Author: Dhanushka

අයි.සී.සී ටෙස්ට් නවතම ශ්‍රේණිගත කිරීම්වල තවදුරටත් පළමු ස්ථානයේ රැදී සිටීමට ඔස්ටේ්‍රලියානු කණ්ඩායම සමත්ව තිබෙනවා. ශ්‍රේණිගතකිරීම් හි දෙවන ස්ථානය ඉන්දියාවටත්, තුන්වන ස්ථානය එංගලන්තයටත් හිමිව තිබෙනවා. එහිදි ශ්‍රී ලංකාවට එහි හිමිව ඇත්තේ 06 වැනි ස්ථානයයි. එමෙන්ම ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවති දෙවන ටෙස්ට් තරගයේදී කඩුලු 8 ක් දවා ගත් අසිත ප්‍රනාන්දු පළමු වරට පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම් හි පළසු දස දෙනා අතර එක්ව තිබෙනවා. මේ අතර, ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තුන්වන සහ අවසන් ටෙස්ට් තරඟය හෙට ආරම්භ වනවා. තරගාවලියේ මින් පෙර පැවති තරග දෙකෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය පත් වුණා.

තව කියවන්​න

අමෙරිකාවේ ජෝර්ජියා ප්‍රාන්තයේ 14 හැවිරිදි පාසල් සිසුවෙකු සිදු කළ වෙඩි තැබීමකින් සිව්දෙනෙකු මියගොස් තිබෙනවා. වෙඩි තැබීමෙන් තවත් පුද්ගලයින් නව දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ. අමෙරිකාවේ ජෝර්ජියා ප්‍රාන්තයේ උසස් පාසලක මෙම වෙඩිතැබීම සිදුකර ඇති අතර මියගොස් ඇත්තේ එම පාසලේ ඉගෙනුම ලැබු සිසුන් දෙදෙනෙකු සහ ගුරුවරුන් දෙදෙනෙකු බවයි වාර්තා වන්නේ. වෙඩිතැබීම සිදුකළ එම පාසලේම 14 හැවිරිදි පාසල් සිසුවා එරට ආරක්ෂක අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තව කියවන්​න

දීර්ඝ කාලයක සිට හෙරොයින් ජාවාරමේ යෙදුන කාන්තාවක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසනවා. ගෝනහේන කදවුරේ නිලධාරන්ට ලැබුණු තොරතුරක් මත ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ ගැමුණු මාවත ප්‍රදේශයේදී වැටලීම සිදු කරනු ලැබුවා. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඇය සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 5 යි මිලිග්‍රෑම් 750 ක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් විසිපන්දහසක මුදලක් ද සොයා ගැනුණා

තව කියවන්​න

මේ වන විට ඩෙංගු උවදුර යලි හිස ඔසවමින් යන තත්ත්වයක් නිරීක්ෂණය වන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසනවා. එය තවදුරටත් වැඩිවෙමින් පැවතියහොත් වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් පවතින බවටයි ඔහු අනතුරු අගවන්නේ.

තව කියවන්​න

පාදුක්ක වටරැක ප්‍රදේශයේ පිහිටි විදුලි උපකරණ නිෂ්පාදන ආයතනයකින් අද (04) ලබා දුන් ආහාරයක් අසාත්මික වීමෙන් එහි සේවක සේවිකාවන් හතළිස් තුන් දෙනකු ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ බව මීගොඩ පොලිසිය පවසයි. ඒ අතර කාන්තාවන් විසි පස් දෙනෙකු හා පුද්ගලයින් දහ අට දෙනෙකු වන බවත් ඔවුන් අවුරුදු 20 – 40 අතර වයසේ පසු වන්නන් බවත් පොලිසිය කියයි. මෙම සේවක සේවිකාවන්ට ආයතනය තුළ පිහිටි ආපනශාලාවෙන් උදෑසන ආහාරය ලබාදී ඇති අතර එය අනුභව කිරීමත් සමඟ වමනය , ක්ලාන්ත ගතිය,  උදරයේ ආබාධ ඇතිව තිබේ.

තව කියවන්​න

නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා අද සිට පාර්ලිමේන්තුවේදී ස්වාධීන වන බවට ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින්. ඔහු එහිදි කියා සිටියේ ජාතික ජනබලවේගය එක් වී ඇති අශුද්ධ සන්ධානයට එරෙහිව පෙනී සිටින කුමන හෝ කණ්ඩායමකට තමන් සහය පළ කරන බවයි.

තව කියවන්​න

මෙවර ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා මෙරටට පැමිණ සිටින යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂකයින් උතුරේ සංචාරයක නිරත වනවා. උතුරේ විවිධ ප්‍රදේශවල දේශපාලන රැළි පිළිබදවද ඔවුන්ගේ නිරීක්ෂණයට ලක්ව ඇති බව සදහන්. එහිදී ස්වෙච්ඡා සංවිධාන නියෝජිතයන් සහ දේශපාලන පක්ෂවල ප්‍රාදේශීය නායකයන් ද මොවුන් හමුව ඇති බවයි වාර්තා වන්නේ.

තව කියවන්​න

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් මෙම සතියට අදාළව තෝරාගත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල පරාසයන් නිකුත් කර තිබෙනවා. ඒ අනුව තිරිඟු පිටි කිලෝවක් රුපියල් 162 සිට 184 දක්වා මිලකටත්, සුදු සීනි කිලෝවක් රුපියල් 235 සිට 264 දක්වා මිලකටත්, පරිප්පු කිලෝවක් රුපියල් 270 සිට 303 දක්වාත් මිල සටහන් වන බවයි එම අධිකාරිය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. එමෙන්ම ආනයනික අර්තාපල් කිලෝවක් රුපියල් 180 සිට 232 අතර මිලකටත්, සුදු බිත්තරයක් රුපියල් 40 සිට 44 දක්වා මිලකටත් විකිණිය යුතු වනවා. එමෙන්ම සම්පූර්ණ යොදය සහිත කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 910 සිට 1050 ත් අතර මිලකට විකිණිය යුතු බවයි පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය අදාළ නිවේදනයෙන්…

තව කියවන්​න

වර්තමානයේ පවතින තත්ත්වය අනුව මෙම වසර අවසන් වන විට මෙරට ඩෙංගු රෝගීන්ගේ ව්‍යාප්තිය වැඩිවනු ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එමෙන්ම රට පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශ 29 ක් ඩෙංගු අවදානම් කලාප වශයෙන් හඳුනාගෙන තිබෙනවා. වසරේ ගත වූ කාලය තුළදී ඩෙංගු රෝගීන් 36,642 ක් මෙරටින් වාර්තා වී ඇති බවයි ඩෙංගු මර්ධන ඒකකය පවසන්නේ. එමෙන්ම ගත වූ කාලය තුළ ඩෙංගු රෝගයෙන් පුද්ගලයින් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවද සදහන්.

තව කියවන්​න

2025 අයි සී සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය පැවැත්වෙන දිනය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිවේදනය කර තිබෙනවා. ඒ අනුව එළඹෙන වසරේ ජුනි 11 වන දා සිට 15 වන දා දක්වා ලන්ඩන් නුවර ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී එය පැවැත්වීමට නියමිතයි. අවශ්‍ය වුවහොත් අතිරේක දිනයක් ලෙස ජුනි 16 වන දා යොදා ගැනීමට නියමිතව ඇති බව ද සදහන්.

තව කියවන්​න