ගෝලයෙකු ලෙස හැදින්වෙන පියුම් හස්තික නොහොත් පියුමා ලබන මස 19 වනදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. සැකකරු සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්විමේ පනත යටතේ සිදුකළ විමර්ශන අවසන් බවත් උද්ධෘත නීතිපති උපදෙස් සඳහා යොමුකළ ද  මෙතෙක් ලැබී නැති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියා. මේ අතර නාමල් කුමාර සහ අසේල නුවන් රාජපක්ෂ යන අය ලබන 11 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. අගරදගුරු හිමියන්ට අපහාස කිරීම සහ කතෝලික ජනතාව කෝප ගැන්වෙන අයුරින් ප්‍රකාශ නිකුත් කිරිමේ චෝදනාවටයි ඔවුන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණේ.

තව කියවන්​න

ස්ටීව් ස්මිත් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ ලකුණු 10,000 කඩයිම අද පසු කිරීමට සමත් වුණා. ඒ ශ්‍රී ලංකාවට එරෙහිව ගාල්ලේ දී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී යි. ඒ අනුව ඔස්ට්‍රලෙියානු ටෙස්ට් කණ්ඩායමේ වත්මන් නායක ස්ටීව් ස්මිත් ඉතිහාසයට එක් වන්නේ ඔස්ට්‍රලෙියාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු 10,000 සීමාවට ළඟා වූ සිව් වැනි ක්‍රීඩකයා ලෙසයි. මීට පෙර එම දස්කම ඔස්ට්‍රලෙියාවේදී දක්වා තිබුණේ රිකී පොන්ටින්, ඇලන් බෝඩර් සහ ස්ටීව් වෝ යන ක්‍රීඩකයන් විසින් මේ අතර ටෙස්ට් පිටියේ ලකුණු 10,000 සීමාවට ළඟා වූ 15 වැනි ක්‍රීඩකයා ද වන්නේ ස්ටීව් ස්මිත්. එම දස්කම පෑමට ස්ටීව් ස්මිත් ටෙස්ට් තරග 115කට ක්‍රීඩා කර තිබුණා.

තව කියවන්​න

අඩු කළ විදුලි ගාස්තුවේ සහනය ඒ ඒ ව්‍යාපාරික සහ වෙනත් ආයතනවලින් ජනතාවට නිසිලෙස ලැබෙන්නේ ද යන්න පිළිබඳ සොයා බලන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා. එහි සන්නිවේදන අධක්ෂ ජයනාත් හේරත් කියා සිටියේ මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් අනිද්දා පැවැත්වෙන බවයි. එම සාකච්ඡාව සඳහා ලංකා වාණිජ මණ්ඩලය, වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය, ශ්‍රී ලංකා හෝටල්කරුවන්ගේ සංගමය, ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය, ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලය සහ ඒකාබද්ධ ඇගලු‍‍ම් සංගම් සංසඳය කැඳවා තිබෙනවා. පසුගිය 17වනදා මධ්‍යම රාත්‍රී සිට ඉදිරි මාස 6ක කාලයක් සඳහා විදුලි ගාස්තුව සියයට 20 කින් අඩු කිරීමට පියවර ගැනුණා.

තව කියවන්​න

අධ්‍යයන පොදු සහතික පත්‍ර 2024  සාමාන්‍ය පෙළ විභාගයට අදාළ කාලසටහන විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව 2025 මාර්තු මස 17 වනදා සිට විභාගය ආරම්භ වනු ඇති. එම කාලසටහන පහතින් දැක්වෙනවා.

තව කියවන්​න

වසර 144 කට පසු ඉන්දියාවේ පැවැත්වෙන මහා කුම්භමේලා පූජාවේදී ඇති වූ අධික තෙරපුම හේතුවෙන් විශාල බැතිමතුන් පිරිසක් මියගොස් තිබෙනවා. එමෙන්ම මෙහිදී තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි ඉන්දීය වාර්තා සඳහන් කළේ. මෙම පූජාව සඳහා අද අළුයම වනවිට කෝටි 10ක පමණ බැතිමතුන් පිරිසක් එක්ව සිටියා. වසර 12කට වරක් කුම්භමේලා පූජාව පැවැත්වෙන අතර ගංගා, යමුනා සහ හින්දු පුරාවෘත්තවල එන සරස්වතී නමැති ගංගා ත්‍රිත්වය එකිනෙක හමුවන ස්ථානයේ ස්නානය කරමින් පව් කමාකර ගත හැකි බවත්, ආත්මය පවිත්‍රතාවය ඇති වෙන බවත් හින්දු බැතිමතුන්ගේ විශ්වාසයයි. වසර 144කට වරක් පැවැත්වෙන මහා කුම්භමේලා පූජාව සඳහා ලොව නන්දෙසින් පිරිස් පැමිණෙනවා.

තව කියවන්​න

ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ජාතික නිදහස් පෙරමුණට ලබාදුන් වාහන අවභාවිතා කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු පිරිසකට එරෙහිව පවරා ඇති නඩුව නීතිපති උපදෙස් සදහා ජුනි මස 25 යළි කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය අද  නියෝග කළා. මෙම සිද්ධියේ ඇප මත මුදා හැර ඇති ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහමඩ් මුසම්මල්, ඇතුලු පස් දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව විවෘත අධිකරණයේ කැඳවූ අවස්ථාවේදී නීතිපති උපදෙස් සදහා යොමු කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියා. මෙම සිද්ධියට අදාළව ඇප මත සිටින, ජාතික නිදහස් පෙරමුණු මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල්, සරත් වීරවංශ, සේනාරත්න ද සිල්වා…

තව කියවන්​න

කොළඹ, යාපනය සහ ත්‍රිකුණාමලය ආදී ප්‍රදේශ වල වායු ගුණතත්වය තවදුරටත් අයහපත් මට්ටමක පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. කෙසේ වෙතත් දිවයිනේ සෙසු ප්‍රදේශවල එම තත්වය යහපත් මට්ටමක පවතින බවයි එම සංවිධානයේ අධ්‍යක්ෂ සරත් ප්‍රේමසිරි මහතා  සඳහන් කළේ.

තව කියවන්​න

ඔස්ටේ්‍රලියාව සහ ශ්‍රී ලංකාව අතර ගාල්ලේදී අද ආරම්භ වූ ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ප්‍රධාන මාධ්‍ය මෙහෙයුම්කරු වන බංග්ලාදේශ ජාතික, පන්ව්ර් අහමඩ් හට පහරදීමක් සිදු කර තිබෙනවා. මෙම සිද්ධියට සම්බන්ධ රියදුරෙකු මේ වන විට හික්කඩුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ. පන්වීර් අහමඩ් හට ප්‍රවාහන පහසුකම් ලබා දෙන බස් රථයේ රියදුරු සමග සිදු වූ බහින්බස්වීමක් දුරදිග යාම මෙම පහර දීමට හේතුව බවයි පොලිසිය පවසන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව පොලිසිය විසින් බස් රථ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තව කියවන්​න

රජයේ රෝහල්වල රාජකාරී වේලාවෙන් පසු සිදුකරන සැත්කම් සඳහා දිරි දීමනාවක් ලබාදීමට ජනාධිපති අරමුදල තීරණය කර තිබෙනවා. මෙම වසර සඳහා ජනාධිපති අරමුදලේ පාලක සභාව ඊයේ දින පළමු වරට රැස්වූ අවස්ථාවේදී මෙම තීරණයට එළඹුණා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී රැස්වූ ජනාධිපති අරමුදල් පාලක සභාව සදහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ජනාධිපති අරමුදලේ ලේකම් රෝෂන් ගමගේ ඇතුළු පිරිසක් එක්ව සිටියා. එහිදී ජනාධිපති අරමුදලේ ප්‍රතිලාභ සැබවින්ම ජනතාවට ලැබෙන අන්දමින් කාර්යක්ෂම කිරීම සඳහා සැලසුම් සකස් කිරීම, පවතින ගැටලු හඳුනා ගනිමින් ඒවාට විසඳුම් ලබාදීම පිළිබඳව ද සාකච්ඡා කර තිබෙනවා.

තව කියවන්​න